Skip to content

චෝදනාව පිළිබඳ මුල් දෙක:

සත්‍යයෙන්.
අසත්‍යයෙන්.

චෝදනාව පිළිබඳ වස්තු තුන:

දැකපු නිසා.
අසපු නිසා.
සැකයෙන්.

කවර අයුරකින් චෝදනා කෙරේ ද?:

කයින් චෝදනා කෙරෙයි.
වචනයෙන් චෝදනා කෙරෙයි.

චෝදනාව කරන්නා විසින් මෙම කරුණු පස තමා කෙරෙහි තබා ගෙන අනෙක් කෙනාට චෝදනා කළ යුත්තේ ය (චෝදනාව පිළිබඳ භූමි පස)

සුදුසු කල්හි කියන්නෙමි නො සුදුසු කල්හි නො කියන්නෙමි,
“මෙහි චූදිතයාගේ කාලය කියන ලදි, චෝදනාව  කරන්නාගේ කාලය නොවේ, අනෙකෙකුට චෝදනා කරන්නා විසින් පිරිස මැද, ආහාර ගන්නා අවස්ථාවේ හෝ යම් වැඩක නිරත ව සිටින විට චෝදනා නො කළ යුතු ය, විවේක වෙලාවක චෝදනා කරන්නා විසින් අවසර ගෙන චෝදනා කළ යුතු ය”

සත්‍යයෙන් කියන්නෙමි, අසත්‍යයෙන් නො කියන්නෙමි.

මොළොක් බසින් කියන්නෙමි රළු බසින් නො කියන්නෙමි.

අර්ථ සහිත ව කියන්නෙමි, අර්ථ රහිත ව නො කියන්නෙමි.

මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි.