අපේ බුදුහාමුදුරුවෝ 405 (සන්තිකේ නිදානය)
සුද්ධෝදන රජතුමා සෝවාන් ඵලයට පත්වීම 02
කල්ප ලක්ෂයකට එහායින් ලැබුන තරුණවියේදී නොමැරෙන රහස
ධර්මපාල මානවකයාගේ පරම්පරාවේ තරුණවියේ කිසිවෙකු නොමියන බව අසා දිසාපාමොක් ආචාර්ය වරයාද පුදුමයට පත්වුනා. ඔහු ඒ දිනවල සියල්ල දත් රටේ ප්‍රසිද්ධම අදුරු තුමාණන්. ඔහුත් ඒ රහස මොකක්ද කියලා දන්නේ නැහැ. ඔහු ධර්මපාල මනවකයාව කැඳවා ඒ කරුණ සත්‍යක්දයි පවසා සිටියා.
” දරුව, ධර්මපාලය, තොපගේ කුලයෙහි තරුණ කාලයෙහි නොමියත් යනු ඇත්තද? ආචාර්යතුමනි, ඇත්තයි.”
ඔහු ඒ ධර්මපාලගේ කථාව අසාමෙහෙම සිතුවා. “මොහු අතිශයින් පුදුම වූවක් කියයි. මොහුගේ දෙමාපියන් හමුවට ගොස් විමසා ඉදින් මෙය සත්‍ය නම් මමද එම ධර්මයම සම්පූර්ණ කරන්නෙමි”. ඔහු පුතාගේ අවසන් කටයුතු නිමකිරීමෙන් පසු පූර්න කළයුතු අනෙකුත් කටයුතු නිමකර සත්-අට දවසක් ඇවෑමෙන් ධර්මපාල කැඳවා “දරුව, මම බැහැර යන්නෙමි. ඔබ මා පැමිණෙන තෙක් මේ මානවකයන්ට ශිල්ප උගන්වන්න” කියා එක් එළුවෙකුගේ ඇට ගෙන සෝදා පසුම්බියක සකස් කොට එක් සුළු උපස්ථායෙකු සමග තක්‍ෂිලාවෙන් නික්මී පිළිවෙලින් එගමට පැමිණ මහාධර්මපාලගේ ගෙය කොහිදැයි විමසා ගොස් දොරටුව අසළ සිටගත්තා. බ්‍රාහ්මණයාගේ දාසයන් වූ මිනිසුන් අතර යමෙක් යමෙක් පළමුව දුටුවේද ඒ ඒ තැනැත්තා ආචාර්යයන්ගේ අතින් කුඩය ගත්ත. පාවහන ගත්ත. උපස්ථායකයාගේ අතින් පසුම්බිය ගත්ත. ඉන්පස්සේ ඉක්මනින්ම ඔබතුමාගේ පුතු වූ ධර්මපාල කුමාරයාගේ ගුරුවරයා දොරටුව අසළ ඔබ වෙනුවෙන් රැඳී සිටියි යනුවෙන් කුමාරයාගේ පියාට දදන්වනු ලැබුවා. මේ හදිසි පැමිණීම සම්බන්ධව ඔහුත් මවිතයට පත්වුණා. වේගයෙන් දොර මුලට දුව ගිය ඔහු පාදෙවීම් ආදී සියලු කටයුතු නිමකොට ගෙතුලට කැඳවා පළගෙහි හිඳුවා ප්‍රණීත කෑම බීම ආදියෙන් සංග්‍රහ කොට පැමිණි කාරණය විමසා සිටියා.
