ජීවිතං ව්‍යාධි කාලො ච දෙහනික්‍ඛෙපනං ගති
පඤ්චෙතෙ ජීවලොකස්මිං අනිමිත්තා න ඤායරෙ”
(ජීවිතය, ව්‍යාධිය, (මැරෙන) කාලය, මරණය, (මරණින්) මතු යන තැන යන මේ පහ ජීව ලෝකයෙහි නිමිති නොමැති ඒවා ය. නො දත හැක්කේ ය.)
එහි ජිවිතය “මෙතෙක් පමණි. මින් ඉදිරියට නැතැයි නියම කළ නො හැකි බැවින් අනිමිත්ත’ ය. කලල කාලයෙහි ද සත්ත්වයෝ මැරෙති, අර්බුද, පෙශි, ඝන, මාසය, දෙමස, තුන් මස, සිව් මස, පස් මස, දස මස කාලයෙහි ද, කුසෙන් බිහිවන කාලයෙහි ද ඉන් පසු වසර සියයක් ඇතුළත හෝ ඉන් අනතුරු ව ද මැරෙත් ම ය.
ව්‍යාධිය ද “මේ ව්‍යාධියෙන් (පමණක්) ම සත්ත්වයෝ මැරෙති, වෙනෙකකින් නො වේ” යි නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. ඇස් රෝගවලින් ද සත්ත්වයෝ මැරෙති, කන් රෝග ආදියෙන් හෝ මැරෙති;
කාලය ද “මේ කාලයෙහි ම මළ යුතු ය, වෙනත් කාලයක නො වේ” යි මෙසේ නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. පෙරවරුයෙහි දී ද සත්ත්වයෝ මැරෙති, මද්දහන, සවස් ආදී වෙනත් අවස්ථාවක දී ද මැරෙති. මිය යාම ද “මෙහි ම මිය යන්නවුන්ගේ දේහය බහා ලිය යුතු ය, වෙනත් හැටියකට නො වේ” යි මෙසේ නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. ගම ඇතුළත උපන්නවුන්ගේ ආත්ම භාවය (සිරුර) ගමෙන් බැහැර ව ඇද වැටෙයි, ගමෙන් පිට උපන්නවුන්ගේ (ආත්ම භාවය) ගම තුළ වැටේ. එසේ ම ගොඩ බිමේ උපන්නවුන් ජලයෙහි ද, ජලයෙහි උපන්නවුන් ගොඩ බිමෙහි ද යනුවෙන් අනේක ප්‍රකාර ලෙස විස්තර කළ යුතු ය.
“ගති’ (යන තැන) ද මෙයින් චුත ව මෙහි ඉපදිය යුතු ය යනුවෙන් මෙසේ නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. දෙව් ලොවින් චුත වූවෝ මිනිසුන් අතර ද පහළ වෙති, මිනිස් ලොවින් චුත වූවෝ දෙව් ලොව ආදී කොතැනක හෝ පහළ වෙති. මෙසේ යන්ත්‍රයෙහි යෙදූ ගොනා මෙන් ගති පංචක ලෝකය පරිවර්තනය වෙයි. එසේ පරිවර්තනය වන බැවින් “මෙනම් කාලයෙහි මරණය වන්නේ ය” යි මැරෙන කාලය මම නො දනිමි