මහාකච්චාන මහරහතන් වහන්සේ.

මහාකච්චාන මහරහතන් වහන්සේ.

පියුමුතුරා සම්බුදුන්වහන්සේගේ කාලයෙහි ගැහැවි මහසල් කුලයෙක ඉපිද වියට පැමිණියේ කියනලද ක්‍රමයෙන්ම එක් දිනක් වෙහෙරට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් තමන් සැකෙවින් කියනලද ධර්‍මයාගේ අත්‍ථර්‍ය විස්තර වශයෙන් බෙදා දක්වන්නාවූ භික්‍ෂූන් අතුරෙන් එක් භික්‍ෂුවක අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාසතෘන්වහන්සේ දැක, ශාස්තෘන්වහන්සේ යමකු මෙසේ වර්‍ණණා කරනසේකද මේ භික්‍ෂුව ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයෙකි මා විසින්ද අනාගතයෙහි එක් බුදු කෙනකුන්ගේ සසුනෙහි මෙබන්දකු වීමට වටීයයි ශාස්තෘන්වහන්සේට ආරාධනා කොට (පෙර) කියනලද ක්‍රමයෙන්ම සත්දිනක් මහදන්දී, ස්වාමීනි, මම මෙම සත්කාරයාගේ බෙලෙන් අන් සැපතක් නොපතමි.’ අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මෙයින් සත්දිනකට මත්තෙහි නුඹවහන්සේ විසින් තනතුරෙහි තැබූ භික්ෂුව මෙන් මමද ඒ තනතුර ලබම්වා’යි ප්‍රාත්‍ථර්‍නාකොට පාමුල්හි වැද හොත්තේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ‘මෙම කුලපුත්‍රයාගේ පැතුම ඉටුවන්නේය’යි දැක, පින්වත් කුලපුත්‍රය, අනාගතයෙහි කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුකෙනෙක් පහළ වන්නාහ. ඔබ උන්වහන්සේගේ සසුනෙහි සැකෙවින් කියනලද ධර්‍මයාගේ අත්‍ථර්‍ය විස්තර වශයෙන් බෙදා දක්වන්නාවූ භික්‍ෂුන් අතුරෙන් අග්‍ර වන්නෙහියයි විවරණදී අනුමෙවෙනි කොට වැඩිසේක.

ඒ කුලපුතුද දිවි ඇති තෙක් කුසල්කොට කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතරෙහි සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක පිළිසිඳගෙන ශාස්තෘන් පිරිනිවන් පෑකල්හි ස්වර්‍ණ චෛත්‍යය කරන තැනට එය ලක්‍ෂයක් වටිනා රන් උළුයෙන් පුදු කොට ‘භාගයවතුන්වහන්ස, උපනුපන් තන්හි මගේ සිරුර රන්වන් වේවා’යි ප්‍රාත්‍ථර්‍නා කළේය. ඉන් දිවි ඇති තෙක් කුසල් කොට එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරා අපගේ බුදුන්වහන්සේගේ උප්පත්ති කාලයෙහි උජ්ජයිනි නගරයෙහි පුරෝහිතයාගේ ගෙහි උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි, මගේ පුතා රන්වන් සිරුර ඇත්තෙකි. තමා විසින්ම තමාගේ නමගෙන ආවෙකිසි ඔහුට කඤ්චනමානටකයායි නමක් කළාහුය. හෙතෙම වියට පැමිණ තුන් වේදයන් උගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලැබුවේය. හෙතෙම ගෝත්‍ර වශයෙන් කච්චාන නම් වූයේය.

චණ්ඩප්පජ්ජොත රජතෙමේ ඇමතියන් රැස්කරවා, ‘බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක. දරුවනි, උන්වහන්සේ වැඩමවා ගෙන ඒමට හැකි අය ගොස් වැඩමවාගෙන එවු’යයි කීවේය. ‘දේවයන්වහන්ස, දශබලයන් වහන්සේ වැඩමවාගෙන ඒමට අන් සමතෙක් නැත. ආචාර්‍ය්‍ය කච්චාන බ්‍රාහ්මණයාටම සමත්වෙයි. ඔහු යවනු මැනවැ’යි කීහ. රජතෙමේ ඔමු කැඳවා, දරුව බුදුන් සමීපයට යව’යි කීවේය. ‘මහරජ, ගොස් පැවිදිවීමට ලබන්නේ යන්නෙමි’යි බමුණා කිවේය. ‘දරුව, යම්කිසිවක් කොට තථාගතයන්වහන්සේ ගෙනෙව.’ හෙතෙම බුදුන් සමීපයට යන්නහුට මහපිරිසකගෙන් වැඩක් නැතැයි තමන් තමන් අටවැන්නා කොට ඇත්තේ ගියේය. ඉක්බිති බුදුරජාණන්වහන්සේ ඔහුට ධර්‍මදේශනා කළ සේක. දෙසුම අවසන්හි සත්දෙනා සමඟ පිළිසිඹියා සහිත රහත් බවට පත්විය. ශාස්තෘන්වහන්සේ, ‘මහණෙනි, එවු’යයි අත දිගුකළ සේක. එකෙණෙහිම සියල්ලෝ අතුරුදන්වූ කෙස් රැවුල් ඇත්තෝ සෘද්ධිමය පාසිවුරු දරන්නාහු වස්සියයක්වූ තෙරවරුන් මෙන් වූවාහුය.

තෙරුන්වහන්සේ තමාගේ කිස මුදුන්පත් වූ කල්හි නිහඬව නොහිඳ කාළුදායී තෙරුන් මෙන් ශාස්තෘන්වහන්සේට උජ්ජෙනිපුරට යාම සඳහා ගමන් වැණුම කළේය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ වචනය අසා කච්චාන තෙමේ තමන් උපන් රටට යාම බලාපොරොත්තු වේයයි දැනගත්සේක. බුදුවරුනම් එක්කරුණක් නිසා යාමට නුසුදුසු තැනට නොයති. එහෙයින් තෙරුන්ට, ‘භික්‍ෂුව, නුඹම යන්න. නුඹ ගිය කල්හිද රජතෙමේ පැහැදෙයි’යි කීසේක. තෙරුන්වහන්සේ බුදුන්වහන්සේලාගේ කථා දෙකක් නම් නැතැයි තථාගතයන් වැද තමන් සමඟ ආවාවූම භික්‍ෂූන් සත්දෙනා සමඟ උජ්ජියිනියට යන්නාහු අතරමග තෙලප්පනාලි නම් නියම්ගමක් වේ, එහි පිඬුපිණිස හැසිරුණහ. ඒ නියම්ගමෙහි සිටුදියණියන් දෙදෙනෙක්වූහ. එකියක් පිරිහුණු කුලයක උපන්නී දිළිඳුවූවා මව්පියන්ගේ ඇවෑමෙන් කිරිමව නිසා ජීවත්වෙයි. ඇයගේ ආත්මභාවය වනාහි සමෘද්ධිමත්ය. කෙස් අන්‍යයන්ට වඩා බෙහෙවින් දිගුය. ඒ නියම් ගමෙහිම අනෙක් ඉසුරුමත් සිටු කුලයෙහි දියණිය කෙස් නැත්තීය. ඕ එයින් පෙර ඇයගේ සමීපයට යවා සියයක් හෝ දහසක් හෝ දෙන්නෙමියි කියාද කෙස් ගෙන්වා ගැනීමට නොහැකිවූවාය.

එදිනයෙහි ඒ සිටුදියණිය භික්‍ෂූන් සත්දෙනකු පිරිවර කොට ඇති මහාකච්චාන තෙරුන්වහන්සේ හිස් පාත්‍රය ඇතිව යනු දැක, ‘මේ රන්වනුවූ එක් බ්‍රාහ්මණභික්‍ෂුවක් සේදූ ලෙසින්මවු පාත්‍රයෙන් වඩියි. මටද වෙන ධනයක් නැත. අසුවල් සිටු දියණිය මේ කෙස් සඳහා (පණිවිඩ) එවයි. දැන් මෙයින් ලැබූ ඉපැයීමෙන් තෙරුන්ට දාන වස්තුවක් දීමට හැකිය’යි කිරීමව යවා තෙරවරුන් ආරාධනා කොට ඇතුළු ගෙහි වැඩහිඳෙව්වාය. තෙරවරුන් වැඩසිටි කල්හි ගැබට පිවිස කිරිමව ලවා තමන්ගේ කෙස් කප්පවා, ‘මෑණියනි මේ කෙස් අසුවල් නම් සිටුදියණියටදී ඕ යමක්දෙයිද එය ගෙනෙන්න. ආර්‍ය්‍යයන්ට පිණ්ඩපාතය දෙන්නෙමු’යි කීවාය. කිරිමව පිටිඅතින් කඳුළු පිස එක් අතකින් හෘදයමාංශය වළක්වා තෙරුන් සමීපයෙහි සඟවාගෙන ඒකෙස් ගෙන ඒ සිටුදියණිය සමීපයට ගියාය.

වෙළඳ බඩුව නම් හරවත්වූවත් තෙමේ යවන ලද්දේ ගෞරවය නොඋපදවයි. එහෙයින් ඒ සිටුදුව, ‘මම පෙර බොහෝ ධනයෙනුදු මේ කෙස් ගෙන්වා ගන්නට නොහැකි වූයෙමි. දැන්වනාහි සිඳින ලද කාලයෙහි පටන් මිල පරිද්දෙන් ලබන්නේය’යි කිරීමවට කීවාය: මම පෙර ඔබගේ ස්වාමිදියණියට බොහෝ ධනයෙන්ද මේ කෙස්ගෙන්වා ගන්නට නොහැකි වූයෙමි. යම් තැනකට යවන ලද ජීවකේශයෝ කහවණු අටක්ම අගය වෙතියි කහවණු අටක්ම දුන්නාය. කිරිමව කහවණු ගෙනගොස් සිටුදියණියට දුන්නාය. සිටු දුව එක් එක් පිණ්ඩපාතය එක් එක් කහවණුවක් කොට තෙරවරුන්ට දෙවෙව්වාය. තෙරුන්වහන්සේ නුවණින් සලකා බලා සිටුදියණියගේ උපනිශ්‍රය දැක සිටුදුව කොහිදැයි ඇසූහ. ‘ආර්‍ය්‍යයන්වහන්ස, ගර්‍හයෙහිය.’ ‘ඇය කැඳවන්න.’ ඕතොමෝ තෙරුන් කෙරෙහිවූ ගෞරවයෙන් එක් වචනයකින්ම අවුත් තෙරුන් වැඳ මහත් ශ්‍රද්ධාවක් ඉපදෙව්වාය. ‘යහපත් කෙතෙහි පිහිටුවනලද පිණ්ඩපාතය ඉහාත්මයෙහිම විපාකදේය’යි තෙරුන්ට වැඳීමත් සමඟ කෙස් පියෙවි බැව්හිම සිටියේය. තෙරවරු ඒ පිණ්ඩපාතය ගෙන සිටු දියනියබලා සිටියදීම අහසට නැඟී කංචනවනොද්‍යානයෙහි බටහ.

උයන්පල්ලා තෙරවරුන් දැක රජු සමීපයට ගොස් දේවයන්වහන්ස, පුරෝහිත කච්චාන උතුමා පැවිදිවී උයනට ආවේයයි කීවේය. හටගත් කැමැත්ත ඇති චණ්ඩප්පජ්ජොත රජතෙමේ උයනට ගොස් කරනලද බත්කිස ඇති තෙරුන් පසඟ පිහිටුවා වැඳ එකත් පසෙක හුන්නේ ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ කොහිදැයි ඇසීය. ‘මහරජ, ශාස්තෘන්වහන්සේ තමන් නොපැමිණ මා එවූසේක’යි කීහ. ස්වාමිනි, අද කොයින් හික්‍ෂාව ලැබූසේකද? තෙරුන්වහන්සේ, රජුට සිටුදුව විසින් කරනලද සියලු දුෂ්කරක්‍රියාව සැලකළහ. රජතෙම් තෙරුන්ට විසීමට තැනක් පවරාදී තෙරුන් ආරාධනාකොට නිවෙස්නට ගොස් සිටුදියණිය ගෙන්වා අගමෙහෙසි තනතුරෙහි තැබීය. මේ ස්ත්‍රියගේ කීර්තිලාභයද මේ අත්බවටම අයත්විය.

එතැන්පටන් රජතෙමේ තෙරුන්ට මහත් සත්කාර කළේය. තෙරුන්ගේ ධර්‍මකථාවට පැහැදී මහජනයා තෙරුන් සමීපයෙහි පැවිදි වූවේය. එතැන්පටන් සියලු නුවර එකම කසාවතින් බැබළුනේ සෘෂිගණයාගෙන් ගැවසුණු උඩු සුළං ඇත්තේ විය. ඒ දේවියද දරුගැබක් ලැබ දසමසක් අවෑමෙන් පුතකු වැදුවාය. ඔහුට නම්තබන දිනයෙහි ‘ගොපාල කුමාරයා’යි මවගේ පිය සිටාණන්ගේ නම කළාහුය. ඕ පුතාගේ නම වශයෙන් ගොපාලමාතාදේවී නම් වූවාය. ඕතොමෝ තෙරුන්කෙරෙහි බෙහෙවින් පැහැදී රජු කැමැති කරවාගෙන කංචන වන උයනෙහි තෙරුන්ට විහාරයක් කරවූවාය. තෙරුන්වහන්සේ උජ්ජෙනි නගරය පහදවා යළි ශාස්තෘන් සමීපයට ගියහ. ඉක්බිති ශාස්තාන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩවසනසේක් මධුපිණ්ඩික සූත්‍රාන්තය කච්චනපෙය්‍යාල සූත්‍රාන්තය පාරායන සූත්‍රාන්තය යන මේ සූත්‍රාන්ත තුන අර්‍ත්‍ථොත්පත්ති කොට තෙරුන්වහන්සේ සැකෙවින් කියනලද ධර්‍මයාගේ අත්‍ථර්‍ය විස්තර වශයෙන් බෙදා දක්වන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

පුණ්ණ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ.

පුණ්ණ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ.

පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේ පහළවීමට කලින්ම හංසවතී නුවරෙහි බමුණුමහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි ගොතමයි නම් කළාහුය. හෙතෙම වියට පැමිණියේ තුන්වේදයන් උගෙන සියලු ශිල්පයන්හි දක්‍ෂවී මානවකයන් පන්සියයක් පිරිවරකොට ඇත්තේ හැසිරෙමින් ත්‍රිවේදයන්ද විමසමින් මොක්‍ෂධර්‍මයක් සොයන්නේ නොදැක මේ ත්‍රිවේදය නම් කෙසෙල් කඳන් මෙන් පිටින් මටය. ඇතුළතින් හරනැත්තේය. මෙය ගෙන හැසිරීම දහයියා කෙටීමක් බඳුවෙයි. මෙයින් මට කවර වැඩෙක්දැයි සෘෂි පැවිද්දෙන් පැවිදව බඹවිහරණයන් උපදවා නොපිරිහුණුධ්‍යාන ඇතිව බඹලොව සෙලවමින් යන්නේමැයි මානවකයන් පන්සියය සමඟ පර්‍වතපාදයට ගොස් සාෂි පැවිද්දෙන් පැවිදි විය. ඔහුට අටළොස් දහසක් ජටිලයෝ පිරිවරවූහ. හෙතෙම පංචාහිඥ අෂ්ට සමාපත්තීන් උපදවා ඔවුනටද කසිණ පරිකර්‍ම කියා දුන්නේය. ඔවුහු ඔහුගේ අවවාදයෙහි සිට සියල්ලෝම පංචාභිඥාඅෂ්ට සමාපත්ති ඉපදවූහ.

කල් ඉක්මුණු කල්හි ඒ ගොතම තාපසයාගේ මහළු කල්හි පදුමුත්තර දශබලයන්වහන්සේ උතුම් අභිසම්බෝධියට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇත්තාහු හංසවතී නුවර ඇසුරු කර වාසය කළසේක. උන්වහන්සේ එක් දිනක උදෑසන කාලයෙහි ලොව බලා වදාරණසේක් ගෝතම තවුසාගේ පිරිසගේ රහත් බවට උපනිශ්‍රයද ගෝතම තවුසා ‘මම අනාගතයෙහි උපදින බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ධර්‍මකථිකභක්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි’යයි පතනබවද දැක උදයෙන්ම සිරුර පිළිදැගුම්කොට තමන්ගේ පාසිවුරු තෙමේම ගෙන අප්‍රකට වේශයකින් ගෝතම තවුසාගේ අතවැස්සන් වනමුල් පලවැල සඳහා ගියකල්හි වැඩම කොට ගෝතමගේ පන්සල් දොරටුවෙහි සිටිසේක. ගෝතම තෙමේ බුදුන්වහන්සේ උපන් බව නොදන්නේවුවද දුරදීම දශබලයන් වහන්සේ දැක මේ පුරුෂයා ලොවින් මිදුනෙක්වී පැනෙයි. මොහුගේ ශරීර නිෂ්පත්තිය යම්සේ වේද යම්වූ ලක්‍ෂණයන්ගෙන් සමන්විත වූයේද (එබඳු පුද්ගලයා) ගිහිගෙහි සිටින්නේ හෝ සක්විති රජවෙයි. පැවිදිවන්නේ හෝ ඉවත්කරන ලද සසර පියසි ඇති සර්‍වඥවූ බුදු වේයයි දැන පළමු දැකීමෙන්ම දශබලයන් වහන්සේ වැඳ ‘භාග්‍යවතුන්වහන්ස, මෙහි වඩිනු මැනවැ’යි බුද්ධාසනයක් පනවා දුන්නේය. තථාගතයන්වහන්සේ තවුසාට දම් දෙසමින් වැඩහුන්සේක.

