ගිහිබන්ධනය භාණ්ඩවල ආශාවයි. ගිහි සංයෝජන අත්නොහැර දුක් කෙළවර කිරීමක් නම් නැත. සන්තතිමහා මාත්‍රයා උග්ගසේන සිටු පුත්‍රයා මීතසේත දාරකයා ගිහිබවෙහි සිටම රහත්බවට පත්වුහ. ඔවුහු මාර්ගයෙන් සියලු සංස්කාරයන්හි ආශාව වියලවාම රහත්බවට පත්වූහ. එසේ පැමිණ ගිහිබවෙන් නොසිටියහ. මේ ගිහිබව වනාහි හීනය උතුම් ගුණ දැරීමට නොහැකිය. ඒනිසා එහි සිටියේ රහත්බවට පැමිණ එදවසම එක්කෝ පැවිදිවෙයි නැතහොත් පිරිනිවන් පායි. බුමාටු දෙවියෝ නම් සිටිති. කුමක්නිසාදයත් සැඟවී සිටීමට ආකාශය ඇති බැවිනි. සෙසු කාමභාවයන්හි මනුෂ්‍යයන් අතර සෝවාන් ආදී ඵලයන්ට පැමිණියාහු සිටිති. කාමාවචර දෙවියන් අතර සෝවාන් වුවෝද සකෘදාගාමීහුද සිටිති. අනාගාමි වුවෝද ක්ෂීණාශ්රවයෝද නොසිටිති. කුමක්නිසාදයත් ඒ ස්ථානය ප්රමාදී ජනයාට නිවාසස්ථානයකි. එහි ඔවුන්ට විවේකයට සුදුසු සැඟවුණු තැනක් නැත. මෙසේ එහිදී ක්ෂීණාශ්රව තෙමේ පිරිනිවන්පායි අනාගාමියා චුතවී සුද්ධාවාසයෙහි උපදී. කාමාවචර දෙවියන්ට ඉහළ ආර්යයෝ සතරදෙන සිටිත්.
මැදුම් සඟිය අටුවාව/මජ්ඣිම පණ්ණාසකය අටුවාව/පරිබ්බාජක වර්ගය/ තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍ර වර්ණනාව