පුණ්ණ සිටුවරයා

රජගහනුවර සුමන සිටුවරයාගේ සිටු මැදුරේ පුණ්ණ නම් දිළින්දා බැලමෙහෙකර ජීවත් වේ. උන්ගේ බිරිඳ උත්තරාය ඔවුන් හා දියණියද සිටියාය. මේ අතර දිනක් සත් දිනක් නැකැත් කෙළි පැවැත්විය යුතුයයි රජගෙදරින් අණක් නිකුත් වුනි. මෙය අසා සුමන සිටුවරයා උදේම පැමිණි පුණ්ණ අමතා දරුව අපේ සේවක ජනයා නැකැත් කෙළි කෙළිනු කැමතිය. ඔබ නැකත් කෙළියට කැමතිද නැතිනම් සේවය කරන්නේදැයි විමසීය. ස්වාමීනි නැකැත් ක්‍රීඩාව නම් ධනය ඇත්තවුන්ටය, නමුත් මගේ ගෙදර හෙට දිනය සඳහාද කැඳබත් නැත. මට නැකැත් කෙළියෙන් වැඩක් නැත. ගොනු ලැබේනම් මම සී සානු කැමැත්තෙමියි පැවසීය. එසේ නම් ගොණුන් ගන්නැයි පැවසීය. ඔහු ශක්තිමත් ගොනුන් ද නගුල ද ගෙන බිරිඳ අමතා – සොඳුර නාගරිකයෝ නැකත් උත්සව කරති. මම දිළිදු නිසා බැලමෙහෙ කිරීමට යන්නෙමි. මට ද අද දෙගුණයක් ආහාර පිළියෙළ කරගෙන ආහාර රැගෙන එන්නැයි බිරිඳට කියා කෙතට ගියේය.

සැරියුත් තෙරුණුවෝ ද සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැද එදින ඉන් නැගිට මම අද කාටනම් සංග්‍රහ කරන්නේදැයි බලන්නේ පුණ්ණ දිළින්දා තමන්ගේ නුවණ දැලට හසුවී මොහු ශ්‍රද්ධාවන්තයෙක්ද? මට සංග්‍රහ කිරිමට මොහුට හැකිවේදැයි බලන්නේ. ඔහුගේ සැදැහැති බවත් එනිසාම ඔහුට මහාසම්පත් ලැබෙන බවත් දැන පා සිවුරු ගෙන සීසාන තැනට වැඩමවා ඉවුරුබඩ එක් වන ගුම්භයක් බලමින් වැඩසිටියහ.

පුණ්ණ, සැරියුත් තෙරුන් දැක සීසෑම නවතා පසඟ පිහිටුවා වැඳ දත්මැදීමට කෝටු අවශ්‍ය දැයි සිතා දැහැටි කූරක් කැපකර පිළිගැන්විය. අනතුරුව තෙරුන් පාත්‍රය ද පෙරහන ද එළියට ගෙන දුන්නේය. ඔහු පැන් අවශ්‍යව ඇතැයි සිතා පැන් පෙරා දුන්නේය. තෙරුන් සිතූහ. මොහු අනුන්ගේ වෙනත් ගෙයක වාසය කරයි. ඔහුගේ ගෙදොරට යන්නෙ නම් මොහුගේ බිරිඳට මා දැකීමට නොහැකි වන්නේය. ඇය බත් අරක්ගෙන මගට පිවිසේද එතෙක් මෙහිම සිටින්නෙමියි සිතූහ. එසේ එහිම ටිකවේලාවක් කවා ඇය මගට පිළිපන්බව දැන ඇතුළු නුවර දෙස බලා වැඩම කළහ.

ඇය අතර මගදී තෙරුන් දැකමෙසේ සිතුවාය. බොහෝ දිනවල දෙය්‍ය ධර්ම ඇතිවිට දෙන්නට කෙනෙක් නැත. අනෙක් දිනවල දෙන්නට දෙයක් නොමැති විට ආර්යන් වහන්සේ දකින්නට ලැබේ. නමුත් අද දෙය්‍ය ධර්මය ද ආර්යයන් ද ඇත. මුන්වහන්සේට සංග්‍රහ කරන්නෙමියි ඇය බත් භාජනය බිම තබා පසඟ පිහිටුවා තෙරුන් වැඳ ස්වාමීනි මෙය රළු හෝ ප්‍රනීත හෝ වේවා නොසිතා ඔබවහන්සේ මේ දාසයාට සංග්‍රහ කරනු මැනවයි. පැවසූහ. තෙරුන් පාත්‍රය පෙන්වා ඇය එක අතකින් භාජනය ඔසවාගෙන එක් අතකින් බත් දෙනවිට බත් බාගයක් දෙන විට ප්‍රමාණවත් යයි පවසා අත වැසුවේය. ඇය ස්වාමීනි ! එක කොටසක් පමණක් නොසෑහෙවි. ඔබවහන්සේගේ දාසයාට මෙලොව ලෝක සංග්‍රහය නොකොට පරලොව සංග්‍රහ කරන්න. ඉතිරියක් නොමැතිවම දෙනු කැමැත්තෙමියි. පවසා සියළුම බත් පාත්‍රයේ තැබීය. තෙපි මෙලොවදිම ලාභී වෙත්වායි පැතුවාය. තෙරුන් වහන්සේ එසේ වේවායි පවසා සිටගෙනම අනුශාසනය කර ජල පහසුව තිබෙන තැනෙක වාඩිවී බත් කිස කළහ. ඇය ද නැවත සහල් සොයාගෙන බත පිසුවාය. පුණ්ණ ද අඩකිරියක් පමණ තැන් සී සා බඩගින්න ඉවසා ගැනීමට නොහැකිව ගොනුන් මුදවා එක් සෙවන තැනකට පිවිස මාර්ගය බලන්නේ වාඩිවි සිටියේය.

බිරිඳ ද බොහෝ ප්‍රමාදවීයයි පවසා කෝපයට පත්ව මට කෙවිටෙන් තලන්නේ නම් මගේ කුශල කර්මය නිර්ථක වේයයි කල් ඇතිවම ඔහුට දන්වන්නෙමියි. සිතා මෙසේ හඩනගා කීවේය. ස්වාමීනි අද පමණක් සතුටු වන්න මා කළ කර්මය නිර්ථක නො කරන්න. සිත පහදවා ගන්න. මම උදේම ඔබට බත් ගෙන එන්නේ අතර ධර්මසේනාපති සැරියුත් හිමි දැක ඔබේ බත් වේල උන්වහන්සේට පිරිනමා නැවත ගොස් බත් උයාගෙන ආවෙමි. සිත පහදවා ගන්න. ඔහු සොඳුර කුමක් කියන්නද? විමසා දෙවනුව ද එම කරුණ අසා සොඳුරිය ඔබ යහපතක්ම කරන ලද්දේය. මගේ බත ආර්යන් වහන්සේට පිරිනැමුවේ. මම ද උදයේම දැහැටි කුරුද මුව සෝදන ජලය ද දෙන ලද්දෙමි. මෙසේ සිත සතුටු වී එම වචනයට සතුටුව – මහදවල් ලද බත නිසා ක්ලාන්ත වුයේ ඇගේ ඇකයේ හිස තබා නින්දට වැටුනි.

අනතුරුව උදේම සී සෑ තැන පස් කැට සියල්ල රන්වී කිණිහිරි මල් සේ ශෝභාවත් විය. ඔහු අවදිවී බලන්නේ බිරියට මෙසේ කීවේය. සොඳුර මට සී සෑ තැන් රන් සේ පෙනේ. මේ කුමක්ද මට මහදවල් කෑ බත නිසා ඇස් භ්‍රමණයවීද? ස්වාමීනි මට ද එසේ පෙන්නේ ඔහු නැගිට කුඹුරට බැස එක් පස් පිඩුවක් ගෙන නගුල් ගසා රන් බව දැන අහෝ ධම්ම සේනාපති ආර්යන් වහන්සේට දුන් දානයේ විපාක අදම ලැබුනි. මට මෙතරම් ධනයක් පරිහරණය කිරීමට නොහැකිය. සියල්ල රන් බවට පත්වේ. රන් ගෙන ඒමට වටීයයි ගොස් රජුට දන්වා සිටියේය. ඔබ කවුරුන්දැයි විමසුවිට ම පුණ්ණය. ඔබ අද කුමක් කළේද? අද උදේම ධම්ම සේනාපති සැරියුත් හිමියන්ට දැහැටි දී පැන් පෙරා දී බිරිඳ විසින් මට ගෙන එන ලද බත පුදන ලද්දේය.

මේ තොරතුරු අසා රජු ඔබ ධර්මසේනාපති සැරියුත් හිමියන්ට පිරිනැමු දැනයේ ප්‍රතිවිපාක අදම ලබන ලද්දේයයි පවසා දරුව කුමක් කරදැයි විමසුවේය. බොහෝ ගැල් සිය ගණනක් යවා රන් ගෙන එන්නැයි පැවසීය. රජු ගැල් යැවීය. රාජ පුරුෂයන් රජු අයත් ඒවායි ගන්නවිට ගත් ගත් රන් මැටි පිඩු විය. ඔවුන් ගොස් මේ කරුණ රජුට දන්වා සිටිය විටදී කුමක් කියා ගත්තේ දැයි විමසා රජුගේ යයි කියා ගත් බව පැවසූවිට එලෙස නොව පුණ්ණගේ රන් යයි පවසා ගන්නා ලෙසට කියා නැවත යැවුහ. එසේ කියාගත් විට ගත් ගත් පස් පිඬු පිරවිය. ඒ සියලු රන් කැට ගෙනවුත් රාජාඞ්ගනයේ අසුරියනක් උසට ගොඩ ගැසුහ. රජු නගර වාසීන් එක්රැස්කර මෙම නගරයේ මෙතරම් ධනයක් ඇති කෙනෙක් සිටිදැයි විමසා නැතැයි පැවසුවිට මොහුට කුමක් දීම වටීදැයි විමසීය. සිටු තනතුර යයි පැවසුහ. (සෙට්ඨිජාතක) රජතුමා ඔහුට බහුධන සෙයි යනුවෙන් නම් කර මහත් භෝග සම්පත් සමග ඔහුට සිටු තනතුර දුන්නේය.

එහිදී පුණ්ණ රජුට මෙසේ පැවසුවේය. රජතුමනි ! මට මෙතෙක් කල් අනෙක් අයගේ ගෙවල්වල වාසය කළෙමි. මට නිවසක් දෙන්න යැයි පැවසුවේය. එසේනම් මේ වනරොද බලන්න. මේ වන ලැහැබ ශුද්ධකර ගෙයක් කරන්න. එය පැරණි සිටුවරයෙකුගේ මැදුරක් තිබුන තැනක. සාදන්නට කීවේය. ඔහු එතැන දින කීපයකින්ම ගෙයක් කරවා ගෙට පිවිසෙන උත්සවය ද සිටුතනතුර ලබන උත්සවයද එකට කරන්නේ සත් දිනක් බුද්ධ ප්‍රමුඛ මහාසංඝයාට දන් දුන්නේය. අනතුරුව බුදුහු දාන අනුසස් අනුමෝදනා දේශනය කරමින් අනුපිළිවල කථාව පැවසුහ. ධර්ම දේශනය අවසානයේ පුණ්ණ සිටු වරයා ද බිරිඳ ද – උක්තරා දියණිය ද යන තිදෙන සෝවාන් ඵලයට පත්වූහ.

