යම් පුද්ගලයකුට රහත් වන තෙක්ම අකුසල් සිදු විය හැකියි. එම නිසා යම් පව් ප්‍රමාණයක් සිදු වන බව පිළිගත යුතු ය .
නමුත් සෝතාපන්න වූ පුද්ගලයා ගේ පටන් අපායගාමී අකුසල කර්ම සිදු නො කරයි.
සෝතාපන්න පුද්ගලයා කාමයන් සේවනය කරයි යනු ;
විවාහ වෙයි, දරුවන් බිහි කරයි යනාදී කර්ම සාමාන්‍ය පුද්ගලයන් ගේ වශයෙන් විශේෂ අකුසලයක් නොවුනත් රාගය සහිත බැවින් අකුසල්ය.
සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අවම වශයෙන් තිසරණ සහිත පංච ශීලය දිවි හිමියෙන් රකියි. කුරා කූහුඹියෙකුවත් නො මරයි. තණකොළයක් හෝ සොරකම් නො කරයි. කාමයෙහි වරදවා නොහැසිරෙයි, විහිළුවකටවත් බොරුවක් නො කියයි , අතපසු වීමකින් හෝ මත්පැන් නො බොයි.
පැවිදි වූ ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේ උපසම්පදා සීලය ම රකී.
මෙකල බොහෝ දෙනෙක් සෝතාපන්න ආර්යයන් වහන්සේ පස් පව් කරන බවට ප්‍රකාශ කරමින් බොහෝ අකුසල් රැස් කර ගනියි. මෙකල පෙනී සිටින ව්‍යාජ ආර්යයන් වහන්සේලා සියලු පව් කරන බැවින් එම කර්ම වසා ගැනීමට සියලු ආර්යයන් වහන්සේලාට නිකරුණෙ දොස් නගයි. ඔවුන්ට අවීචියේ දොර විවෘත ව ඇත.
රතන සුත්‍රයේ තියෙන මෙම ධර්ම කරුණු ඉතා හොඳින් මජ්ඣිම නිකායේ පලවෙනි පොතේ කෝසම්බිය සූත්‍රයෙහි පෙන්වා දී ඇත.
කිඤ්චාපි සො කම්මං කරෝති පාපකං
( ඔහු යම් පාප කර්මයක් කරයි නම් )
කායේන වාචා උද චෙතසා වා
( කයින් හෝ වචනයෙන් හෝ හෝ නැවත සිතින් හෝ )
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
( ඔහු එය වැසීම අභව්‍යයි {සිදුනොවේ})
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
( සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේගේ අභව්‍ය බව {භාග්‍යවතුන් වහන්සේ විසින්} කියන ලදී )
රතන සූත්‍රයෙහි ඇති මෙම ධර්ම කරුණ, මජ්ඣිම නිකායෙහි මූල පඤ්ඤාසකයෙහි ( පළමු පොතේ )
කොසම්බිය සූත්‍රයෙහි ( 760 වෙනි පිටුවෙහි ) මෙසේ සඳහන් වේ.
ධම්‌මතා එසා, භික්‌ඛවෙ, දිට්‌ඨිසම්‌පන්‌නස්‌ස පුග්‌ගලස්‌ස –
( සෝතාපන්න පුද්ගලයාගේ මෙබඳු ධර්මතාවයක් වේ )
‘කිඤ්‌චාපි තථාරූපිං ආපත්‌තිං ආපජ්‌ජති, යථාරූපාය ආපත්‌තියා වුට්‌ඨානං පඤ්‌ඤායති,
( කිසියම් හෝ වරදකට පැමිණෙයි, යම් වරදකින් නැගිටීමක් පෙනෙන්නේ ද )
{ ඉන් කියැවෙන්නේ නිවැරදි කරගත හැකි වරදක් පමණක් කරන බව ය – අපායගාමී කර්ම නො කරන බව ය }
අථ ඛො නං ඛිප්‌පමෙව සත්‌ථරි වා විඤ්‌ඤූසු වා සබ්‍රහ්‌මචාරීසු දෙසෙති විවරති උත්‌තානීකරොති;
( ඉන් පසු වහ වහා භාග්‍යවතුන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් හට දෙසා විවෘත කර ඔසවා පෙන්වයි )
දෙසෙත්‌වා විවරිත්‌වා උත්‌තානීකත්‌වා ආයතිං සංවරං ආපජ්‌ජති’.
( දේශනා කර විවෘත කර ඔසවා පෙන්වා නැවත සංවරයට පැමිණෙයි )
සෙය්‍යථාපි, භික්‌ඛවෙ, දහරො කුමාරො මන්‌දො උත්‌තානසෙය්‍යකො හත්‌ථෙන වා පාදෙන වා අඞ්‌ගාරං අක්‌කමිත්‌වා ඛිප්‌පමෙව පටිසංහරති;
( යම් සේ මහණෙනි, ඉතා ලදරු වූ උඩුකුරු ව සයනය කරන්නා වූ කුමාරයෙකු
අතින් හෝ පයින් හෝ ගිණි අඟුරක් පාගා { ස්පර්ශ කර } වහ වහා { තම අත හෝ පය } ආපස්සට ගන්නේ ද )
මෙයින් කියැවෙන්නේ සෝතාපන්න පුද්ගලයා දවස් ගණන් වැරදි නොකරන බව ය. ඉතා සුළු වරදක් කළත් වහ වහා එය හෙළි කර නිවැරදි කර ගන්නා බව ය.
මෙම සූත්‍රයෙහි ඇති අනෙකුත් කරුණු වලින් පැහැදිලි වන්නේ – සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා –
1. මොන යම් කටයුත්තක යෙදුනත් තමාගේ අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හානියක් නොකර ගන්නා බව ය.
2. ත්‍රිපිටක ධර්මය දේශනා කරන කල්හි හොඳින් කන් යොමු කරමින් සිත එකඟ කර ගනිමින් හොඳින් මතක තබා ගනිමින් ශ්‍රවණය කරන බව ය.
3. ත්‍රිපිටක ධර්මය දේශනා කරන කල්හි අර්ථය සහ ධර්මය හොඳින් තේරුම් ගනිමින් සතුටින් අවබෝධ කර ගන්නා බව ය.
අද කාලයේ සිටින මං මුළා වූ ( ව්‍යාජ මාර්ග ඵල ඇත්තවුන් යැයි කියාගන්නා ) පුද්ගලයන් ට මෙම හැකියාවන් නැත.