“බ්‍රාහ්මණය, ඔබගේ පුත් වූ ධර්මපාල කුමාරයා හරිම නුවණැත්තෙක්. පන්සියයක් මගේ ශිෂ්‍යයන් අතරින් දක්ෂම ශිෂ්‍යා. ඔහු ඉතාමත් ඉක්මනින්ම ත්‍රිවේදයන්හිද අටළොස් ශිල්පයන්ගේද නිමාවට පැමිණිය. එය එසේ වුවත් ඔහු එක් රෝගයකින් ජීවිතක්‍ෂයට පත් වුණා. සියළු සංස්කාරයෝ අනිත්‍යයි. සෝක නොකරන්න යනුවෙන් කියා සිටියේ ඔහුගේ ප්‍රතිචාරය කුමක් වේදැයි කුතුහලයෙන්. පියතුමා අතින් අත ගසා මහ සිනහවක් නැගුවා. බ්‍රාහ්මණය, කවරකින් සිනාසෙයිද? යි කී විට “මගේ පුතා නොමැරෙයි. අන් කිසිවෙක් මැරුනේ වන්නේය” යනුවෙන් දැඩි විශ්වාෂයෙන් යුතුව කියා සිටියා. එවිට දිසාපාමොක්, “බ්‍රාහ්මණය, ඔබගේ පුතාම මළේය. එහෙනම් ඔබගේ පුතාගේ ඇට දැක විශ්වාස කරන්න යනුවෙන් රැගෙන පැමිණි එළු අට පිටතට ගෙන මේ ඔබගේ පුතාගේ ඇටයි කීයා සිටියා. එවිට පියතුමා එක්වරම මේවා එළුවෙකුගේ හෝ සුනඛයෙකුගේ හෝ ඒවා වෙන්නට ඕනේ. මගේ පුතා කොහෙත්ම මැරෙන්නට විදිහක් නැහැ. අපගේ කුලයෙහි සත්වන පරපුර දක්වා තරුණ කාලයෙහි මැරුණ කෙනෙක් නම් නැහැ. ඔබ බොරු කියයි.” ඒ එක්කම සියල්ලෝම අතින් අත ගසා මහ හඬින් සිනාසුනා. ආචාර්ය තුමාට ඒ ආශ්චර්යය දැක සොම්නසට පත් වී “බ්‍රාහ්මණය, ඔබගේ කුල පරම්පරාවෙහි තරුණයන් නොමැරීම හේතු නැතිව වීමට නොහැකිය. කවර කරුණකින් ඔබගේ තරුණයෝ නොමියෙත්දැයි” ගාථාවකින් විමසා සිටියා. එයම තමයි ඔහුට දැනගැනීමට අවශ්‍ය වුණේ.
කිං තෙ වතං කිං පන බ්‍රහ‍්මචරියං, කිස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො;
අක‍්ඛාහි මෙ බ්‍රාහ‍්මණ එතමත්‍ථං, කස‍්මා නු තුම‍්හං දහරා න මීයරෙ”ති.
ඔබගේ ව්‍රතය කුමක්ද? උසස් හැසිරීම කුමක්ද? මේ විපාකය කවර සුචරිතයක් නිසාද? බ්‍රාහ්මණය. මේ කරුණ මට කියව. කුමක් හෙයින් තොපගේ තරුණයෝ නොමියෙත්ද?
පියතුමා මෙය අසා ගාථා නාමයකින් තරුණ වියේ අඩුආයුශයෙන් නොමැරී සිටීමට ඔවුන් අනුගමනය කල පිළිපදාව කියා සිටියා. මේ වචන මීට කල්ප ලක්ෂ ගාණනාවකට පෙර ප්‍රකාශ කරපුවා. විශ්වය අදටත් එයටගරුකරනවා ඇති. මෙම ජාතක කතාව මෙතන සඳහන් කිරීමෙනුත් මම බලාපොරොත්තු වුනේ ඔබටත් ඒ රහස හෙළිකිරීමට ඔබත් අද සිට අත්හදා බලන්න. මේ පිරිසිදු බුද්ද වචනයෙන්ම දෙසු බුද්ධ ශ්‍රිමුඛ දේශනා.
උපකාර වූ මුලාශ්‍ර
මහාධම්මපාල ජාතකය (447) කුදුගත් සඟිය අටුවාවජාතක අටුවාව. දසක නිපාතය