භික්ෂුවට තුන්සිවුරු, පාත්‍රය, දැහැටිදඬු කැපීමාදිය සඳහා පිහිය, හිඳිකටුව, කාබහන, පෙරහන යන අටපිරිකර වටින්නේ යයි කියන තුන්සිවුර, පාත්‍රය, දැහැටිදඬු කපන පිහිය, ඉඳිකටුව, පටිය, පෙරහන යන පිරිකර අට භික්ෂුව හට වටින්නේ ය. සුදුසු වන්නේ ය.
තිචීවරං ච පත්තො ච – වාසි සූචීච බන්ධනං
පරිස්සාවනෙන අට්ඨෙ තෙ – යුත්ත යොගස්ස හික්ඛුනො
මේ සියල්ල කය පරිහරණයට ද කුස පරිහරණයට ද, ප්‍රමාණ වෙති. කෙසේද? පළමුකොට තුන් සිවුර හැඳ පෙරවා, හැසිරෙන කල කය පරිහරණය කෙරෙයි. පෝෂණය කෙරෙයි යන අදහසින් ‘කාය පරිහාරිය’ වෙයි. සිවුරු කොණින් දිය පෙරා බොන කල ද, කෑ යුතු පලවැල ගන්නා කලද කුස පරිහරණය කෙරෙයි. පෝෂණය කෙරෙයි යන අදහසින් ‘කුච්ඡ පරිභාරිය වෙයි. පාත්‍රය ද එයින් දිය ගෙන නාන කල ද, කුටිය පිරිබඩන කල ද, කාය පරිභාරිය’ වෙයි. ආහාර ගෙන වළඳන කල ‘කුචඡි පරිභාරිය’ වෙයි. පිහිය එයින් දැහැටි දඬු කපන කල ද, ඇඳපුටුවලට වියලි, පා සිවුරු දඬු, කිළිදඬු සකස් කරන කල ‘කාය පරිහාරිය’ වෙයි. උක්දඬු කපන, පොල් ආදිය සසින කල ‘කාය පරිහාරිය’ වෙයි. ඉඳිකටුව සිවුර ආදිය මහන කල ‘කාය පරිහාර’ වෙයි. කැවුම් හෝ ගෙඩි හෝ සිඳ විඳ අනුභව කරනවිට ‘කුච්ඡිපරිහාර’ වෙයි. කාබහන (පටිය) බැඳ හැසිරෙන කල ‘කාය පරිභාරිය’ වෙයි. උක් ආදිය බැඳගන්නා කල ‘කුච්ඡි පරිහාරිය වෙයි. පෙරහන් මගින් දිය පෙරා නාන කල සෙනසුන් පිරිබඩන කල ‘කාය පරිභාර’ වෙයි. බීම සඳහා පැන් පෙරන කල ද, එයින් තල සහල් හබලපෙති ආදිය පොඟවා ආහාර වශයෙන් ගන්නා විට ‘කුච්ඡි පරිහාරිය’ වෙයි. මේ වූ කලී අටපිරිකර හිමි භික්ෂුවගේ පරිෂ්කාර මාත්රයෝය.
නැවත ශයනයට පිවිසෙන නව පරිෂ්කාරකයා හට එහි පිහිටි පසතුරණ හෝ පැන් කෙණ්ඩිය සුදුසුය. වටනේය. දස පිරිකරට හිඳිනා සම්කඩ පත්කඩය ද ඇතුළත් වේ. එකොළොස් පිරිකරවලට සැරයටිය හෝ තෙල් නැළිය ඇතුළත් වෙයි. දොළොස් පිරිකරවලට කුඩය හෝ වහන්සඟල ඇතුළත් වේ. තව ද මොවුන් අතුරෙහි අෂ්ටපරිෂ්කාර තෙමේ එයින්මැ සතුටු වෙයි. අන්‍යයෝ අසතුටු වෙති. වැඩිපුර ආශා ඇත්තවුන් මහා තණ්හාධිකයෝ යැයි නො කිවයුතුය. මොවුහු ද අපිස් බවින් සතුටු වූවාහු මැ සුහර වූවාහු මැ සැහැල්ලු පැවැතුම් ඇත්තාහු මැ වෙති. භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ සූත්‍රය ඔවුන් සඳහා නො වදාළහ. එය එසේමය. හෙතෙම කුඩා පිහිය ද, ඉඳිකටුව ද, පෙරහන ද, පාත්‍රය ඇතුළත තබා, පාත්‍රය උරහිස එල්වා, තුන්සිවුර ශරීරයෙහි පොරවා තමන් කැමති වූ යම්තැනකට සුවසේ නික්ම යයි. පෙරළා අවුත් ගතයුත්තක් ඔහුට නොවේ. මෙසේ මේ භික්ෂූන්ගේ සැහැල්ලු පැවැතුම් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ සන්තුට්ඨො හොති කාය පරිභාරිකෙන චීවරෙන ආදිය වදාළහ.