එකල්හි ඒ ජටිලයෝ මිහිරි මිහිරි වනමුල් පලවැල ආචාර්‍ය්‍යවරයාට දී ඉතිරිය වළඳමුයි එන්නාහු උසසුන්හි හිඳිනා දශබලයන්වහන්සේසේද මිටි අසුනෙහි හිඳිනා ඇදුරුවරයාද දැක අපි මෙලොව අපගේ ඇදුරුවරයාගෙන් ශ්‍රේෂ්ඨවූවෙක් නැතැයි හැසුරුණෙමු. දැන් වනාහි අපගේ ඇදුරුතුමන් මිටි අසුනෙහි හිඳුවා උසසුන්හි හුන්නෙක් පැනෙයි. ඒකාන්තයෙන්ම මේ පුරුෂයා ශ්‍රේෂ්ඨයෙක් වන්නේයයි (පලවැල) කුඩා රැගෙන ආවාහුය. (ගෝතම තවුසා) මොවුහු දශබලයන්වහන්සේ ඉදිරියෙහි මට වඳින්නාහුයයි බියපත් වුයේ, ‘දරුවනි, මට නොවඳින්න. දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලයා වූ සියල්ලන්ගේ වැඳුමට සුදුසු වූ පුරුෂයා මෙහි හුන්නේය. උන්වහන්සේ වඳුව’යි කීවේය. තවුසෝ නොදැන ඇදුරුතුමා නොකියතියි සියල්ලෝම තථාගතයන්වහන්සේගේ පාදයන් වැන්දාහුය. දරුවනි, දශබලයන්වහන්සේට දිය යුතු අන් බොජුනක් අපට නැත. මේ වන මුල්පලාපල දෙන්නෙමුයි කියා මිහිරි මිහිරි දෙය බුදුන්වහන්සේගේ පාත්‍රයෙහි පිහිටවීය. ශාස්තෘන්වහන්සේ වනමුල්පලාපල වැළදූසේක. ඉන් අනතුරුව තවුසාද අතවැසියන් සමඟ වැළදුවේය. ශාස්තෘන්වහන්සේ බත්කිස කොට, ‘දෙඅගසව්වෝ භික්‍ෂූන් ලක්‍ෂයක් ගෙන එත්වායි සිතූසේක. එසමයෙහි අගසව් මහාදේව තෙරුන්වහන්සේ ‘ශාස්තාන්වහන්සේ කොහි වැඩිසේක්දැයි විමසා බලන්නේ ශාස්තෘන්වහන්සේ අපගේ ගමන බලාපොරොත්තු වන සේකැයි භික්‍ෂූන් ලක්‍ෂයක් ගෙන ශාස්තෘන් සමීපයට ගොස් වැඳ නමඳිමින් සිටියහ.

ගෝතම තවුසා අතවැසියන්ට, දරුවනි, අපට වෙනත් සත්කාරයක් නැත. භික්‍ෂු සංඝයා දුකසේ සිටියේයි. බුදුපාමොක් බික් සඟනට මල් අසුනක් පනවන්නෙමු. දිය ගොඩමල් ගෙන එව්යයි කීවේය. ඔවුහු එකෙණෙහිම පර්‍වතපාදයෙන් පැහැයෙන් හා සුවඳින් යුත් මල් සෘද්ධියෙන් ගෙනවුත් සැරියුත්තෙරුන්ගේ කථාවස්තුවෙහි කියනලද අයුරින් අසුන් පැනවූහ. නිරෝධ සමාපත්තියට සමවැදීමද සත් දැරීමද සියල්ල කී ක්‍රමයෙන්ම දතයුතුය.

ශාස්තෘන්වහන්සේ සත්වෙනි දිනයෙහි නිරෝධයෙන් නැඟිට පිරිවරා සිටි තවුසන් දැක ධමර්‍කථිකභාවයෙහි අග්‍රස්ථානයට පත් සව්වකුට ‘භක්‍ෂුව, මේ තවුස්ගණයා, විසින් මහත් බුද්ධසත්කාරයක් කරනලදී. මොවුනට මල් අසුන් අනුමෝදනාව කරන්නැ’යි පැවසූසේක. හෙතෙම ශාස්තෘන්වහන්සේගේ වචනය පිළිගෙන තුන්පිටකයන් සම්මර්‍ශනය කරමින් අනුමෝදනය කළේය. උන්වහන්සේගේ දෙසුම කෙළවර ශාස්තෘන්වහන්සේ තෙමේ බ්‍රහ්මස්වර විහිදුවා දම්දෙසූසේක. දෙසුමඅවසන්හි ගෝතමයන් හැර සෙසු අටළොස් දහසක් ජටිලයෝ රහත්බවට පැමිණියාහුය.

ගෝතම වනාහි ඒ අත්බැවින් ප්‍රතිවේධ කිරීමට නොහැක්කේ භාග්‍යවතුන්වහන්සේට ‘භාග්‍යවතුන්වහන්ස, යම් භික්‍ෂුවක විසින් පළමුව ධර්‍මය දෙසන ලද්දේ? මෙතෙම නුඹවහන්සේගේ සසුනෙහි කවරෙක් නම් වේදැයි ඇසුවේය. ‘ගෝතමය, මෙතෙම මගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රයාය.’ ‘ස්වාමීනි, මමද සත්දිනක් කරනලද මේ ප්‍රාර්ථනාවගේ බලයෙලන් මේ භික්‍ෂුව මෙන් අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රවන්නෙමැ’යි ප්‍රාත්‍ථර්‍නා කොට පාමුල්හි වැදහොත්තේය.

ශාස්තෘන්වහන්සේ අනාගතය බලා අනතුරකින් තොරව මොහුගේ පැතුම ඉටුවන බව දැන, ‘අනාගතයෙහි කල්ප ලක්‍ෂයක අවෑමෙවන් ගෞතම නම් බුදුකෙනෙක් උපදින්නාහ. නුඹ උන්වහන්සේගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍ර වන්නෙිය’යි විවරණදී ඒ රහත්වූ තවුසන්ට ‘එව්, මහණෙනි’යි වදාළසේක. සියල්ලෝ අතුරුදහන්වූ කෙස් රැවුල් ඇත්තාහු සෘද්ධිමයවූ පාසිවුරු දරන්නාහු වස් සියයක් ඇති තෙරුන් මෙන් වූහ. ශාස්තෘන්වහන්සේ බික්සඟන සමඟ විහාරයට වැඩිසේක.

ගෝතමද දිවිඇති තෙක් තථාගතයන් වහන්සේ ඇසුරු කොට ශක්ති පරිද්දෙන් පින්කම්කොට කල්ප ලක්‍ෂයක් දෙව් මිනිසුන් අතර සැරිසරමින් අපගේ බුදුන්වහන්සේගේ කාලයෙහි කිඹුල්වත් නුවරට නුදුරෙහි දොණවත්‍ථු බමුණුගමෙහි බමුණු මහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි පුණ්ණ මානවයායි නමක් කළාහුය. ශාස්තෘන්වහන්සේ අභිසම්බෝධියට පැමිණ පවත්වනලද උතුම් දම්සක් ඇතිව පිළිවෙළින් අවුත් රජගහ නුවර ඇසුරු කොට වාසය කරනකල්හි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්වහන්සේ කිඹුල්වතට ගොස් තමාගේ බෑණණුවන් වන පුණ්ණ මානවකයා පැවිදි කරවා යලි බුදුන්වහන්සේ වෙත අවුත් උන්වහන්සේ වැඳ සැල කොට විසීම සඳහා ඡද්දන්ත විලට වැඩියහ. පුණ්ණ මන්තානිපුත්ත තෙමේද මයිලණුවන් වන අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් සමඟ බුදුන්වහන්සේ සමීපයට නොගොස් මගේ පැවිදිකිස මුදුන් පමුණුවාම බුදුන් සමීපයට යන්නේමැයි කිඹුල්වතෙහිම නැවතුනේ නුවණින් මෙනෙහි කිරීමෙහි කටයුතු කරන්නේ නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය. උන්වහන්සේ සමීපයෙහි පැවිදිවූ කුලපුත්‍රයෝද පන්සියයක් වූහ. තෙරුන්වහන්සේ තෙමේ දසවත්‍ථුකථා ලැබීම් ඇති හෙයින් ඔවුන්ටද දසවත්‍ථු කථාවන්ගෙන් අවවාද කරති. ඔවුහු උන්වහන්සේගේ අවවාදයෙහි සිට සියල්ලෝම රහත්බවට පත්වූහ.

