මෙහි වනාහි පිරිත් පිළිවෙත් කිව යුතුය. පළමුවෙන්ම ආටානාටි සූත්‍රය නොකිව යුතුය. මෙත්තෙසූත්‍රය, ධජග්ග සූත්‍රය, රතන සූත්‍රය යන මේ සූත්‍ර දින හතක් කිව යුතුය. එයින් මිදේ (අමනුෂ්‍ය කරදර දුරුවේ) නම් යහපත්ය. නො මිදේ නම් ආටානාටිය සූත්‍රය කිව යුතුය. එය දේශනා කරන භික්ෂුව පිටි හෝ මස් හෝ නො කෑ යුතුය. සොහොනෙහි නොවිසිය යුතුය. කුමක් හෙයින්ද? අමනුෂ්‍යයන්ට ඉඩ ලැබෙන නිසාය. පිරිත් කරන තැන කොල පැහැ ආලේප කොට පිරිසිදු ආසන පණවා හිඳගත යුතුය.
පිරිත් කරන භික්ෂුව විහාරයෙහි සිට ගෙදරට වැඩමවන විට පලිස් ආවුධ පිරිවරා වැඩම විය යුතුය. අභ්‍යවකාසයෙහි සිට නොකිව යුතුය. දොර ජනෙල් වසා ආවුධ ගත් අය පිරිවරා මෙත්සිත පෙරටු කොට කිව යුතුය. පළමුව ශික්ෂාපද සමාදන් කරවා සීලයෙහි පිහිටි අයත් පිරිත් කිව යුතුය. මෙසේ ද මිදවීමට නොහැකි වන්නා විසින් විහාරයට පමුණුවා සෑ මළුවෙහි වැදහොවා ආසන පූජාව කරවා පහන් දල්වා සෑ මළුව ඇමද මංගල ගාථා කිව යුතුය. සියළු දෙනා රැස් වී ගෝසා කළ යුතුය. විහාර උපවනයෙහි දෙටු රුකක් වේ. එහි භික්ෂු සංඝයා ඔබට සත්කාර කරති යයි යැවිය යුතුය. සියළු දෙනා රැස්වන තැන අනාගතයක් නොලැබේ. ඉක්බිති අමනුෂ්‍ය ගන්නා ලද ඔබ කිනම් වේදැයි විචාල යුතුය. නම කී කල නමින් ම ආමන්ත්‍රණය කළ යුතුය. මේ නම ඇති ඔබට සුවඳ මල් පූජා ආදියේ පින, ආසන පූජාවෙහි පින, පිණ්ඩපාතයෙහි පින භික්ෂු සංඝයා විසින් ඔබට පඬුරු පිණිස මහාමංගල ගාථා දේශනා කරන ලදී. භික්ෂු සංඝයා කෙරෙහි ගෞරවයෙන් මොහු මුදවයි කියා මිදවිය යුතුය. එයින් ද නොමුදවා නම් දෙවියන්ට දැන්විය යුතුය. දෙව්වරුනි ඔබලා දැනගන්න. මේ අමනුෂ්‍යයා අප කියන දේ නො අසයි. අපි බුදු අණ කරන්නෙමු. යයි පිරිත් කළ යුතුය. මෙසේ මේ ගිහියන්ගේ තේවාවය. ඉදින් භික්ෂු කෙනෙක් අමනුෂ්‍යයකු විසින් ගන්නා ලද්දේ නම් ආසන සෝදා සියල්ල රැස් වී ඝෝෂා කොට සුවඳමල් පූජාඵල පින් දී පිරිත් කිව යුතුය. මේ භික්ෂූන්ගේ තේවාවයි.