සම්මාදිට්ඨියා සමන්නාගතාති එත්ථ කම්මස්සකතසම්මාදිට්ඨි, ඣානසම්මාදිට්ඨි, විපස්සනාසම්මාදිට්ඨි, මග්ගසම්මාදිට්ඨි, ඵලසම්මාදිට්ඨීති පඤ්චවිධා සම්මාදිට්ඨි. තත්ථ කම්මස්සකතසම්මාදිට්ඨි සම්පත්තිභවං ආකඩ්ඪති, ඣානසම්මාදිට්ඨි රූපාරූපභවෙ පටිසන්ධිං දෙති, මග්ගසම්මාදිට්ඨි වට්ටං විද්ධංසෙති, ඵලසම්මාදිට්ඨි භවං පටිබාහති. විපස්සනාසම්මාදිට්ඨි කිං කරොතීති? සාපි පටිසන්ධිං නාකඩ්ඪති. තිපිටකචූළාභයත්ථෙරො පනාහ “සචෙ විපස්සනාසම්මාදිට්ඨි භාවිතා දිට්ඨෙව ධම්මෙ අරහත්තං පාපෙතුං සක්කොති, ඉච්චෙතං කුසලං. සචෙ න සක්කොති, සත්ත භවෙ දෙති, ආවුසො”ති. එවමයං ලොකියලොකුත්තරා සම්මාදිට්ඨි කථිතා. ඉමස්මිං පනත්ථෙ ලොකිකා භවනිප්ඵාදිකාව වෙදිතබ්බා.
සම්මාදිටඨියා සමන්නාගතා යනු මෙහි 1) කම්මාසස්කත සම්මාදිට්ඨි, 2) ඣානසම්මාදිට්ඨිය, 3) විපස්සනා සම්මාදිට්ඨි, 4) මග්ගසම්මාදිට්ඨි, 5) ඵලසම්මාදිට්ඨි යනුවෙන් සම්‍යක්දෘෂ්ටිය පස්ආකාරය. එහි කම්මස්සකත සම්මාදිට්ඨිය සම්පත්ති භවය අදියි (කැඳවයි.) ඣානසම්මාදිට්ඨිය රූපාරූප භවයන්හි ප්රතිසන්ධිය දෙයි. මග්ගසම්මාදිට්ඨිය සංසාරවෘතය විනාශකරයි. ඵලසම්මාදිට්ඨිය භවය මැඬලයි. විපස්සනා සම්මාදිට්ඨිය කුමක් කෙරේද? එයද ප්රතිසන්ධිය නොඅදියි. ත්‍රපිටක චූලාභය තෙරුන්වහන්සේ ‘ඇවැත්නි, ඉදින් විපස්සනා සම්මාදිට්ටිය වඩනා ලද්දේ ඉහාත්මයෙහිම රහත්බවට පැමිණවීමට හැකිය යන මෙය මැනවි. ඉදින් නොහැකි වුවහොත් භවසතෙක්හි දෙතැ’යි කීහ. මෙසේ මේ ලෞකික ලෝකෝත්තර සම්‍යක්දෘෂ්ටිය කියනලදී. මෙහි වනාහි ලෞකිකවූ භවය ඇති කරන සම්‍යක් දෘෂ්ටියම දත යුතුය.