ඔවුහු තමන්ගේ පැවිදි කිස මුදුන් පත්බව දැන උපාධ්‍යයයන් වෙත එළඹ, ‘ස්වාමීනි, අපගේ කිස මුදුන් පැමිණියේයි. දසකථාවත්‍ථුලාභිහුද වෙමු. අපට බුදුන් දැකීමට කාලයයි’ කීහ. තෙරුන්වහන්සේ ඔවුන්ගේ කථාව අසා, ‘මගේ දසකථාවත්‍ථුලාභිතාව බුදුන්වහන්සේ දන්නා සේක. මම දම් දෙසසන්නෙම් දසකථාවස්තූන් නොහැරම දෙසමි මා යනකල්හි මේ සියල්ලෝම මා පිරිවරා යන්නාහ. මෙසේ ගණසංඝනිකාවෙන් ගොස් බුදුන් දැකීමට මට නොසුදුසුය. මොවුහු පළමුව ගොස් බුදුන් දකිත්වා’යි (සිතා) ඇවැත්නි, නුඹලා කලින් ගොස් තථාගතයනවහන්සේ දකිවු. මගේ වචනයෙන් උන්වහන්සේගේ දෙපාද නමදිවු. මමද නුඹලා ගිය මගින්මයන්නෙමි’යි ඒ භික්‍ෂූන්ට කීහ.

බුදුන්වහන්සේගේ උපන් රටෙහි වසන්නාවූ ඒ සියලු තෙරවරුම සියල්ලෝ ක්‍ෂීණාශ්‍රව වූවාහු සියල්ලෝ දසකථාවත්‍ථුලාභිවූවාහු තමන්ගේ උපාධ්‍යායයන්ගේ අවවාදය කඩනොකොට තෙරුන් වැඳ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් සැටයොදුන් මඟ ඉක්මවා රජගහනුවරෙහි වෙළුවන විහාරයට ගොස් බුදුන්වහ්නසේගේ පා වැඳ එකත්පසෙක හුන්නාහුය. ‘ආගන්තුක භික්‍ෂුන් සමඟ පිළිසඳරෙහි යෙදීම භාග්‍යවත්වූ බුදුවරුන්ගේ පුරුද්දකි’යි භාග්‍යවතුන්වහන්සේ ඒ භික්‍ෂුන් සමඟ ‘මහණෙනි, සුවදුක් කෙසේද’ ආදීවශයෙන් මිහිරි පිළිසඳර කොට ‘මහණෙනි, තෙපි කොහි සිට ආවුහුදැ’යි විමසූසේක. ඔවුන් විසින් ‘ජාතිභූමියෙන්’ යයි කී කල්හි, ‘මහණෙනි ජාතිභූමියෙහි ජාතිභූමකවූ භික්‍ෂූන්ට සබ්‍රම්සරුන් ලවා මෙසේ සම්භාවනා කරනලද්දේ තමාද අපිස්වූයේ භික්‍ෂූන්ට අපිස්කතා කළ තැනැත්තේ කවුරුදැ’යි දසකථාවත්‍ථුලාභීවූ භික්‍ෂුව ගරන විමසූසේක. ඔවුහුද ‘ස්වාමීනි, පුණ්ණ නම්වූ ආයුෂ්මත් මන්තානි පුත්‍රයයි සැළකළාහුය. ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ ඒ කථාව අසා තෙරුන් දකිනු කැමැත්තෝ වූහ.

ඉක්බිති ශාස්තෘන්වහන්සේ රජගහනුවරින් සැවතට වැඩිසේක. පුණ්ණ තෙරණුවෝ එහි දශබලයන්වහන්සේගේ පැමිණීම අසා, ‘ශාස්තෘන්වහන්සේ දකින්නෙමි’යයි ගොස් ඇතුළු ගඳ කිළියෙහිදීම තථාගතයන්වහන්සේ වෙත එළඹුණහ. ශාස්තෘන්වහන්සේ ඔහුට දම් දෙසූසේක. තෙරණුවෝ දහම් අසා බුදුන් වැඳ විවේකය සඳහා අන්‍ධවනයට ගොස් එක්තරා රුක්මුලක දිවාවිහාරණයෙහි හුන්සේක. සැරියුත් තෙරණුවෝද උන්වහන්සේගේ පැමිණීම අසා හිස් අනුව බලමින් ගොස් අවස්ථාව සලකා ඒ රුක්මුලට ගොස තෙරුන් සමඟ සතුටු වී සප්ත විශුද්ධි පිළිවෙළ විමසූහ. තෙරුන්වහන්සේද සැරියුත් තෙරුන් විමසූ විමසූදෙය පැහැදිලි කළහ. ඔවුහු ඔවුනොවුන්ගේ යහපත් කථා පිළිබඳව සතුටුවූහ. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි බික්සඟන මැද වැඩසිටිසේක් තෙරුන් ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

පිණ්ඩෝලභාරද්වාජ මහරහතන් වහන්සේ.

පිණ්ඩෝලභාරද්වාජ මහා රහතන් වහන්සේ.

පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ උදෑසන කාලයෙහි ලොව බලන සේක් ඔහුගේ හේතු සම්පත් දැක හංසවතියෙහි පිඬු පිණි හැසිර පසුබතෙහි සිංහයා ගොදුරු සඳහා පිටත්ව ගිය කල්හි ඔහුගේ වසන ගුහාවට පිවිස අහසෙහි පළක් බැඳ නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් සේක. සිංහයා ගොදුරු ලැබ ආපසු හැරී ආයේ ගුහා දොරකඩෙහි සිටියේ ඇතුළු ගුහාවෙහි වැඩහුන් බුදුන්වහන්සේ දැක, ‘මගේ වසන තැනට අවුත් හිඳීමට සමත් අන්සතෙක් නම් නැත. ඒකාන්තයෙන් මේ පුරුෂයා ශ්‍රේෂ්ඨයෙකි. ඇතුළු ගුහාවෙහි පළක් බැඳ හුන්නේයි. මොහුගේ ශරීර ප්‍රභාවද හාත්පස පැතිරී ගියේය. මවිසින් මෙබඳුවූ අසිරියක් නොදුටුවිරූය. මේ පුරුෂයා මේ ලෝකයෙහි පිදීමට සුදුස්සන් අතුරෙන් ශ්‍රේෂ්ඨයා වන්නේය. මා විසින්ද මොහුට හැකි පරිද්දෙන් සත්කාර කිරීමට වටනේයයි දියෙහි හටගන්නාවුද ගොඩ භටගන්නාවූද නොයෙක් මල් එක් කොට බිමසිට හුන් පළඟෙහි තැනට මලසුනක් අතුරා සියලු රැය අබිමුවෙහි තථාගතයන්වහන්සේ නමඳිමින් සිටියේය. දෙවැනි දිනයෙහි පරණ මල් ඉවත් කොට අලුත් මලින් ආසනය ඇතිරීය.

මේ ක්‍රමයෙන්ම දිනසතක් මල් අසුන් පනවා බලවත් ප්‍රීතිය හා සොම්නස උපදවා ගුහාදොරටුවෙහි රැකවල් ගත්තේය. සත්වැනි දිනයෙහි භාග්‍යවතුන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැඟිට ගුහා දොරටුවෙහි වැඩ සිටි සේක. මෘගරාජවූ සිංහයාද තථාගතයන් වහන්සේ තෙවරක් පැදකුණු කොට සිවු තැන්හි වැඳ ඉවත්වී සිටියේය. ශාස්ථාන් වහන්සේ මොහුගේ උපනිශ්‍රය මෙපමණක් වටීයයි අහසට පැන නැඟී විහාරයටම ගියසේක.

ඒ සිංහයාද බුද්ධ වියෝගයෙන් දුකට පත් වූයේය. කළුරිය කොට හංසවතී නුවරෙහි මහධනවත් කුලයක පිළිසිඳ ගෙන වියට පැමිණියේ එක් දිනක නුවරුන් සමඟ වෙහෙරට ගොස් දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක සිංහනාද ඇත්තවුන් අතුරෙහි අගතන්හි තබන්නාවූ ශාස්තෘන් වහන්සේ දැක කියනලද ක්‍රමයෙන්ම සත්දිනක් මහදන් පවත්වා ඒ තනතුර පතා ශාස්තෘන්වහන්සේ විසින් (පැතුමට) අනතුරක් නොදැක විවරන දෙන ලද්දේ දිවි ඇතිතෙක් කුසල් කොට එහි කළුරිය කළේ දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර බ්‍රාහ්මණ මහාසාර කුලයෙක්හි උපන්නේය. නමින් භාරද්වාජ නම් වූයේය. හෙතෙම වියට පත්වූයේ ත්‍රිවේදයන් උගෙන මානවකයන් පන්සියයකට මන්ත්‍ර උගන්වමින් හැසිරෙයි. හෙතෙම තමන්ගේ ජ්‍යෙෂ්ඨ භාවයෙන් ආරාදනා ලද තන්හි සියල්ලන්ගේ හික්‍ෂාව තෙමේම පිළිගනී. මෙතෙම වනාහි මඳක් ලොල් ස්වභාවය ඇත්තේ විය. හෙතෙම ඒ මානවකයන් සමඟ කැඳ කොහිද බත් කොහිදැයි කැඳබත් කනදෑම සොයමින් හැසිරෙයි. හෙතෙම ගියගිය තන්හි පිණ්ඩය (අහර)ම ගරු කරමින් හැසිරේයයි පිණ්ඩොලභාරද්වාජ යන නමින් ප්‍රකටවිය.

හෙතෙම එක් දිනක් ශාස්තෘන්වහනසේ රජගහ නුවරට පැමිනි කල්හි ධර්‍මකථාව අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වී විදර්‍ශනාවට කටයුතු කරන්නේ රහත් බවට පැමිණියේය. රහත් බවට පත් වේලෙහිම යතුරක් ගෙන වෙහෙරින් වෙහෙරට පිරිවෙණින් පිරිවෙණට ගොස් යමෙකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්නම් හෙතෙම මා විමසාවායි සිංහනාද නඟමින් හැසුරුනේය. හෙතෙම එක් දිනක් රජගහ සිටු විසින් උණ දඬුවලින් ඔසවා අහසෙයි එල්වන ලද බඳු වදමල් පැහැය ඇති සඳුන් හරෙන් කරනලද පාත්‍රයක් සෘද්ධියෙන් ගෙන සාධුකාර දෙන්නාවූ මහජනයා විසින් පිරිවරන ලද්දේ විහාරයට අවුත් තථාගතයන්වහන්සේගේ අතෙහි තැබුවේය. ශාස්තෘන්වහන්සේ (කරුණ) දන්නාසේක්ම, ‘භාරද්වාජ, ඔබ විසින් කොයින් මේ පාත්‍රය ලබන ලද්දැ’යි ඇසූසේක. හෙතෙම ලැබූ කාරණය පැවසීය. ශාස්තෘන්වහන්සේ, ‘ඔබ මෙබඳුවූ උත්තමසාරධර්‍මයක් මහාජනයාට දැකුවූයෙහිය. ඔබ විසින් නොකළයුත්තක් කරන ලදැයි නොයෙක් අයුරින් නින්දා කොට, ‘මහණෙනි, ගිහියන්ට උතුරුමිනිස්දමින් සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය නොදැක්විය යුතුයි. යමෙක් දක්වන්නේ නම් ඔහුට දුකුළා ඇවැත්වේ’යයි ශික්‍ෂාපදයක් පැනවූසේක.