මෙණ්ඩක සිටුවරයා

බුදුහු අඞ්ගුත්තර පෙදෙසේ චාරිකාවේ යෙදෙමින් මෙණ්ඩක සිටුවරයාගේද භාර්යාව වු චන්ද පදුමාගේ ද පුතණුවන් වන ධනඤ්ජය සිටුවරයාගේ ද, ලේලිය වන, සුමනා දේවිය ගේද, මිණිබිරිය වු, විසාඛා වගේද, දාසයා වු පුණ්ණද, යන මේ අයගේ සෝවාන් ඵලයට උපනිශ්‍රය දැක භද්දිය නගරයට ගොස් ජාතිය වනයේ විසුහ. මෙණ්ඩක සිටුවරයා බුදුන් වැඩම කළ බව ඇසුවේ. මෙණ්ඩක සිටුවරයාට මේ නම ලැබුනේ කෙසේද?

ඔහුගේ ගෙදර පිටුපස අට කිරියක් පමණ තැන් ඇත් අස් – ගොන් පමණ රන් බැටළුවෝ පොළව පලා විටෙන් විට ගැටෙමින් ඇතිවුහ. ඔවුන්ගේ කටේ පස් පැහැ ඇති පලස් විවීමට ගන්නා, නුල් ගුලියක් තබන ලද්දේය. ගිතෙල් මී පැණි ආදීන් හෝ හඳින පොරෝනා වස්ත්‍ර හෝ රන් – රුවන් – ආදීන්ගෙන් හෝ ප්‍රයෝජනයක් ඇති වු විට ඔවුන්ගේ කටින් දඹදිව වාසින්ගේ ප්‍රයෝජනයට ප්‍රමාණවත් තරම් එම භාණ්ඩ නිකුත් වෙයි. මෙතෙක් බැටළුවන් සිටියත් එකකුගේ කටින් වුවත් නූල් ගුටිය ගැළ වූ නම් මුළු දඹදිව් වැස්සන්ට අවශ්‍ය සම්පත් ප්‍රමාණය ලබාදෙයි. ඒනිසා එතැන් පටන් ඔහුට මේ මෙණ්ඩක සිටුවරයා යන නම ලැබුනි.

මොහුගේ පෙර කරන ලද කුශල කර්මය නම්, විපස්සි බුද්ධ කාලයේදී මොහු අවරෝජ නම් කෙළෙඹියාගේ බෑනා ඒ මාමාගේ නම හා සමාන නම වු අවරෝජ යන නම් විය. අනතුරුව මේ මාමා බුදුන්ට ගඳකිළියක් කරන්නට පටන් ගත්තේය. ඔහු මාමා සමීපයට ගොස් අපි දෙදෙනාම සහායෙන් කරමුයි. ඔහු විසින් පිළිගත් කළ මේ ස්ථානයේ කුඤ්ජර ශාලානමින් මණ්ඩපයක් කිරීම වටී යයි සිතා කැලයෙන් ද්‍රව්‍ය ගෙන්වා ගෙන එක් කණුවක් රන් ඔබවන ලදී. එකක් රිදී ඔබවන ලදී. එකක් මැණික් ඔබවන ලදී. මෙසේ මහත් කණු – දොරකවුළු – ජනෙල් – නොගැස්ස පුවරිටු උළු යන සියල්ල රන්වලින් ඔබ්බන ලද කළේය. ඒ මණ්ඩපය මැණික්මය පබලුමය මුදුන් කොන්විය. කුඤ්ජර ශාලාවේ මැද මැණික් මණ්ඩපයක් කරවා ධර්මාසනයක් පිහිටුවීය. එහි සණරත්න සවර්ණමය පාදවිය. එලෙසට සතර පාද වීය. රන් බැටළුවන් සිවුදෙනෙක් කරවා ආසනයේ කකුල් සතරට තැබීය. බැටළුවන් දෙදෙනෙක් කරවා පාපුටු උඩ වට සවිකළේය. රන් බැටළුවන් සදෙනෙක් කරවා මණ්ඩපය වටකොට තැබුවේය. ධර්මාසනය වටකරමින් තැබුවේය. ධර්මාසනය පළමුව රැහැන්වලින් වියවා මැද රන් හුය රැහැන්වලින්ද උඩ පටහුය වලින්ද වියවා එහි මැද සඳුන්මය. හේත්තුවන පිටාවුවක් තැබීය. (ඵලක තැබීය) මෙලෙස කුඤ්ජර ශාලාව නිමවා පුජා උත්සවය කරන්නේ භික්ෂූන් එක්ලක්ෂ සැට අට දහසක් භික්ෂූන් සමග බුදුන්ට ආරාධනා කර සිව්මසක් දන් දී අවසාන දිනයේදී තුන් සිවුරු පිළිගන්වීය. එහි අළුත් භික්ෂූන්ට දහසක් වටිනා සිවුර දෙවීය.

මේ ලෙසට හෝ විපස්සී බුද්ධකාලයේදී පින් සිදුකර ඉන් චුතවුයේ දෙවියන් අතර මිනිසුන් අතරද සැරිසරමින් මේ කල්පයේ බරණැස මහත් භෝග ඇති සිටු කුලයක ඉපදී බරණැස සිටුවරයායයි ප්‍රසිද්ධ විය. ඔහු දිනක් රාජ උපස්ථානයට යන්නේ පුරෝහිතයා දැක කිම ආචාර්යන් වහන්ස ශුභ නැකත් මුහුරතයක් සිහි කරමුදැයි විමසුවේය. ඔව් සලකාබලමි. කිම අපේ අනෙක් කර්මයක්ද එසේ නම් ජනපද චාරිකා කෙබඳුද? එක් බියක් ඇතිවේ. කවර බියක්ද? සාගතයක් පිළිබඳ බියකි. තව ද සිදුවන්නේද මෙයින් අවුරුදු තුනකට පසුවය. මෙය අසා සිටුවරයා බොහෝ කෘෂි කර්මාන්ත කරවා ගෙදොර ධනය ඇතත් ධාන්‍යම අරගෙන කොටු දොළොස් සියයක් කරවා සියළු කොටුවල වී පුරවාලීය. කොටු නොපොහොනා විට මහවැළි ඇදියෙහි පුරවා ඉතිරිය බිම වලවල් සාරවා නිධන් කළේය. ඉතිරිය මැටි සමග බිත්තිවල ගැබ්.

ඔහු පසුකාලයේදී දුර්භික්ෂය පැමිණිවිට තබන ලද ධාන්‍ය පරිභෝග කරන්නෙ කොටුවලද සැලී ආදියේද තබනලද ධාන්‍ය අවසන් වු විට පිරිවර ජනයා කැඳවා මෙසේ කීවේය. දරුවන් යම් යම් පුළු පුළුවන් තැන්වලට පිවිසී ජීවත් වී සුභික්ෂ සමයේ මාලඟට කැමති අය පැමිනේත්වා. නොකමැති අය ඒ ඒ තැන්වලට ජීවත් වේවා. ඔවුහු එසේ කළාහුය. ඔහු අසල වතාවත් කරන පුණ්ණ නම් එකම දාසයා නැවතුනි. ඔහු සමග බිරිඳ සිටුවරයාගේ පුත් සිටු මිනිපිරියද යන පස්දෙනා වුහ. ඔවුහු බිම වලවල තබන ලද ධාන්‍ය අවසන්වු විට බිත්ති මැටි හෙලා තෙමා ගන්නා ලද ධාන්‍යවලින් යැපුනාහුය. මේ අතර බිරිඳ දුර්භික්ෂය පවතින අතර මැටි අවසන් වනවිට බිත්ති පාදවල ඉතිරි මැටි හෙලා තබා අඩපතක් පමණ වී ලබාගෙන කොටා එක් සහල් නැලියක් ගෙන – දුර්භික්ෂ කාලයේ දී බොහෝ සොරු සිටිති. සොරුන්ට බියෙන් එක් කළයක සහල් දමා වසා පොළව සාරා තැබීය. අනතුරුව සිටුවරයා රාජ්‍ය සේවයට ගොස් ආපසු පැමිණ මෙසේ කීවේය. සොඳුර කුසගින්න ඇත. කෑමට කිසිවක් තිබේද? ඇය පෙනෙන්නට කිසිවක් නැතැයි නොකියා එක නැලියක් ඇතැයි කීවාය. කොහේද? සොරුන්ට බියෙන් පොළව සාරා තබන ලදී. එසේම් එය උඩට ගෙන කිසිවක් උයන්න. ඉදින් කැඳ උයන්ගේ නම් දෙවරක් ගත හැකිය. ඉදින් බත් උයන්නේනම් එක් වරක් පමණි. ස්වාමීනි කුමක් උයන්නද? දැයි විමසීය අපට අනෙක් ප්‍රත්‍යයක් නැත. බත් උයා කා මැරෙන්නෙමුයි ඇය බත් උයා කොටස් පහකට බෙදා සිටුවරයාගේ කොටස වේද? ඉදිරියෙන් තැබුවේය.

මේ අවස්ථාවේදී ගන්ධමාදන ‘පර්වතයේ වසන පසේ බුද්ධ නමක් සමාපත්තියෙන් නැගීසිටියහ. සමාපත්තිය තුළ දී සමාපත්ති බලයෙන් බඩගින්න බාධාවක් නොවේ. සමාධියෙන් නැගීසිටි අයට බලවත්සේ උදර පටලය දැවේ. එනිසා උන් වහන්සේලා ආහාර ලැබෙන තැනක් බලන්නේ දැක බලා වැඩම කරති. එදිනද උන්වහන්සේලාට දන් දි සේනාපති තනතුරු වැනි එක්තරා සම්පත් ලබති. එනිසා (ඔහුද) උන්වහන්සේද දිවැසින් බලන්නේ මුළු දඹදිව සාගත බියක් ඇතිවී තිබේ. සිටුවරයාගේ ගෙදරද පස් දෙනෙකුට බත් නැලියක් පමණ ඇත. ඔවුන්ට මට සංග්‍රහ කිරීමට හැකිදැයි බලා ඔවුන්ගේ ශ්‍රද්ධාවන්ත භාවයද සංග්‍රහ කිරිමේ හැකියාවද දැකබලා පාසිවුරු ගෙන ධනසිටුවරයාගේ ඉදිරියේ දොරළඟ සිටි, තමන් දැක්වුහ. ඔහු පසේ බුදුන් දැක ප්‍රසන්න සිත් ඇතිව මම පෙරද ද නොදුන් බැවින් මෙබඳු සාගතයක් ඇතිවීයයි මේ බත මා එකදිනක්ම ආරක්ෂා කරයි. ආර්යයන් වහන්සේට දෙනලද දෙය නොයෙක් කල්ප කෝටි ගණනක් මගේ සිත සුව පිණිස වන්නේයයි, එම බත් පාත්‍රය ගෙන පසේ බුදුන් වෙත ගොස් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පිදුවේය. අඩක් දෙනවිට පසේ බුදුහු අතින් පාත්‍රය වැසුහ. අනතුරුව ඔහු – ස්වාමීනි! එක් සහල් නැළියකින් පස් දෙනෙකුට උයන ලද බත්වලින් මේ එක් කොටසකි. මෙය දෙකොටසකට බෙදීම කළ නොහැකිය. මට මෙලොව සංග්‍රහ නො කරණු මැනව. සියල්ල දෙනු කැමැත්තෙමි. කියා බත් මුළු භාජනයම දුන්නේය. දී අවසන ප්‍රාර්ථනයක් තැබුහ. ස්වාමීනි මා නැවත උපන් සියළු තැන්වලදී මේ ආකාර සාගත බියක් නොදකීවා මෙතැන් පටන් මුළු දඹදිව්වාසින්ට බීජබත් දීමට හැකි කෙනෙක් වේවා සියතින් කර්මාන්තකර ජීවිතය නොරැකේවා. අඩතෙළෙස් කොට සියයක් අඩුනොව (1950) සෝධා දියනා ඔවුන්ගේ ගෙදොර වාඩිවී උඩ බැලු පමණකින් රත්හැල් ධාරා වැටී සියළු කොටු පුරවනු ලැබේවා. උපන් උපන් තැන මේ බිරිඳට මේ පුතාම මේ ලේලියම මේ දාසයාම ලැබේවායි පැතුවේ.

