අපේ බුදුහාමුදුරුවෝ 47
දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත්වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු
නාරද බුදුහාමුදුරුවෝ 02
නාග දමනය
ඒ නාරද බුදුරජාණන් වහන්සේ ගේ කාලේ මහාදොණ කියලා නුවරක් තිබුණා. සමහරවිට ඒ නුවරට මහාදොණ කියලා නම් කරන්න ඇත්තේ දොණ කියලා මහා නාගරාජයෙක් ඒ නුවර හිටපු නිසා වෙන්න ඇති. ඒ නාග රාජයා මහත් ඍධි ඇති මහානුභාව සම්පන්න නාගරාජයෙක්. ඔහු හිටියේ ඒ ගමෙහි තිබුණු මහා විලක් අසලයි. ඒ නාගරාජයාට මේ ගම්දනවු වැසියන් මහත් භීතියෙන් බිලිපූජා පවත්වමින් ඇප උපස්ථාන කරමින් සිටියා. යම් හෙයකින් ඔහුට පවත්වනු ලබන බිලි පූජාවන්හි යම් අඩුපාඩුවක් වුවහොත් ඔහු තදින් කිපුණා. කිපි නිහඬව සිටියේත් නෑ. ඒ මුළු දේශයේම මහා නියඟයකින් හෝ මහවැස්සකින් හෝ බොරලු වරුසාවකින් විනාශ කරලා දැම්මා. ඒ නිසා මිනිස්සු හිටියේ හැමදාමත් භීතියෙන්. ඒ වගේම නිරන්තරයෙන්ම ඔහුට මිනිසුන්ව බිලිදීමත් සිදු වුණා. ඒ ජනපදවාසීන් විඳින්නා වූ ඒ මහත් චිත්ත පීඩාව භීතිය ඒ මහා කාරුණිකයාණන් වහන්සේ දිවසින් දැක්කා. ඒ වගේම ඔහු දමනයෙන් ඒ නගරවාසීන්ට ලැබෙන්නා වූ මහත් වූ සැනසීම ද ඒ සඳහා ඔවුනට හේතු සම්පත් ද ඇති බව දැක මහත් වූ බික්සඟන පිරිවරා ඒ ස්ථානයට වැඩම කරනු ලැබුවා.
ඒ නාග භවනට වැඩම කරන බුදු රජාණන් වහන්සේ දුටු මිනිසුන් උන් වහන්සේව නවතා ගැනීමට බොහෝ උත්සහ දරමින් මෙසේ කියන්නට වුනා.
“භාග්‍යවතුන් වහන්ස මෙහි ඝෝර විසැති උග්‍ර තේජස් ඇති මහා ඉර්ධි මහානුභාව ඇති නාරජෙක් වාසය කරනවා. ඔහු මිනිස්සුන්ව පෙළනවා. ඔබවහන්සේ එහි නොයා යුතුයි.”
භාග්‍යවතුන් වහන්සේ එය නොඇසුනාක් මෙන් ඉදිරියටම වඩින්නට වුණා. වැඩම කොට ඒ නා රජු හට සත්කාර සඳහා සකසන ලද අතිසුවඳැති මල් ඇතිරිල්ලේ වැඩවුන්නා. එවිට සියලු ම ගම්වැසියන් බුදුරජාණන් වහන්සේගේත් නා රජුගේත් යුද්ධය බලන්නෙමු යැයි කියා ඒ අවට රැස් වූනා. එවිට ඒ සර්ප නාගයා එසේ වැඩහුන් බුදුරජාණන් වහන්සේ දැක මකුබව නො ඉවසමින් දෘශ්‍යමාන කයින් පෙනීසිටිමින් දුම් දමන්නට වුණා. ඔහුට ඒ විසඳුමෙන් ගම්මානයක් වුවත් වනසා දැමිය හැකියි. බුදුරජාණන් වහන්සේත් එලෙස ඔහු වෙත දුමාරයක් නිකුත් කළා. ඒ ඔහු විනාශ කිරීමට නොවේ. දමනය කිරීමට. ඒ දුම් දහරාවෙන් නාගරාජයාගේ මුළුමහත් ශරීරයේම ඉමහත් වූ දාහයක් හටගෙන දැවී ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැල් වී ගියත් කිසිම අනතුරක් වුණේ නැහැ. ඔහු නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ වෙත විෂ දුමාරය එල්ල කරන්නට වුණා. බුදුරජාණන් වහන්සේත් ඔහු වෙත දුම් ජාලාවන් එල්ල කළා. දසබලයන් වහන්සේගේ ශරීරයෙන් එල්ල වූ දුම් දහරාවෙන් බොහෝ පීඩාවට පත් හෙතෙම තව දුරටත් සිරුරෙන් දුක් ඉවසිය නොහැකිව ඔහු මරන්නෙමි යයි සිතා විෂ ධාරාවන් බුදුරජාණන් වහන්සේ වෙතට එල්ල කරනු ලැබුවා. ඒ වේගයෙන් විඳින විසෙන් මුළු දඹදිවම වුනත් වැනසිය හැකියි. එහෙත් එබඳු විසකට වත් භාග්‍යවතුන් වහන්සේගේ රෝමයක් හෝ සොලවන්නට නොහැකි වුණා. බොහෝ වෙහෙසට පත් නාගරාජයා අවසානයේ ඇත්තෙන්ම මේ කවුරුන් දැයි විමසන්නට වුණා. දහවලදී සරා හිරුමෙන් ද රාත්‍රියේදී සඳු මෙන් ද පිරිපුන්ව නිරන්තරයෙන්ම බඹයක් පමණ සවණක් රසින් බබළන පහන් වදනින් යුත් ඒ භාග්‍යවතුන් වහන්සේ දැක පුදුමයි මේ මහා ශ්‍රමණයන් මහාර්ධිමත් ය. මම ඔහුගේ බල නොදැන වරදවා ගත්තෙමි. දැන් ඇති එකම විසදුම ඔහු සරණ යාමයි කියා භාග්‍යවතුන් වහන්සේගේ සරණ සෙවිය. එවිට නාරද මුනිරාජාණෝ ඒ නා රජු දමනය කොට එහි රැස්වූ රැස්වූ මහජනයාගේ සිත් පැහැද වීම සදහා යමක ප්‍රාතිහාර්ය කළ සේක. එදින නව කෙළක් ප්‍රාණීහු අරහත්වයේ පිහිටියා. එය දෙවන මහා ධර්මාවබෝධය ද වුණා.