ඉක්බිති බික්සඟන මැද කථාවක් උපන්නේය: ‘සිංහනාද ඇති තෙරුන්වහන්සේ රහත් බවට පත් දිනයෙහි බික්සඟන මැද යමෙකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්ද හෙතෙම මා විමසාවායි කීය. බුදුන්වහන්්සේගේ අබිමුවෙහිද තමන්ගේ රහත්බවට පැමිණීම කීහ. සෙසු සව්වෝ නිහඬවූහ. තමාගේ සිංහනාද ඇති බැවින්ම මහජනයාගේ පැහැදීම උපදවා අහසට පැනනැඟී සඳුන්හරෙන් කළ පාත්‍රයද ගත්හ’ යනුවෙනි. ඒභික්‍ෂූහු මේ ගුණ තුනම එක් කොට ශාස්තෘන්වහන්සේට පැවසූහ. බුදුවරු නම් ගැරහියයුතු දෙය ගරහති. පැසසිය යුතු දෙය පසසතියි මෙතන්හි පැසසිය යුතුවූ අංගම ගෙන, මහණෙනි, ඉන්‍ද්‍රියන් තුනක් වැඩූබැවින්, බොහෝකොට වැඩු බැවින් භාරද්වාජ භික්‍ෂුව ‘ජාතිය ක්‍ෂය විය. බඹසර වසනලදී. කළයුතු දෙය කරනලදී. මින්පසු අන්දෙයක් නැතැයි දනිමි’යි දන්නේ ප්‍රකාශ කළේය. කවර නම් තුන් දෙනෙකුගේද යත්? සති ඉන්‍ද්‍රියයාගේ, සමාධි ඉන්‍ද්‍රියයාගේ හා පඤ්ඤ ඉන්‍ද්‍රියයාගේයි. මහණෙනි, මේ ඉන්‍ද්‍රියයන් තිදෙනා වැඩූ බැවින්, බොහෝකොට වැඩූ බැවින් භාරද්වාජ භික්‍ෂුතෙම ‘ජාතිය ක්‍ෂයවිය. බඹසර වසන ලදී. කළයුතු දෙය කරනලදී. මින්පසු අන් දෙයක් නැතැ’යි දනිමියි දන්නේ ප්‍රකාශ කළේය’යි තෙරුන්වහන්සේ පසසා සිංහනාද ඇති භික්‍ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ.

පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරෙහි මහත් ධනවත් කුලයක උපන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් ඇසීම සඳහා විහාරයට ගියේය. එකල්හි එක් මිහිරි හඬ ඇති භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ තථාගතයන් දැක, ආශ්චර්‍ය්‍යයකි, ඒකානත්යෙන්ම මමද අනාගතයෙහි මේ භික්‍ෂූන් මෙන් එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රවන්නෙම් නම් යෙහෙකැයි සිත් උපදවා ශාස්තෘන්වහන්සේට ආරාධනා කොට සත් දිනක් බුදු පාමොක් බික්සඟනට මහදන්දී ‘ස්වාමීනි, මම මේ දානයාගේ විපාකයෙන් අනෙක් සැපතක් නොතමි. අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්ෂූන් අතුරෙන් අග්‍ර වෙම්’වායි ප්‍රත්‍ථර්‍නා කොට පාමුල වැදහොත්තේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලන සේක් ඉටුවන බව දැන, ‘ඔබගේ මේ කර්‍මය සමෘද්ධ වන්නේය. මෙයින් කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව පහළ වන්නාහ. ඔබ උන් වහන්සේගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්‍ෂූන්ට අග්‍ර වන්නෙහිය’යි විවරණදී විහාරයට වැඩිසේක.

හෙතෙමේත් ඒ විවරණය ලබා දිවි ඇති තෙක් යහපත් කටයුතු කොට එහි කළුරිය කළේ දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ විපස්සී සම්බුදුන්වහන්සේගේ කාලයෙහි චිත්තපත්තකොකිල නම්වී නිර්‍භයවූ මිගදායෙහි වසන්නේ එක් දිනක් හිමවතට ගොස් මිහිරි අඹගෙඩියක් තුඩින් ගෙන එන්නේ බික්සඟන පිරිවර කොට ඇති ශාස්තෘන්වහන්සේ දැක, ‘මම අන් දිනයන්හි හිස්ව තථාගතයන්වහන්සේ දකිමි. අද වනාහි මවිසින් මේ අඹගෙඩිය පුතුන් සඳහා ගෙන එන ලදී. ඔවුන්ට වෙනෙකක් ගෙනවුත් දෙමි. මෙය වනාහි දශබලයන් වහන්සේට දීමට වටනේය’යි සිතුවේය. එසේ සිතා බැස අහසෙහි ඔබිමොබ සැරිසරයි. ශාස්තෘන්වහන්සේ ඔහුගේ සිත දැන අශෝක තෙරුන් නම් වූ උපස්ථායකයා දෙස බැලූ සේක. (උන්වහන්සේ) පාත්‍රය ගෙනවුත් ශාස්තෘන්වහන්සේගේ අතෙහි තැබූහ. කොවුළා දශබලයන් වහන්සේගේ පාත්‍රයෙහි අඹගෙඩිය පිහිටවීය. ශාස්තෘන්වහන්සේ එහිම හිඳ අඹගෙඩිය වැළඳූසේක. කොවුළා පහන් සිත් ඇත්තේ නැවත නැවත් දශබලයන් වහන්සේගේ ගුණයන් සිහි කරන්නේ දශබලයන් වහන්සේ වැඳ සත්දිනක් සතුටු සුවයෙන් කල් හැරීයේය. ඒ ආත්මභාවයෙහි යහපත් කර්‍මය එපමණෙකි. මේ පින්කමින් ස්වරය මිහිරි විය.

කාශ්‍යප සම්බුදුන්වහන්සේගේ කාලයෙහි චෛතය කර්‍මාන්තය පටන්ගත් කල්හි කවර පමණකින් කරමුද? සත්යොදුන් ප්‍රමාණය ඉතා මහත්ය. මෙය සයොදුනක් කොට තනමු. මෙයද ඉතා මහත්ය. පස් යොදනක් කරමු. සිවුයොදනක්. තුනයොදුනක්, දෙයොදුනක්යයි කීකල්හි, මෙතෙම එදවස්හි දෙටුවඩුවාවී ‘පින්වත්නි, එවු, අනාගතයෙහි පහසුවෙන් පිළිදැගුම් කිරීමට වටීයයි කියා රැහැනක් ගෙන වට කරන්නේ ගව්වක් මත්තෙහි සිට එක් එක් දොරටුවක් ගව්වක් ගව්වක් වේවා! චෛත්‍යය යොදනක් වට ඇත්තේද යොදනක් උස ඇත්තේකද වන්නේයයි කීවේය. ඔවුහු ඔහුගේ වචනයෙහි සිටියාහුය. මෙසේ අප්‍රමාණවූ බුදුන්ගේ ප්‍රමාණය කළේයයි ඒ කර්‍මයෙන් උපනුපන් තන්හි අන්‍යයන්ගෙන් හීන ප්‍රමාණ වූයේය. හෙතෙම අපගේ ශාස්තෘන්වහන්සේගේ කාලයෙහි සැවතෙහි මහධනවත් කුලයක උපන්නේය. භද්දියයයි ඔහුට නම් කළාහුය. හෙතෙම වියපත්ව ශාස්තෘන්වහන්සේ දෙව්රමෙහි වැඩවසන කල්හි වෙහෙරට ගොස් දම් දෙසුම අසා ශ්‍රද්ධා ප්‍රතිලාභය ඇත්තේ පැවිදිව ශාස්තෘන් සමීපයෙහි කමටහන් ගෙන විදර්‍ශනාවට කටයුතු කරන්නේ රහත් බවට පැමිණියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි ආර්ය සංඝ සමූහයා මැද වැඩහුන්සේක් මෙම තෙරුන්වහන්සේ මිහිරි හඬ ඇති භික්‍ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