ඔහුගේ සිටුබිරිඳද මගේ ස්වාමියා කුසගින්නෙන් පෙළෙද්දී මටද ආහාර ගැනීමට නොහැකියයි සිතා තම කොටස පසේ බුදුන්ට දන් දි ප්‍රාර්ථනයක් තැබුවාය. ස්වාමීනි උපන් උපන් තැන මෙබඳු සාගතයක නොදකීවා බත් තළියක් පෙරටුකර සියළු දිඹදිව් වැසියන්ට මුළු දඹදිව්වාසින්ට බත් දෙන්නේ යම්තාක් උත්සාහවත් වේවිද ඒතාක් ගත් ගත් තැන්වලින් මුලින් තිබුන ලෙසට පවතීවා මොහුම සැමියා වේවා මොහුම පුතු වේවායි පැතුවාය. ඇගේ පුතා ද තමන්ගේ කොටස පසේ බුදුන්ට දන්දී මෙලෙසින්ම ප්‍රාර්ථනා කළේය. මගේ මේ දානයෙන් මේ දහසින් බැදි පෙරහංකඩය (සෙම්බුව) ගෙන මුළු දඹදිව් වැස්සන්ට කහවණු ඉවර නොවී නිතර නිතර පසුම්බිය පිරේවායි පැතුවේය.

ලේලියද තමන්ගේ කොටස පසේ බුදුන්ට දන් දී සමාන පැතුම් කළ අතර ධාන්‍ය වැස්ස පෙරටුව තබාගෙන මුළු දඹදිව් වැසියන්ට බීජ බත් දුන්නෙන්ද ක්‍ෂයවීමක් නොවේවායි පැතුවාය. දාසයාද එලෙසින්ම ප්‍රාර්ථනා කරගෙන – මට සී සාන විට මොබින් හී පිටි තැනක්ද ඈතින් හී පිටි තැනක් ද මධ්‍යයෙන් හී පිටි තැනක් හා හී වැල් සත්සත සේවා ප්‍රාර්ථනා කළේය. ඔහුට සේනාපති තනතුරු ලැබීමට ප්‍රාර්ථනා කළ හැකි වුවත් – දාසයා මෙයම ප්‍රාර්ථනා කළේය. පසේ බුදුරජාණන් වහන්සේ සියල්ලන්ම වචන අවසානයේ ‘මෙලෙස වේවායි’ කියා –

පසේබුදු වරුන්ගේ ගාථාවන්ගෙන් අනුමෝදනා කර මවිසින් මොවුන්ගේ සිත පැහැදීම විමට වටීයයි සිතා ගන්ධමාදන පර්වතය තෙක් මා දකීවායි අදිටන් කොට වැඩම කළහ. ඔවුන්ද බලමින්ම සිටියාහුය. උන්වහන්සේ වැඩම කර එම බත පන්සියයක් පසේ බුදුවරයන් සමග බෙදා වැළදුහ. උන්වහන්සේගේ ආනුභාවයෙන් සියල්ලන්ටම ප්‍රමාණවත් විය. ඔවුන්ද බලමින්ම සිටියාහුය.

ඇස් හමුවෙන් ඉක්ම ගියපසු සවස සිටුබිරිඳ සැළිය සෝදා වසා තැබුවාය. සිටුවරයාද බඩගින්නෙන් පෙළුනේ නිදා වැටුනේය. ඔහු සවස අවදි වී බිරිඳට මෙසේ කීවේය. අතිශයින් බඩගිනි ඇතිවිය. සැළියේ පතුලේ ශේෂයක් ඇත්දැයි දැනුන බත් තිබේදැයි විමසීය. සෝදා වැස්සේ තිබූ බව දැන දැනත් නැතැයි නොකියා සැළිය ඇර බැලුවාය. එකෙනෙහිම සමන්මල් කැකුළු සේ බතින් පිරි සිටියේ පියන උඩට නැගි සිටියේය. ඇය එය දැක සතුටින් උදම් වූ සිරුර ඇතිව මෙය පැවසුවාය. ස්වාමීනි නැගිටින්න මම සැළිය සෝදා තැබීමි දැන් එය සමන් මල් කැකුළුවැනි බතින් පිරී ඇත. පින්කම් කළයුතුය දානයනම් දියයුතුය. ස්වාමීනි නැගිටින්න. ආහාර වළදන්න ඇය පිය පුත් දෙදෙනාටම දුන්නාය. ඔවුන් ආහාරගෙන නැගී සිටිවිට බිරිඳ ලේලිය සමග වාඩිවී ආහාර ගෙන පුණ්ණට ආහාර දුන්නේය ගත් ගත් තැන ඉවර නොවේ. හැන්දෙන් එක වරක් ගත්තා වැනි විය. එදිනම වී අටුකොටු ආදිය පෙර පිරීතිබෙන අයුරින් නැවත පිරුනි. සිටුවරයාගේ නිවසේ බත් උපනි. බීජ බත්වලින් ප්‍රයෝජන ඇති අය පැමිණ ගනිත්වායි නගරේ ඝෝෂා හඩ ඇති කළහ. මිනිස්සු ඔහුගේ නිවසින් බීජ බත් ගත්තාහුය. මුළු දඹදිව වැසියෝද එනිසා දිවි ලැබුහ.

මේ සිටුවරයා ඉන් චුතව දෙලොව ඉපිද පසුව දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයේදී භද්‍දිය නගරයේ සිටුකුලයක ඉපදුනි. ඔහුගේ භාර්යාවද මහා භෝග කුලයක ඉපිද වැඩිවියට පත්ව ඔහුගේ කුලයටම බිරිඳලෙස ගියාය. ඔහු ගේ ඒ පැරණි කර්මය නිසාම ගෙයි පිටුපස මුලින් කීව ආකාරයටම බැටළුවෝ පැන නැගුනි. පුතාද ඒ සිටි පුතාමය. ඒ පැරණි ලේල්ලියම එහි ඉපදුනි. දාසයාද එහිම ඉපදුනි. අනතුරුව සිටුවරයා තමන්ගේ පින විමසනු සඳහා වී කොටු සෝධා දියනා දොර වාඩිවී අව්ව බැලුවේය. සියල්ල කියන ලද ආකාරයෙන් රත් හැල් වියෙන් පිරුනි, ඔහු අනෙක් පින් විමසනු කැමැත්තේ භාර්යාව පුතුන් ආදීන්ට තොපගේ පිං විමසන්නැයි පැවසුවේය.

අනතුරුව ඔහුගේ බිරිය සියළු අලංකාරයෙන් සැරසී මහජනයාට පෙනී පෙනීම සහල් බෙදා බත් උයා – දොර කඩ පනවන ලද අසුන්නේ වාඩිවී රන් හැන්දක් ගෙන බත් අවශ්‍ය අය පැමිණෙත්වායි පැමිණි පැමිණි අයට ගෙන ආ භාජන පුරවා බත් දුන්නාය. මුළු දවසක් දෙන්න බත් ගත් තැන් තැන් වලින් එක හැන්දක් පමණක් අඩුවී පෙනෙන්නට තිබුනි. ඇය පළමු බුදුන් ට දන් දෙනවිට වමතින් සැළියද දකුණු අතින් හැන්ද ද ගෙන මෙසේ බත් පුරවා බත් පිරිනැමුහෙයින් වම් අත් තලය පුරවා නෙළුමක ලක්‍ෂණ ඇතිවිය. දකුණත පිරෙන ලෙසට සදේ ලකුණු පෙනෙන්නට තිබුනි. වම් අතින් ධම්ම කරකය ගෙන භික්ෂු සංඝයාට ජලය පෙරා දුම්බැවින් ඔබිනොබ හැසිරුන නිසා දකුණුපාදය පුරා නෙළුමක ලක්‍ෂණ ඇතිවිය. පහළවිය. වම් පයේ යටි පතුලේ පියුමක ලක්‍ෂණ පිරී පැවතුනි. මේ කරුණ නිසා “චන්ද්‍ර පදුමා” යන නම ලැබුනි.

පුතාද දිය නා දහසක් ඇති පෙරහන ගෙන කහවනු වලින් ප්‍රයෝජන ඇත්තේ පැමිනේත්වායි පවසා පැමිණියවුන්ට ගත් භාජත පුරවා දුන්නේය. එහෙත් පෙරහනේ කහවනු දහසක් නො අඩුව පැවතුනි. ඔවුන්ගේ යෙහෙළිය සියළු අලංකාරයෙන් සැරසී වී පැස ගෙන පස් මිදුලේ සිටියේ බිජ වී අවශ්‍ය පැමිනෙත්වායි පැමිණි අයට ගන්නාලද භාජන පුරවා දුන්නීය. එහෙත් වී පැස පිරිතිබෙනු දක්නට ලැබුනි. බීජ බත් සඳහා අළුත් අය පැමිණෙන්වා ආවාවු සියළු දෙනාම ගන්නාලද භාජන පුරවා දුන්නීය. වී පැස නිතර පිරීම පැවතුනි. දාසයාද සියළු අලංකාරයෙන් සැරසී රන් වියගස රන් යොතකින් ගොනුන් යොදවා රන් කෙවිට ගෙන ගොනුන් දෙදෙනාට සුවඳ පංච අංගුලි දී අංවල රන් කොපු දමා කෙතට ගොස් ගවයින් දැක්කුවේ. මෙයින් දෙඇළ විසින් තුන තුන බැගින් ද මැඳ එකකින් බැගින් අවශ්‍ය වශයෙන් හී විටි හතක් බිඳී ආවාහුය. ජම්බුදීපවාසීන්ට බීජ රන් රුවන් ආදිය කැමති ලෙස සිටුතුමාගේ නිවසින්ම ගන්නාහුය.

මෙසේ මහානුභාව සම්පන්න සිටුවරයා බුදුහු වැඩමකළාහුයයි අසා බුදුන් වෙත ගමන් කරන්නෙමියි නික්මුන් අතර මහ තීර්ථකයන් දැක ඔවුන් විසින් ගෘහපතිය නුඹ කුමක් නිසා කිරියවාදීව සිට අකිරියවාදී භවත් ගෞතමයන් වෙත යන්නේදැයි වළක්වද්දීම ඔහුගේ වචන නො අදහාම ගොස් බුදුන් වැඳ එකත් පසෙක වාඩිවිය. අනතුරුව බුදුහු අනුපිළිවල කථාව පැවසුහ. ඔහු දේශනය කෙළවර සෝවාන් ඵලයට පත්විය

ජටිල සිටුවරයා

බරණැස එක් සිටුදුවක් රූමත් වුවාය. ඇය පහළොව දාසය වසර අතර කාලයේ ආරක්ෂාව සඳහා එක් දාසියක් දී සම්බුමු ප්‍රාසාදයක උපරිම තලයේ සිට යහනේ වාසය කරවීය. ඇය එක් දිනක් ජනේලය විවරකර පිටත බලන්නේ අහසින් යන එක් විද්‍යාධරයෙකු විසින් දැක උපන් ස්නේහ ඇතිව ජනේලයෙන් ඇතුළු වී ඇය සමග සන්ථවය කළේය. ඇය ඔහු හා සංවාසය කිරීම නිසා නොබෝ දිනකින් ගැබ් ගත්තාය. අනතුරුව ඇය දාසිය දැක මැණියෙනි මේ කුමක් නිසාදැයි විමසා සිටිවිට එසේ වේවා ඔබ කිසිත්වෙකුටත් මෙය නොකියන්න. කුමරිය මෙසේ කීම නිසා ඇය බියෙන් නිහඩ වුවාය. කුමරිය දසමසකින් දරුවෙකු බිහි කළාය. අළුත් භාජනයක් ගෙන්වාගෙන එහි ඒ දරුවා නිදිකරවා එම භාජනය වසා ඒ මත මල් දාමයක් තබා මෙය හිසෙන් ගෙන ගොස් ගඟට දමන්නැයි කියා මේ කුමක්ද විමසූවිට ආර්යාවගේ බලිකර්මයක් යයි කියන ලෙස පැවසුවාය. ඇය එසේ කළාය.

ගඟ පහළ කොටසේ නාමින් සිටිය කාන්තාවන් දෙදෙනෙක් භාජනය දියේ පාවනු බලා එක් ස්ත්‍රියක් භාජනය මටයි කීවාය. අනෙක් ස්ත්‍රිය එහි තිබෙන දෙය මට යයි පැවසුවාය. භාජනය පැමිණිවිට දරුවා මට යයි කීවාය. ඔවුන් දෙදෙනා විවාද කරමින් විනිශ්චය ස්ථානයට ගොස් මේ කරුණ දැනුම් දී ඇමතියන්ටද විනිශ්චය කිරීමට අපහසුව රජු ළඟට ගියාහුය. රජතුමා ඔවුන්ගේ වචනය ගෙන නුඹ භාජනය ගන්න, නුඹ දරුවා ගන්නැයි පැවසුවේය. යම් ස්ත්‍රීයක් දරුවා ලැබුවාද ඇය මහා කච්චාන තෙරුන් වහන්සේගේ උපස්ථායිකාවක් වෙයි. එනිසා ඇය මේ දරුවා තෙරුන් ළඟ පැවිදිකරවමින් පෝෂණය කළාය. ඔහු උපන්දින ගම්වල සෝධා පිරිසිදු නොකළ හෙයින් කෙස් කැටිවී තිබුනි. එනිසා ඔහුට ජටිල යන නම ඇතිවුනි. පයින් හැසිරෙන කාලයේ දී තෙරුන් එම නිවසට පිණ්ඩපාතයේ වැඩම කළහ. උපාසිකාව තෙරුන් වාඩි කරවා ආහාර පිරිනැමීම කළාය. තෙරුන් දරුවා දැක කිම උපාසිකාව දරුවෙක් ලැබුවාදැයි විමසුහ. එසේය ස්වාමීනි මේ දරුවා ඔබවහන්සේ වෙත පැවිදි කරවන්නෙමියි පෝෂණය කළෙමි මොහු පැවිදි කරවන්නැයි දුන්නාය. තෙරුන් යහපතැයි ඔහු රැගෙන යන්නේ මොහුට ගිහි සම්පත් තිබේදැයි බලන්නේ මහා පින්වත් සත්ත්වයෙකැයි ද මහා සම්පත් අනුභව කරත්යයි දැන දහර කාලයේදීම ඥාණයද මුහුකුරා යන්නේ යයි සිතා ඔහු ගෙන ගොස් තක්ෂිලාවේ එක් උපස්ථායක ගෙයකට වැඩම කළහ.

ඔහු තෙරුන්ට වැද දරුවා දැක ස්වාමීනි ඔබ වහන්සේ දරුවෙක් ලබන ලදදැයි විමසුවේය. එසේය උපාසක ඔහු පැවිදිකරවන තුරු ඔබ ළඟම සිටිවායි පැවසුහ. ඔහු යහපතැයි දරුවා පුතු තනතුරේ තබා පෝෂණය කළේය. ඔහුගේ ගෙදර වසර දොළහක් වටිනා භාණ්ඩ විය. ඔහු වෙනත් ගමකට යනවිට කඩයට ගෙන ගොස් වෙළඳපළේ දරුවා තබා ඒ ඒ භාණ්ඩවල මුදල කියා මේ මේ භාණ්ඩ මෙතරම් වටිනේයයි ද මෙපමණ අයකර දෙන්න යයිද පවසා ගියේය. එදවස නගර ආරක්‍ෂක දෙවියා යටත් පිරිසයින් මිරිස් දිරවන පමණක්වත් අවශ්‍ය අය එම කඩය දෙසටම යැවුහ. ඔහු වසර දොළහක් වටිනා භාණ්ඩ එකම දවසින් විකුණා අවසන් විය. කෙළෙඹියා පැමිණ කඩයේ කිසිවක් නොදක දරුව සියල්ල විනාශ වූවේදැයි විමසුවේය. නැත විනාශ නො කළෙමි. සියල්ලම ඔබ කීව ආකාරයට විකුණුවෙමි. මේ අසවල් භාණ්ඩයට මුදල මේ අසවල් භාණ්ඩයට මිල යයි දුන්නේය. කෙළෙඹියා පැහැදී අනර්ඝ පුරුෂයෙකි කොහේ වුවත් ජීවත් විය හැකි දක්ෂයෙකි. තම නිවසේ වැඩ සිටි දුවණිය ඔහුට දී ඔවුන්ට නිවසක් ද සාදා දෙන ලෙසට මිනිසුන්ට අණ දී එය සාදවා ඔවුන්ගේ නිවසට යන ලෙසට කියා එහි වාසය කරවීය.

අනතුරුව ගෙට පිවිසෙන අවස්ථාවේ දී එක පාදයකින් දොර පඩියේ පියවර තුබු විගස ගෙය පසුපස බිම බිඳී රියන් අසුවක් වූ රන් පර්වතයක් මැවුනි. රජතුමා සිටුවරයාගේ නිවස රන් පර්වතයක් පැන නැංගේයයි අසා සිටුතනතුරට දෙන ඡත්‍රයක් යැවීය. ඔහු ජටිල සිටුතුමා විය. ඔහුට පුතුන් තිදෙනෙක් වුහ. ඔහු ඔවුන් වයසට පත්කළ පැවිද්දට සිත උපදවා ඉදින් අපගේ සමාන සිටුකුලයක් වන්නේ නම් පැවිදි වීමට දෙන්නේය. එසේ නොවේනම් නොදෙන්නේය. දඹදිව අප සමාන භෝග සම්පත් ඇති කුලයක් තිබේදැයි ණය උළුකැටයක් රත්මය කෙවිටක් රන්මය හවඩියක් කරවා පුරුෂයන්ගේ අතට දී යවු මේවා ගෙන කිසිවක් සොයන ලෙසට දඹදිව් තලයේ හැසිරි, අපට සමාන භෝග ඇති සිටුබලයක් ඇතිබව හෝ නොමැති බව දැන පැමිණෙව් යැවේය.

ඔවුහු චාරිකාවේ යෙදෙමින් භද්දිය නගරයට පැමිණියාහුය. ඔවුන් මෙණ්ඩක සිටුවරයා දැක දරුවන් කුමක් කරම්දැයි විමසා එක් දෙයක් සොයමින් හැසිරෙන්නාවුයි පැවසූවිට මේවාට මේවා ගෙන කිසිවක් ගෙන බලමින් හැසිරීමෙන් වැඩක් නැත. රට පරීක්ෂා කරමින් හැසිරේයයි දැන දරුව අපේ පසුපස ගෙයි පරික්ෂාකර බලන්නැයි කීවේය. ඔවුහු එහි අවහිරියක් පමණ තැන ඇත්, අශ්ව. ගව ප්‍රමාණ පිටින් පිට ගැටී පොළව බිඳ නැගීසිටි යට කියන ලද පරිදි රන් බැටලුවන් දැක ඒ අතර හැසිරි නික්මුනාහුය. අනතුරුව සිටුවරයා ඔවුන්ගෙන් දරුවන් විමසා යන දෙය හමුවීදැයි විමසුවේය නොදන්නා ලදී කීවිට එසේනම් යන්නැයි පිටත් කළේය. ඔවුන් ඉන් පිටත්ව ගොස් තම සිටුවරයාට දරුවෙනි අපට සමාන සම්පත් ඇති සිටුවරයෙක් දැක්කේදැයි විමසා ස්වාමීනි ඔබට කුමක් කිවේද මෙණ්ඩක සිටුවරයාට මෙහෙව් සම්පත් ඇතැයි පැවසුවේය. එම සියළු පුවත් අසා සිටුතුමා සතුටුව එකක් හමුවිය. තව ද එබඳු සිටු මැඳුරු ඇතැයි සිතා ලක්ෂයක් වටිනා පලසක් දී දරුවනි යනු තවත් සිටුකුලයක් සොයමි කියා පිටත්කර යැව්වේය.

ඔවුහු රජගහ නුවරට ගොස් ජෝතිය සිටුවරයාගේ ගෙය අසල දර ගොඩක් රැස්කර ගිනි අවුලුවා සිටියාහුය මේ කුමක්දැයි විමසුවිටද අපි මහාර්ඝ වූ එක් කම්බලයක් ගෙන විකුණන්නේ මිලට ගන්නෙක් නැතැයි පැවසුහ. ඔවුන් කැඳවා මේ කම්බිලිය කොපමණ වටීදැයි විමසුවේය. ලක්‍ෂයකැයි පැවසුවිට ලක්ෂයක් දී දොර කොටුවට පැමිණ කසළ ශුද්ධ කරන දාසියට දෙන්නැයි ඔවුන්ගේ අත යැව්වේය. ඇය කම්බලය ගෙන අඩමින් ස්වාමියා වෙතට ගොස් ඇය ස්වාමීනි අපරාධයක් ඇතිවිට මට පහර දෙන්න නොවටිද කෑමක් නිසා මෙබඳු නොවටිනා කම්බිලියක් එව්වේද? කෙසේනම් මම අදිමිද නැතහොත් පොරවමිද? නැත මෙය එව්වේ ඔබේ නිදන ඇඳ කෙළවර තබා නිදන විට සුවඳ ජලයෙන් සෝධන පා පිස දැමිම සඳහාය. ඇය එය කිරීමටවත් නොවටීද? එය කිරීමට හැකියයි පවසා පිටත්ව ගියේය. එම පුරුෂයෝ මේ කරුණු දැක තම සිටුවරයාගේ සමීපයට ගොස් දරුව දුටුවේදැයි විමසුවිට “ස්වාමීනි ඔබට කුමක් කිවේද රජගහ නුවර ජෝතිය සිටුවරයාට මේ තරම් සම්පත් තිබේ. ගෙදර සියළු සම්පත් දැනුම් දී මේ පුවත් පැවසුහ. සිටුවරයා මේ තොරතුරු අසා සතුටුව දැන් පැවිදිවීම ලබන්නේයයි රජු වෙතට ගොස් මහරජ පැවිදිවීමට කැමතියයි පැවසු විට හොඳය මහ සිටුතුමණි පැවිදි වන්නැයි අනුමත කළේය. ඔහු ගෙට ගොස් පුතුන් අමතා රන්දණ්ඩ වජිරනලය උදැල්ල දෙටු පුතුට භාරදී දරුව … පසුපස රන් පර්වතයකි. රන් පර්වතයක් ඇත. ගලවන්නැයි පැවසුවේය. ඔහු උදැල්ල ගෙන රන් පර්වතයට පහර දුනි. පිහිටි ගලක් උඩට ගැසුවාක් මෙන් විය. ඔහුගේ අතින් උදැල්ල ගෙන මධ්‍යමයාගේ අතට දී යැව්වේය. ඔහු පහර දෙනවිටද ගලමතට පහර දුන්නා සේ විය. පසුව බාල පුතුට දුනි ඔහු පහර දෙනවිට එකම එකකුලක මැටි ගොඩකට පහර දෙන්නාක් සේ විය. අනතුරුව සිටුවරයා එන්න දරුවන් මෙයින් වැඩක් නැත. පවසා අනෙක් ජ්‍යෙෂ්ඨ සහෝදරයන් කැඳවා මේ රන් පර්වතය ඔබට ඇතිවුයේ නොවේ. මට ද බාලයාටද ඇතිවිය. මොහු සමග එකට එකතුවී පාරිභෝග කරන්නැයි පැවසුවේය. කුමක් නිසා ඔවුන් සඳහාම පහළ වී ද කුමක් නිසා ජටිල උපත් කල ජලයේ වැටුණේද? තමන් කළ කර්මය නිසාමය.