භද්දිය මහරහතන් වහන්සේ.

භද්දිය යනු අනුරුද්ධ තෙරුන් සමඟ ගිහිගෙන් නික්මුණු ශාකය රජෙකි. ‘කාලිගොධාය පුත්තො’ යනු ඒ දේවිය කලුවන්ය. ගොධා යනු ඇයගේ නමයි. එබැවින් කාලිගොධායයි කියනු ලබන්නීය. ඇයගේ පුතාය යනු අත්‍ථර්යි. කුමක් හෙයින් වනාහි මෙතෙම උසස් කුලයෙහි උපන්නවුන් අතුරින් අග්‍රයයි කියන ලද්දේද? කිම ඊට වඩා උසස් කුලයෙහි උපන්නාහු නැද්ද? එසේය නැත. ඔහුගේ මව ශාක්‍ය කුලකාන්තාවන් අතුරෙන් වයසින් සියල්ලන්ටම වඩා දෙටුවූවාය. හෙතෙමේද ශාක්‍යකුලයෙහි සපැමිණි රජසැපත් අතහැර පැවිදිවූයේය. එහෙයින් උසස්කුලයෙහි උපන්නවුන් අතුරෙන් අග්‍රයයි කියනලදී.

තවද පෙර පැතුම් බලයෙන් හෙතෙම අනුපිළිවෙළින් ජාති පන්සියයක් රජ කුලයෙහි ඉපිද රාජ්‍යය කරවූයේමය. මෙකරුණියන්ද උසස් කුලවතුන් අතුරෙන් අග්‍රයයි කියනලදී. මොහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි: මෙතෙමේද අතීතයෙහි පියුමතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි මහධනවත් කුලයක උපන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් ඇසීම සඳහා ගියේ එදවස එක් භික්‍ෂුවක උසස් කුලිකයන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක මාවිසින්ද අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි උසස් කුලික භික්‍ෂූන් අතුරෙන් අග තැන්පත්වීම සුදුසුයයි තථාගතයන් ආරාධනාකොට සත් දින බුදුපාමොක් බික් සඟනට මහ දන්දී ‘ස්වාමීනි, මම මේ දානයාගේ විපාකයෙන් වෙනත් සැපතක් බලාපොරෝතු නොවෙමි. අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි උසස් කුලයෙහි වූ භික්ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි’යයි ප්‍රත්‍ථර්‍නා කොට පාමුල වැදහොත්තේය.

ශාස්තෘන්වහන්සේ අනාගතය බලන සේක් (පැතුම) ඉටුවන බව දැන, ‘ඔබගේ මේ කර්‍මය ඉටුවන්නේය. මෙයින් කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් උපදිති. නුඹ උන්වහන්සේගේ සසුන්හි උසස් කුලයෙහිවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙහියි විවරණදී භූත්තානුමෝදනාවකොට විහාරයට වැඩිසේක. හෙතෙමේද ඒ විවිරණය ලැබ උසස් කුලලාභයට හේතුවන කර්‍මයන් විමසා ධර්‍මාසනයන් කරවා ඒවායේපසු තුරුණු අතුරුවා දහම්විජනිපත්, ධර්‍මකථිකව්‍රත්ත, පෙහෙවස් ගෙහි පහන්තෙල් දීම් යන මෙසේ දිවි ඇති තෙක් බොහෝ ආකාරවූ යහපත් කටයුතු කොට එයින් කළුරිය කළේ දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප දශබලයන් වහන්සේගේද අපගේ බුදුන්වහන්සේගේද කාල අතුරෙහි කෙළෙඹිගෙයක උපන්නේය.

එකල්හි බොහෝ පසේබුදුවරු ගනධමාදන පර්‍වතයෙන් අවුත් බැරණැෂ ගංගා තෙරෙහි පහසුතැනක හිඳ පින්ඩපාතය වළඳිති. ඒ කෙළෙඹි තෙමේ උන්වහන්සේලාගේ නිරතුරුවම එතැන්හි දන් වැළදීම දැන පාෂාණ ඵලක අටක් අතුරා දිවි ඇතිතෙක් පසේබුදුවරුන්ට උපස්ථාන කළේය. ඉක්බිති එක් බුද්ධාන්තරයක් දෙවියන් අතරද මිනිසුන් අතරද සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කිඹුල්වත් නුවරෙහි ක්‍ෂත්‍රිය කුලයෙක උපන්නේය. නම් ගන්වන දිනයෙහි ඔහුට භද්දිය කුමරුයයි නම් කළහ. හෙතෙම වියට පැමින යට අනුරුද්ධ සූත්‍රයෙහි කියනලද පරිද්දෙන්ම ක්‍ෂත්‍රියයන් සදෙනාට ඇතුළත්ව ශාස්තෘන්වහන්සේ අනුපිය අඹ වෙනෙහි වසන කල්හි ශාස්තෘන් සමීපයෙහි පැවිදිව රහත්බවට පැමිණියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි දෙව්රමෙහි වැඩවසනසේක් මගේ සසුනෙහි උසස් කුලයෙහි උපන්නවුන් අතුරෙන් කාලි ගොධාවගේ පුත් වූ භද්දිය තෙරුන්වහන්සේ අග්‍ර වෙතියි අග්‍රස්ථානයෙහි තැබූසේක.

මහා රහතන් වහන්සේ භද්දිය හාමුදුරුවෝ.