කාශ්‍යප බුදුන්ගේ සෑය කරන කාලයේදී එක් රහතන් වහන්සේ නමක් චෛත්‍ය කරන තැනට ගොස් බලා දරුවනි චෛත්‍යයේ උතුරු දිග මූණ නොනැගේ කුමක් නිසාද? විමසුහ. රන් ප්‍රමාණවත් නැතැයි පැවසුවේය. මම ඇතුළු ගමට පිවිසී ඔබ සම්මාදන් කරවන්නෙමි. තෙපි සම්මාදන් කරවන්නෙමියි තෙපි ආදරයෙන් කර්මාන්තය කරන්නැයි ඔහු මෙසේ කියා නගරයට පිවිස මෑණිවරුනි පියවරුනි. තොපගේ චෛත්‍යයට එක් දොරටුවකට රන් සෑහෙන්නේ නැත. රන් දෙන්නැයි මහජනයා සම්මාදන් කරවමින් රන් කුලයකට ගියේය. ස්වර්ණාභරණ හදන්නා ද එකෙනෙහිම භාර්යාව සමග කලහ කොට සිටියේ වෙයි. මේ අනුව තෙරුන් වහන්සේ චෛත්‍යයේ ඔබ විසින් ගන්නා ලද කොටස රන් ප්‍රමාණවත් නොවේ. එය දැනගැනීම වැදගත් වේ. පැවසුහ. ඔහු භාර්යාවට කෝපයෙන් ඔබේ ශාස්තෘවරයා ජලයට විසිකර යන්නැයි පැවසුවේය. අනතුරුව ඇය ඔහුට ඉතා සැහැසි දෙයක් නුඹ විසින් කරන ලදී මා කෙරෙහි කෝපයෙන් නුඹ මට දොස් නැසිය යුතුය. නැතහොත් පහර දිය යුතුය කුමක් නිසා අතීත, අනාගත, වර්තමාන, බුදුවරුන්ට වෛර කළේදැයි විමසුවේය. රන්කරු එකෙනෙහි සංවේගයට පත්වුයේ ස්වාමීනි මට සමාවන්නැයි කියා තෙරුන්ගේ පාමුල වැටුණි. දරුව ඔබ මට කිසිවක් නොකිවේය. බුදුන්ගෙන් සමාව ගන්න. ස්වාමීනි කුමක් කර මම සමාව ගන්නේද? රන් මල් තුනක් කර කළයේ තබා ඇතුල් නිධානයේ තබන්න. එසේ තබා තෙත වස්ත්‍රයෙන් තෙත කෙසින් සිට සමාව ඉල්ලන්න.

ඔහු ස්වාමීනි යහපතැයි ස්වමීනි කියා රන්මල් කරන්නේ පුතුන් තිදෙනා අතරින් ජ්‍යෙෂ්ඨ පුතු අමතා එන්න දරුව මම බුදුන්ට වෛර සහිත වචනයෙන් කථාකළෙමි. එනිසා මේ මල්කර ධාතු නිධානයේ තබා සමාව ගන්නෙමි. නුඹද මට උපකාර කරන්නැයි පැවසුවේය. පියාණනි ඔබම වෛර වචන කීවේය. එනිසා ඔබම එය කරන්නැයි කිරීමට කැමති නොවීය. මධ්‍යම පුතුටද කණිෂ්ඨ පුතුටද මෙසේ කීවේය, කණිෂ්ඨයා පියාට ඇති වූ කරුණ පුතාට ද භාරවේ. පියාගේ සහායකයා වී රන්මල් කළේය. රන්කරු වියතක් පමණ රන් මල් කර කළයක තබා ධාතු නිධානයේ තබා තෙත කෙස් හා තෙත වස්ත්‍ර ඇතිව බුදුන් ක්ෂමා කරවීය. මේ නිසා ඔහු හත්වරක් ජලයට වැටුණි මේ කරුණ නිසා කෙළවර සිටි ආත්මභාවය නිසා මෙලොව දීද නිසැකව ජලයේ වැටුණි. ජ්‍යෙෂ්ඨ පුතුන් දෙදෙනා රන් මල් කරන අවස්ථාවේදී සහාය දීමට අකමැතිවිය. එනිසා ඔවුන්ට මේ කරුණ නිසා රන් පර්වතය ඇති නොවුයේය. කණිටු පුතාව හා ජටිලට එකට එකතුවී කළ නිසා රන් පර්වතය කඩාගත හැකිවිය. මෙලෙස පුතුන්ට අවවාද දී බුදුන් වෙත පැවිදිවී දින කීපයකින්ම රහත් වීමට හැකිවිය. බුදුහු පසුකලෙක පන්සියයක් භික්ෂූන් සමග පිඬුසිඟා වඩින්නේ ඔහුගේ ගෙදරට වැඩම කළහ. ඔවුන් තිදෙනා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට අඩමසක් භික්‍ෂාව පිරිනැමූහ.

ජෝතිය සිටුවරයා

පෙර බරණැස් නුවර සහෝදරවරු දෙදෙනෙක් මහත් උක් කුඹුරක් කළාහුය. අනතුරුව බාල සහෝදරයා උක් කුඹුරට ගොස් එකක් වැඩිමල් සහෝදරයාට දෙන්නෙමි. එකක් මටයයි සිතා උක්ගස් දෙකක් ගෙන රසය බැහැර නොයනු සඳහා කැපු තැන් බැඳ ගත්තේය. ඒ කාලයේදී උක්ගස් යන්ත්‍රයෙන් මැඩීමක් නැත. අග හෝ මුල සිඳීමෙන් පෙරහනෙන් දිය වැගිරෙන ලෙසට පැණි වැගිරේ.

මොහු කුඹුරෙන් උක් ගස් ගෙන ආපසු එන අවස්ථාවේ දී – ගන්ධමාදන පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් නැගිට අද කාටනම් අනුග්‍රහ කරමිදැයි විමසා බලන්නේ මේ සොහොයුරු තම ඤාණ ජාලයට හසුවිය. සංග්‍රහ කිරීමට සමර්ථ භාවය දැන පා සිවුරු ගෙන ඍද්ධියෙන් පැමිණ ඔහු ඉදිරියේ සිටියහ. බාල සොහොයුරු බුදුරජාණන් වහන්සේ දැක පැහැදුන සිත් ඇතිව උතුරු සළුව උස් වූ බිම් පෙදෙසක අතුරා ස්වාමීනි මෙහි වාඩි වන්නැයි පසේ බුදුන් වාඩි කරවා පාත්‍රය එළවන්නැයි ඉල්ලා උක් ගසේ බැමිලිහීය උග් ගසින් පැණි වැගිරි පාත්‍රයට වැටුනි. පසේ බුදුන් උක් පැනි පානය කළහ. ස්වාමීනි ඔබවහන්සේ උක්රස පානය කිරීම යහපති ඉදින් මගේ වැඩිමල් සොහොයුරා ද උක්ගස දුන්විට ඔහුද දන් දෙනු ඇතැයි සිතා ස්වාමීනි පාත්‍රය මේ දෙසට යොමුකරණු මැනව දෙවනුව ද උක්ගසේ බැඳ තුබු තැන ලිහා රසය පාත්‍රයට පෙරෙන්නට හැරියේය. පළමු උක්ගසේ පැණි වැළදු නිසා දෙවැනි උක්ගසේ පැණි පාත්‍රයේ පුරවා අනෙක් අය හා බෙදා ගැනීමට වාඩිවී සිටියහ. ඔහු බුදුන්ගේ ආකාරය දැනගෙන පසඟ පිහිටුවා වැද ස්වාමීනි මම දෙන ලද අග්ග රසය නිසා නිසැකවම මේ විපාකයෙන් දෙමිනිස් සම්පත් අනුභව කොට කෙළවර ඔබ විසින් පැතූ සම්පත් පැමිණෙන්නේ යයි ප්‍රාර්ථනා තැබුහ පසේ බුදුන්ද එසේ වේවායි පවසා ඉවජිතං පත්ථිතං ආදී දෙගාථාවෙන් අනුමෝදනා කර ඔහු ප්‍රාර්ථනා කරන ලෙසට අදිටන් කර අහසින් ගන්ධමාදන පර්වතයට වැඩම කරවා පන්සියයක් පසේ බුදුවරුන් වහන්සේලාට එම රසය දුන්හ.

ඔහු මේ ප්‍රතිභාර්යය දැක සහෝදරයා ළඟට ගිය කල්හි කොහි ගියේ දැයි විමසු විට උක් කුඹුර බලන්ට යයි පැවසූ විට ඔබ වැනි කෙනෙකුන් කුඹුර බැලීමට යාමෙන් කවර ප්‍රයෝජනයක්ද එකක් හෝ දෙකක් ගෙන ආයුතු නො වන්නේද? සහෝදරයා පැවසු විට එය සොහොයුර මවිසින් උක්ගස් දෙකක් ගෙන ආමි. එකක් පසේ බුදුන් දැක රස දන් දුනිමි. කිම මුලින් ද අගින් ද රස දුන්නේ පසේ බුදුරදුන් කුමක් කළාහුද මගේ උක්ගසේ රසය පානය කර ඔබ සඳහා වූ උක්ගසේ රස පාත්‍රයට ගෙන ගන්ධමාදන පර්වතයට වැඩමවා පන්සියයක් පසේ බුදුවරුන්ට දන් දුන්හ. මේ සියළු කථා විස්තර අසමින් සිටින අතර මහත් ප්‍රීතියට පත්ව සතුට පැතිරි උන්වහන්සේට පිදීමෙන් මෙලොවදීම සම්පත් ලැබේයයි ප්‍රාර්ථනා තැබීය. බාලයා ත්‍රිවිධ සම්පත් පැතීය දෙවැන්නා රහත්බවකින්ම පැතීය. පත්විය.

ඔවුහු දිවි ඇතිතෙක් සිට ඉන් චුතව දෙලොව ඉපිද බුද්ධාන්තරයක් ගෙවුහ. ඔවුන් දෙලොව සිටි කාලයේදීම විපස්සී බුදුන් ලොව පහළ වුහ. ඔවුද දෙලොවින් චුතවී බන්ධුමතී නුවර එකම කුල ගෙයක ජ්‍යෙෂ්ඨයා ජ්‍යෙෂ්ඨ සහෝදරයා ලෙසටද බාලයා බාල සොහොයුරා ලෙසටද උපත ලැබුහ. ජ්‍යෙෂ්ඨයා සේන වීය. කණිෂ්ඨයා අපරාජිත නම් විය. ඔවුන් වයසට පත් වූ විට කුටුම්බය පිහිටුවා වාසය කරන අතර බුද්ධ රත්නය ලොව පහළ විය. ධර්ම රත්නය සංඝරත්නය ද පහළ විය. දන් දෙව් පින්කරවු අද අටවක, අද අමාවක – උපෝසථ සමාදන්වමු. ධර්මය අසවු මේ ආදී ධර්මඝෝෂා බන්ධුමතී නුවර ඝෝෂා අසා මහජනයා පෙරවරු දන් දී සවස බණ ඇසීමට යනු දැක කුටුම්බක ඔබ කොහේ යන්නේදැයි විමසා බුදුන් වෙත ධර්මය ඇසීමට යයි දැනගත්විට මමද යමියි ඔවුන් සමග ගොස් පිරිස කෙළවර වාඩිවිය.

බුදුහු ඔහුගේ අදහස දැනගෙන අනුපිළිවෙළ කථාව කළහ. ඔහු බුදුන්ගේ ධර්මය අසා උත්සාහවත් වුයේ බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලුවේය. අනතුරුව බුදුහු ඔබට දැන්විය යුතු ඥාතීන් සිටීදැයි විමසුහ. ඔහු බාල සොහොයුරා වෙත ගොස් මේ කුලයේ යම් ධන සම්පතක් තිබේ ද ඒ සියලු දේ ඔබට අයත් වේවායි පැවසුවේය. ඔබ ස්වාමි යැයි විමසුවිට මම බුදුන් වෙත පැවිදි වන්නෙමි. ස්වාමියා කුමක් කියන්නේ ද මව මිය ගියවිට මෑණියන් වැනි විය. පියා මිය ගියවිට පියා වැනි විය. ඔබ මෙහි සිටියදීම සම්පත් ඇති නිසා මෙහිදීම පිං කළ හැකිය. මෙලෙස පැවිදි නො වන්නැයි ඉල්ලා සිටියේය. මවිසින් බුදුන් සමීපයේ ධර්මය අසන ලදී එය ගිහි ගෙයි සිටිය දී සපුරන්නට නොහැකිය. ඔබ නවතින්න මම පැවිදි වන්නෙමි. මෙලෙස බාල සොහොයුරා ගෙදර නවතා බුදුන් වෙත පැවිදිවී ලබන ලද උපසම්පදා ඇත්තේ නොබෝ දිනකින් රහත්ඵලයට පත්වූහ. බාලයාද පැවිදි වූ සොහොයුරාට සත්කාර කරමියි දින හතරක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දී සහෝදරයාට වැඳ මෙලෙස කීවේ. ස්වාමීනි ඔබ විසින් භව නිස්සරණය කරන ලදී. මට පස්කම් ගුණයේ බැදී නික්මී පැවිදි වීමටද නො හැක්කෙමි. මම ගෙයි සිටියදීම සුදුසු වූ මහත් පිංකම් කියා දෙන්නැයි පැවසුවේය. එහි දී තෙරුන් වහන්සේ යහපත නුවණැත්ත බුදුන්ට ගඳකිළියක් කරන්නැයි පැවසුවේය. ඔහු යහපතැයි පිළිගෙන නොයෙක් දැව වර්ග ගෙන්වා ගෙන කුළුණු ආදිය එකක් රත්න ඔබ්බවා තවෙකක් රිදී ඔබ්බවා තව එකක මැණික් ඔබ්බවා සියල්ලම සියළු රන් ජාති යොදා කරවා ඒවායෙන් ගඳකිළිය කරන කාලයේ වනාහි තමන්ට සමාන නම් ඇති අපරාජිත නම් බෑනා පැමිණ මම ද කරමි. මට ද ප්‍රාප්තිය දෙන්න. මාමණ්ඩිය යනුවෙන් ඉල්ලා සිටි විට දරුව නොදෙමි අන්‍යයන්ට අසාධාරණ වුවක් කරන්නෙමි ඔහු බොහෝ කොට ඉල්ලු පිං නොලැබුන විට ගඳකිළිය ඉදිරියේ ඇති ශාලාවක් කිරීම වටීයයි සරුවන්නේමය හත්ථි ශාලාවක් කළේය. ඔහු මේ බුද්ධොත්පාද කාලයේ මෙණ්ඩක සිටුවරයා වී උපන්නේය.

ගඳකිළිය සත් රුවන්මය විය. මහා ජනෙල් තුනක් විය. ඒවා ඉදිරියේ යට සුදුපැහැ ගැන් වූ පොකුණු තුනක් විය. සුවඳ වර්ග හතරක් ඇති ජලය පුරවා අපරාජිත ගෘහපති පස්වනක් පියුම් රෝපණය කළේය. බුදුරජාණන් වහන්සේ ඇතුළත වැඩ සිටින විට සුළඟින් නැගෙන මල්රේණු සිරුරට වැටීම සඳහා ගන්ධ කුටි මුදුනේ කපලු භාජනයක රත්න ස්වර්ණමය සුණු තිබුණි. පලුමය මුදුන් පත්යට මැණික්මය උළු කැට විය. නටන මොනරෙකුගේ රුව එහි වීය. සත් රුවන්වලින් කැටයම් කළයුතු දෑ කැටයම් කර ඉතිරි සියල්ලම ගෙන දණක් පමණ දුරට ගඳකිළිය වටකොට පිරිවෙණ පිරවීය

මෙලෙස ගඳකිළිය නිමාකොට අපරාජිත ගෘහපති සහෝදර තෙරුන් වෙත එළඹ මෙසේ පැවසුවේය. “ස්වාමීනි ගඳකිළියේ කටයුතු නිමා විය. එය පරිභෝග කිරීම අපේක්ෂා කරමි. පරිභෝග කිරීමෙන් මහත් පිනක් සිදුවේ. තෙරුන් වහන්සේ බුදුන් වෙත එළඹ ස්වාමීනි මේ කෙළඹියා විසින් ගඳ කිළිය නිමවන ලදී. දැන් එය පරිභෝග කිරීම අපේක්‍ෂා කරයි. යනුවෙන් පැවසුහ. බුදුරජාණන් වහන්සේ අසුනින් නැගී සිට ගඳකිළිය දෙසට ගොස් ගඳකිළිය වටා තබන ලද මැණික් රාශිය බලා දොරටු කොටුවෙහි වැඩසිටියහ. අනතුරුව කෙළෙඹියා ස්වාමීනි පිවිසෙන්නැයි පැවසුවේය. තථාගතයන් වහන්සේ එලෙසටම සිට තෙවැනි වර ඒ සහෝදර තෙරුන්දෙස බැලුහ. උන්වහන්සේ බැලු ආකාරයෙන්ම දැනගෙන කණිටු සොහොයුරාට (කෙළෙඹියාට) මෙසේ පැවසුවේය. එන්න දරුව මවිසින් ආරක්‍ෂාව සිදුකරනු ලැබේ. නුඹ වහන්සේ සුවසේ වාසය කරන සේක්වා යයි තථාගතයන් වහන්සේට කියන ලෙසට පැවසූහ. කෙළෙඹියා උන්වහන්සේගේ වචනය අසා බුදුන්ට පසඟ පිහිටුවා වැඳ ස්වවාමිනි යම් සේ මිනිස්සු ගස් මුල සිට අපේක්‍ෂාවක් නැතිවම ආපසු යන්නේද යම්සේ ගඟක් තරණය කර ඔරුව අතහැර බැහැ රයන්නේද එලෙසට අපේක්ෂාවක් නොමැතිවම ඔබ වහන්සේ වසන සේක්වායි පැවසුහ. කුමක් නිසා බුදුහු සිටගෙන සිටීද උන්වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. බුදුන් වෙතට පෙරවරුවේ ද සවස් කාලයේද බොහෝ දෙන පැමිණෙති. ඔවුන් මැණික් අරගෙන යනවිට වළක්වන්නට නොහැකිය. පිරිවෙන්හි මෙපමණ මැණික් විසුරුවා ඇතිවිට තව උපස්ථායකයින් ගෙනයනවිට වැළකිය නොහැකිය. කෙළෙඹියා මා කෙරෙහි වෛර බැඳ අපායගාමි වන්නේය. මේ කරුණ නිසා පළමුව ඇතුල් නොවී බලා සිටියහ. ඒවා මවිසින් රැකේ ඔබ වහන්සේ වාසය කරන්නැයි පැවසුවට පිවිසුනාහුය.

කෙළෙඹියාද හාත්පස ආරක්ෂාව තබා මිනිසුන්ට කීහ. දරුවනි උකුලේ හෝ සෙම්බුවල හා ගෙනයන්නන් වළක්වවු අතින් ගෙන යන්නන් නො වළක්වමු. නගරය තුළ ද දැනුම් දුනි. මවිසින් ගන්ධකූට පිරික්වෙනේ සරුවන් විසුරුවා ඇත. බුදුන්ගෙන් ධර්මය අසා යන්නවුන් දුගී අය දෙඅත් පුරවා ගනිත්වා – සුවපත් අය එක් අතකින් පමණක් ගෙනයමු. ඔහු මෙසේ සිතා මේ ලෙසට අණදුනි. සැදැහැවත්හු ධර්මය ඇසීමට පැමිණෙති. ශ්‍රද්ධා නැති අය ධන ආශාවෙන් ගොස් බණ අසා දුකින් මිදෙති. මේ නිසා ජනතාවට සංග්‍රහ වශයෙන් මෙලෙස දැනුම් දුන්නේය. මහජනයා ඔහු විසින් කියන ලද පරිදිම මැණික් ගත්තේහ. වරක් අඩුවූ විට පිරවීය මේ ලෙසට තුන්වතාවක් පිරවීය. දණක් පමණට සප්තරත්න පුරවාලීය. බුදුරදුන්ගේ පා තබන තැන පුහුල් ගෙඩියක් තරම් වූ මැණිකක් තබා තිබුණි. ඔහු මෙසේ තබන ලද්දේ බුද්ධ ශරීරයෙන් රන්වන් වූ ප්‍රභාශ්වෙන් යුත් මැණික් ප්‍රභාව බලන අයට තෘප්තියක් ඇති නොවේ. එනිසා එම මැණික තබන ලදී. මහ ජනතාව ද තෘප්තියක් නොමැතිවම බලා සිටියහ.

මේ අතර එක් මිථ්‍යාදෘෂ්ටික බමුණෙක් බුදුන් පාමුල අතර මැණික ගන්නෙමියි බුදුන් වන්දනා වට පැමිණි පිරිස අතරින් රිංගා ගොස් කෙළෙඹියා ඔහු ඇතුල්වුන ආකාරයෙන්ම මැණික ගනීයයි සිතා එය නොගනිවායි සිතු වේ. බ්‍රාහ්මණයාද බුදුන් පා වඳින ලෙසට පාද මුලයට අතයවා මැණික ගෙන ඔඩොක්කුවේ තබාගෙන ගියේය. කෙළෙඹියාට සිත ප්‍රසාදයට පත්කර ගැනීම පහසු නොවීය. හේ ධර්ම දේශනය අවසන බුදුන් වෙත එළඹ ස්වාමීනි මම ගඳකිළිය වටා තුන්වතාවක්ම සත් රුවන් පුරවාලීමි. ඒවා ගැනීමේදී මට අවසානයක් ඇති නොවීය. සිත බහුලව බහුලව පැහැදුණේ විය. අද බ්‍රාහ්මණයා මැණික වෙත එනවිට අහෝ නොගනීවායි සිතුවෙමි. එහෙත් එය රැගෙන යන විට මගේ සිත ප්‍රසාදයට පත්කර ගැනීමට නොහැකිවිය බුදුරදුන් ඔහුගේ කථාව අසා උපාසකය තමන් සතු දේ අන් අය විසින් නොගෙන යන්නට කටයුතු කිරිම කළ නොහැකියයි න්‍යායක් දුන්නේය. හේ බුදුන් විසින් දෙන ලද න්‍යාය අනුව සිට බුදුන් වැඳ ස්වාමීනි අද පටන් මා සතු ඇදි වතක නූලක් පමණවත් මා අභිභවා නොයෙක් සියගණන් රජවරුද – සොරුන්ද ගැනීමට සමත් අය නොවේවායි ප්‍රාර්ථනයක් කළේය. බුදුරදුන්ද එලෙස වේවායි අනුමෝදනා කළහ. ඔහු ගඳකිළි මහ උත්සවය කරද්දී හැට අට දහසක් භික්ෂූන් වහන්සේලාට මහදන් පිරිනමා කෙළවර තුන් සිවුරු පුජා කළේය. නවක භික්ෂූන්ට සිවුරු රෙදි ලක්‍ෂයක් අගනා ඒවා පරිත්‍යාග කෙරුණි.

ඔහු මෙසේ දිවි ඇතිතෙක් පිංකර ඉන් චුතවුයේ දෙලොව ඉපදුණේ මෙපමණ කල් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාද කාලයේදී රජගහනුවර එක් සිටුකුලයක ප්‍රතිසන්ධි ගෙන දස එකඩ මසක් මවුකුස සිටියේය. ඔහු උපන්දින නගරයේ සියළු ආභරණ ද දිළිසුනි. ආලෝකයක් නිකුත් වුනි. නගරයම එකම ප්‍රභාවක් පැවතුනි. සිටාණෝ ද අළුයම රාජ්‍ය උපාස්ථානයට ගියේය. අනතුරුව රජු විසින් විමසන ලදී. අපේ සියළු ආයුධ දිළිසුණි. නගරයට එකම ආලෝකයක් විය. ඔබ මෙයට හේතු කාරණ දන්නේද? රජතුමන් දනිමි. කුමක්ද හේතුව මගේ ගෙයි ඔබේ දාසයෙක් උපන්නේය. ඔහුගේ පුතෙදින් මෙය සිදුවිය. කුමක්ද ඔහු හොරෙක් වන්නේද? නැත දේවයනි, කරන ලද අධිකාර ඇති පිංවතෙකි. එනිසා ඔහු වෑයමින් පෝෂණය කිරීම වටී. මෙය කිරි සඳහා වේවායි. දෛනිකව දහයක් නියම කර පැනවීය. මොහුට නම් තබන දින මුළු නගරයම බැබළුන නිසා ජෝතිය යනුවෙන් නම් කෙරුණි.

අනතුරුව ඔහු වැඩිවියට පත්කල නිවසක් සැදීම සඳහා බිම සකස් කරන විට සක්දෙවිදු භවන උණුසුම් විය. සක්දෙවිදු මේ කුමක්දැයි සොයා බලන්නේ ජෝතියට ගෙයක් ගන්නේ යයි දැන මෙබඳු ගෙයක ඔහු නොවටීයයි මා විසින් එහි යායුතු යයි වඩුවෙකුගේ වේෂයෙන් එහි ගොස් කුමක් කරන්නේදැයි විමසා ජෝතියන්ගේ ගෙය හදන තැන ගන්නෙමුයි. පහවයවු මොහු තොප විසින් කරන ගෙයි නොවසයි කියා සොළොස් කරියක් පමණ භූමි ප්‍රදේශය බැලුවේය. එකෙණෙහිම එම ප්‍රදේශ කසිණ මණ්ඩලයක් ලෙස සමාන විය. නැවත මෙතැන පොළව බිඳ සප්ත රතනමය ප්‍රාකාර සහිත සත්මහල් පහයක් ඇතිවේයි සිතා බැලු වේ. එවෙලෙහිම සත්මහල් ප්‍රාසාදයක් පැන නැගුනි. නැවත මේ මන්දිරය වටකොට සප්ත රත්නමය ප්‍රාකාර හතක් වේවායි සිතා බැලුවේය. එබඳු වූ ප්‍රාකාර පැන නැගුනි. මේ මා අතර කල්පවෘක්‍ෂ හටගනිත්වායි ප්‍රාසාදයේ සතර කොන්හි ප්‍රාසාද හතරක් නැතැයි සිතා බැලුවේය. සියල්ල එසේම ඇතිවිය. එසේ සතර කොනෙහි සතර නිධිකුම්භ (නිධාන් පිරවූ මහතළ) ඇති වේවායි සිතා බැලුවිට එකක් යොදුනක් දිගවිය. එකක් ගවු තුනක්විය එකක් අඩයොදුනක් දුරට පිහිටියේය, එකක්ගවු පමණ දුරවිය. බෝසතුන්ට පහළ වු නිධිකුම්භ මේවාගේ කටටම සමානවිය. යටට පොළොව අවසානයට පැතුරුනි. ජෝතිය සිටුවරයාට පහළ වු නිධිකුම්භයන්ගේ මුඛ පරිමාව කියා නැත සියල්ලම කට කැපු තන්ගෙඩි සේ පිරිතිබුණි. සතර මුළුවල තරුණ තල් කඳක් ප්‍රමාණ වූ සතර රන්මය උක් යෂ්ඨි ඇතිවිය. ඒවායේ මැණික්මය කොළ ස්වර්ණමය උක් යෂ්ටි ඇතිවිය. පෙර කරන ලද කර්ම දැක්වීම මේ සියල්ල පහළ විය.

දොරවල් හතේ යක්ෂයෝ සත් දෙනෙක් ආරක්ෂාව ගත්හ. පළමු දොර කොටුවේ යමකවෝලි නම් යක්‍ෂයා පිරිවර යකුන් දහයක් සමග ආරක්ෂාව ගත්තේය. දෙවැනි දොරටුවේ “උප්පල” නම් යක්‍ෂයා තම යක්‍ෂ පිරිස දෙදහසක් සමග ආරක්ෂාව ගත්හ. තුන්වැනි දොරටුවේ “වජිර” නම් යක්‍ෂයා තුන් දහසක් පිරිස සමග ආරක්ෂාව ගත්තේය. හතර වැනි දොරටුවේ “වජිර බාහු” යක්‍ෂයා හාර දහසක් සමග ආරක්ෂාව ගත්තේය. පස්වැන්නේ පන්දහසක් සමග ද සයවැනෙහි කටත්ථ නම් යක්ෂයා සයදහසක් යක්ෂයන් ද සමගද හත් වැන්නේ දිසා මුඛ නම් යක්‍ෂයා හත් දහසක් සමග ආරක්ෂාව ගත්තේය මේ ලෙසට ප්‍රාසාදයේ ඇතුළත ද පිටතද දැඩි ආරක්ෂාවක් විය. මේ තොරතුරු අසා බිම්බිසාර රජු සෙට්ඨි ඡත්‍රය යැවීය. ඔහු ජෝතිය සිටු නමින් ප්‍රසිද්ධ විය.

ඔහු සමග කරන ලද කුශල කර්ම නිසා ස්ත්‍රිය උතුරුකුරු ප්‍රදේශයේ උපන්නාය. අනතුරුව දෙවියෝ ඇය ගෙනවුත් ශ්‍රීයහන් ගබඩාවේ නිදිකර තැබුහ. ඇය එන විට එක් සහල් නැලියක් දිලිසෙන ගල් තුනක් ගත්තේය. ඔහුගේ දිවි ඇතිතෙක් ඒ සහල් නැලියේ බත්ම විය ඉදින් අවශ්‍යනම් ගැල් සියයක් මුව පිරීමට කැමතිවේ නම් එය නැලියක් ලෙසටම පවතී. බත් උයන විට සහල් සැළියේ තබා ඒ ගල්උඩ තබයි. ගල් ඒ වේලාවේ දිලිසී ඇවිල බත් උයන විට පැසී නිවීයයි මේ සංඥාවෙන් බත පැසීබව ඇති දනී. සුප ආදීය උයන විටද මේ ලෙසටම ඉදේ. ගෘහයේ මැණික් ආලෝකයෙන්ම වසන්නී ගින්නේ හෝ පහසේ හෝ ආලෝකය නො දන්නීය. ජෝතිය සිටුවරයාගේ මේ සම්පත් පිළිබඳව මුළු දඹදිවම ප්‍රසිද්ධවිය. මහජනයා යාන වාහන යොදාගෙන මන්දිරය බැලීමට එති. ජෝතිය සිටුවරයා පැමිණි සැමට උතුරු කුරු දේශයේ බත් පිසදෙයි කල්ප වෘක්‍ෂයෙන් වස්ත්‍ර ගනීවා ආභරණ ගනීවායි අණ කරයි. තුන්ගව් පමණ වූ නිධානවලින් කට විවෘත කරවා යැවීමට අවශ්‍ය මුදල්) ධනය ගන්නැයි නියෝග දුනි. මුළු දඹදිවවාසීන් ධනය ගත්තේ පමණක් දැගුලෙත් ගත් නොවීය. එය අඩු නොවේ. ගඳකිළියේ පිරිවෙනේ වැලි අතුරුවා විසිරුවන ලද මැණික් නිසා ලද සම්පත්තියයි.

මෙලෙස මහජනයා පැමිණ කැමති දැ අරගෙන යන විට බිම්බිසාර රජුටද මෙය බලන්නට සිතක් ඇතිවිය. ජෝතිය සිටුවරයාගේ පියාට මෙසේ කීවේය. ඔබේ පුතුගේ ප්‍රාසාදය දකිනු කැමැත්තෙමි. ඔහු දේවයන් යහපතැයි කියා ගොස් පුතුට පැවසුවේය. දරුව රජු ඔබේ ප්‍රාසාදය දකිනු කැමතිය. යහපත පැමිණෙයි දැන්වුවිට රජු මහත් පිරිවර සමග එහි ගියේය. පළමු දොරකොටුවේ දී අතුගා කසළ බැහැර කරන දාසිය රජුට අත දුන්නාය. රජු සිටුවරයාගේ බිරිඳ යයි සිතා ඇගේ බාහුවේ අත නොතැබුවේය. මේ ලෙසට අනෙක් දොරටුවල දාසීන් සිටු බිරිය යයි සිතමින් ඇගේ බාහුවේ අත නොතැබුවේ. ජෝතිය පැමිණ ඉදිරියට පෙර ගමන්කර නමස්කාර කර පසුපසින් සිට දේවයන් පෙරට යන්නැයි පැවසුවේය. රජු මැණික් ඇල්ලු පොළොවේ මිනිසුන් සියයක් මෙන් පෙනේ ඔහු මම ගැනීම සඳහා අවධානයක් කරන ලද්දේයයි සිතුවේ පා එසවීමට නොහැකි විය ජෝතිය දේවයනි මෙය අවමානයක් නොවේ. මා පසුපස එන්නැයි පෙරට ගියේය. රජු ඔහු නැගුපසු රජු පා තබා ඉහළම තලයේ සිට ප්‍රාසාදය බලන්නේ හැසිරුනේය. එදින අජාසත්ත කුමරුද පියාගේ ඇගිල්ලේ එල්ලී හැසිරෙන්නේ මෙසේ සිතුවේය. හෝ මගේ පියා කෙතරම් අද බාලයෙක්ද? පියාගේ සිටුවරයා සත්රුවන්මය ප්‍රාසාදයක වාසයකරයි. මම රජ වී මෙන් පසුව මොහුට මෙම මන්දිරයේ වාසය කිරිමට නොදෙමි.

රජුද උපරිම තලයට නගින විට උදේ ආහාර ගන්නා වේලාව ළඟාවිය. රජු සිටුවරයාට කථා කොට මහ සිටුතුමනි මෙහිම ආහාර ගනිමු. දනිමි දේවයන් රජතුමාට ආහාර පිළියෙළ කර ඇත. ඔහු සොළොස් සුවඳ කළයකින් ස්නානය කර රන්මය වු සිටුවරයාගේ වාඩිවන මණ්ඩපයේ පනවා තිබු අසුනේ වාඩි වුයේය. අනතුරුව රජුට අතසෝදන ජලය දී ලක්ෂයක් වටිනා රන් බඳුනක තෙත් කිරිබත් බෙදා රජු ඉදිරියේ තැබුවේය. රජු භෝජනයකැයි හැගීමෙන් කන්නට පටන් ගති. සිටුවරයා දේවයෙනි, මෙය භෝජනයක් නොවේ. කිලින්න පයාස නම් අනෙක් රන් බඳුනක භෝජන වඩා මුල් භාජනය තැබුහ. උඩ තැබු බදුනේ උණු නිසා වැළදීම පහසුය. රජු මධුර ආහාර අනුභව කරන්නේ ප්‍රමාණයක් නො දන්නේය. අනතුරුව සිටුවරයා එයද ඇඳිලිබැඳ ඇත දේවයනි මෙය ප්‍රමාණවත් වේ. මෙයට වඩා ගැනීමෙන් දිරවිමට අපහසු වනු ඇතැයි පැවසුවේය. අනතුරුව රජු මෙසේ කීවේය. ඇයි ගෘහපතිය ගරුකොට කියන්නේ තමන්ගේ බත දේවයනි මේවා අපේ නොවේ. සියළුම බලකායට මෙයම බත මේ ව්‍යඤ්ජන ද මට අපකීර්තියට ද බිය වෙමි. ඇයි ඒ ඉදින් දේවයන් වහන්සේට කායික අලසවත්බවක් ඇතිවේ නම් ඊයේ රජතුමා සිටුවරයා බත අනුභව කරන ලදී. සිටුවරයා විසින් කිසිවක් කරන ලද්දේ යයි යන වචනවලට මට බියවෙමි. එසේ නම් බත් ගෙන යන්න. ජලය ගෙන එන්න. රජු බත්කිස අවසානයේ ඒ සියළු රජ පිරිවර රජු බත්කිස අවසානයේ ඒ සියළු රජ පිරිවර ද ඒ බත අනුභව කළහ.

රජ සුබ කථාවෙන් සිටියේ සිටුවරයා අමතා කිම මේ සිටු මැදුරේ බිරිඳක් නැත්දැයි විමසුවේය. දේවයෙහි ඇත. ඇය කොහේද සිරියහන් ගබඩාවේ සිටී දේවයන් පැමිණිබව නොදනී. රජු පිරිවර සහිතව පැමිණි බව නො දනී. රජතෙමේ ඔබ දකිනු කැමතිවේ. රජු දැකීමට නොවටින්නේදැයි සිටු බිරිඳට කීවේය. ඇය නිදාගෙන ගෙන ස්වාමීනි රජු කවුරුද ? රජු නම් අපේ ප්‍රධානියායි පැවසුවාට අකමැත්ත පවසමින් අපේ පිං දුබලය අපට වඩා ඉසුරෙන් නොසිටීමට ශ්‍රද්ධාවෙන් පිං නොකිරීම නිසා සිදුවිය. ඒකාන්තයෙන් නො අදහා දන් දෙන ලද්දේය මේ එහි ඵලයකි. ස්වාමීනි දැන් කුමක් කරන්නද – පවන් සැලිය යුතුය සොඳුර ඇය තල්වැට ගෙන අවුත් රජුට පවන්සලා සිටිය දී රජුගේ හිස් වෙළුමේ ගඳ මිශ්‍ර සුළඟ වේදනා විය. අනතුරුව ඇසේ කඳුළු ධාරා ඇතිවිය. මේ දැක රජු සිටුවරයාගෙන් විමසුවේය. ගැහැනුනම් අඩු නුවණ ඇති අයයි. රජු මගේ ස්වාමියාගේ සම්පත් ගනී යයි බියෙන් අඩනු ඇත. ඔබේ බිරිද අසන්න ඔබේ සම්පත්වලින් මට වැඩක් නැති බව කියන්න. නැහැ රජතුමනි. ඇය එනිසා අඩන්නේ නැත. එසේ නම් කුමක් නිසා ඇය අඩන්නේද? ඔබ වහන්සේගේ හිස් වෙළුමේ ගඳ ඇගේ ඇස පහරයි. ඇය ඉර එළිය පහන් එළිය නො ගනී. ඇය මැණික් ආලෝකයෙන් ආහාර ගනී. නිදා ගනී. රජ තුමා පහන් එළියෙන් සිටියේ වෙයි. එසේය සිටුවරය එසේම් දේවයනි අදින් පසු මැණික් එළියෙන් සිටින්නැයි මහත්වු පුහුල්ගෙඩියක් සමාන උතුම් මැණිකක් පිරිනැමීය. රජ ගෙය බලා ජෝතිය සිටුවරයාගේ සම්පත් ඉතා මහත් යයි කියා පිටත්ව ගියේය. අජාසත් රජු දෙව්දත් තෙරුන් සමග එකට එකතුවී පියා ඝාතනය කර රාජ්‍යයේ පිහිටියේ ජෝතිය සිටුතුමාගේ ප්‍රාසාදය ගන්නෙමියි සංග්‍රාම සන්නධ වූයේ නික්මී මැණික් ප්‍රාකාරයේ පිරිවර සහිත තම ඡායාව දැක ගෘහපති මා යුද්ධ කිරිමට සුදානම් වී බලසෙනග ගෙන නික්මී යයි සළකා ළඟට යාමට නොහැකි විය. සිටුවරයාද එදින උපෝසථ සමාදන් වී අළුයම පැහැර ගෙන විහාරයට ගොස් බුදුන්ගෙන් බණ අසමින් සිටියේය. පළමුවර කොටුව ආරක්ෂාව ගෙන සිටි යමකෝලි යක්‍ෂයා ඔහු දැක කොහේ යන්නේදැයි පිරිවර සහිතව විනාශ කොට දිසා විනිසාවන්හි ලුහු බැන්දේය. රජු විහාරයටම ගියේය,

අනතුරුව සිටුවරයා දැක දේවයනු කුමක්දැයි පවසා නැගිසිටියේය. ගෘහපතිය කිම ඔබ ඔබේ පුරුෂයන් මා හා යුද්ධ කිරීමට යොදා යුද්ධ කිරීමට අණකර මෙහි අවුත් බණ අසන ලෙස සිටියි. පැවසුවේය. එවිට සිටුවරයා ඇයි දේවයෙනි. මගේ ගෙය ගැනීමට ගියේද? ඔව් ගියෙමි. මම අකමැතිව මගේ ගෙය ගැනීමට රජවරු දහයකටවත් ගත නොහැකිය. එහිදී ඇය ඔබ රජුද? කියා විමසුවේය. රජතුමනි මා සන්තක නූල්පොටක් හෝ මගේ අකමැත්තෙන් රජවරුන් විසින් හෝ තෙරුන් විසින් හෝ ගැනීමට නොහැකිය. මම ඔබේ කැමැත්තෙන් ගන්නේ කුමක්දැයි විමසුවේය. හොඳයි දේවයති මේ ඇඟිලි දහසේ මුදු විස්සක් ඇත. මේවා ඔබට නොදෙමු හැකිනම් ඔබ ගන්නැයි පැවසුවේය. එහිදී රජු දණ ගසා උක්කුටුකයෙන් සිට පනින්නේනම් රියන් දහයක් උඩට නැගී සිටගෙන පනින්නේ නම් රියන් අසූවක් උඩට යන්නේය මෙබඳු බලසම්පන්න රජු එහෙ මෙහෙ පෙරළෙමින් එක මුදුවක්ද කඩාගැනීමට නොහැකි විය. අනතුරුව සිටුතුමා දේවයෙනි සළුව අතුරන්නැයි කියා ඇගිලි ඍජු ලෙසට තැබුවේය. මුදු විස්ස නික්මී වැටුනි. අනතුරුව සිටුවරයා දේවයෙන් මා සන්තක ද මගේ අකමැත්තෙන් ගත නොහැකියයි පවසා රජුගේ ක්‍රියාදාමයෙන් කළකිරුණ සිටුවරයා මට පැවිදිවීම අවසර දෙන්නැයි පැවසුවේය. ඔහු පැවිදි වූ විට සුබ ප්‍රාසාදය ගන්නෙමියි සිතා එක වචනයෙන්ම නුඹ පැවිදිවන්නෙයි පැවසුවේය. සිටුවරයා බුදුන් වෙත පැවිදි වී නොබෝ කලකින් රහත්බවට පත්විය. ජෝතික ථේර නමින් හැදින්වුනි. ඔහු රහත් බවට පත්වූ විගස සියලුම ඒ සම්පත් අතුරුදහන් විය. සතුලකාය නම් බිරිඳ ද දෙවියන් විසින් උතුරු කුරු දේශයට ගෙන ගියහ.

පසුදිනෙක භික්ෂූන් ඔහු අමතා ඇවැත්නි ජෝතිය එම ප්‍රාසාදය හෝ ස්ත්‍රිය කෙරෙහි තෘෂ්ණාවක් ඇත්දැයි විමසුහ. ඇවැත්නි නැතැයි පැවසු විට ඒ පිළිබඳව බුදුන්ට දැනුම් දුන්හ. සිදුනොවූවක් කියන බව පැවසු විට ඒ පිළිබඳව මහණෙනි මගේ පුතුට ඒවා පිළිබඳ තණ්හාවක් නොමැති බව පැවසුහ.

මෙලොව යමෙක් කාම තෘෂ්ණ බැහැර කොට ගිහිගෙයින් බැහැරව පැවිදිවේ ද කාමයන් හා භවයන් දුරුකළ ඔහු බ්‍රාහ්මණයයි මම පවසමි.මේ ජෝතිය සිටුවරයාගේ කථාවයි.

සියලු බුදුවරුන් අත් නොහරින තැන් සතර

සියලු බුදුවරුන් වහන්සේලාටම අත් නොහරින තැන් සතරෙක් වෙයි. 

සියලු බුදුවරුන්ට බෝධිපර්යංකය අතනොහැරම එකම ස්ථානයක වෙයි. ධම්සක් පැවැත්වීම, ඉසිපතන මිගදායෙහි නොවෙනස්වම වෙයි. දෙවොරෝහණ වෙලාවෙහි සකස්පුර දොර පළමු පාතබන තැන නොවෙනස්ව වෙයි. දෙව්රම ගඳකිළියෙහි ඇඳෙහි සතර පා තැන නොවෙනස්වම වෙයි. විහාරය වනාහි කුඩා හෝ ලොකු හෝ වෙයි. නගරය වෙනස් නොවන්නේමය.