අපේ බුදුහාමුදුරුවෝ 37
මහපොළවෙන් අහසට එසවූ තම මාළිගාවද සිව් රඟ සේනාවද, හැත්තෑදහසක් වූ නළගනන්ද සමග අහසින් අභිනිෂ්ක්‍රමණය කල
සෝභිත බුදුහාමුදුරුවෝ 02
සෝභිත බුදුහාමුදුරුවෝ බුදුවෙලා මහා බ්‍රහ්මයාගේ ධර්මාරාධනයෙන් පසුව කාහට ප්‍රථමයෙන් ධර්ම දේශනා කරන්නේ ද කියලා බලන්නට වුණා. සිය සුළු මවගේ පුතු බාල සොහොයුරු වන අසම කුමරු ද සුනේත්ත කුමරු ද ධර්මය අවබෝධ කරගන්නා ගැඹුරු නිපුණ ඥානයෙන් ද, හේතු සම්පත්තියෙන් ද පිරිපුන් කුමාරවරුන් බව දැන ඔවුනට පළමුව ධර්මය දේශනා කරන්නට තීරණය කළා. ඉන් අනතුරු ව අහසින් වැඩි උන් වහන්සේ සුධම්ම උයනේ හි බැස උයන් පල්ලා ලවා දෙකුමාරවරුන් කැඳවා සිටියා. ඒ කුමාරවරුන් පැමිණියේ මහා ජන ගංගාවක් සමඟයි. ඔවුන් පිරිවරා පැමිණි ඒ මහා ජනකාය මාධ්‍යයේ ඒ මහා වීරයාණන් වහන්සේ ධර්මචක්‍ර ප්‍රවර්තනය කරනු ලැබුවා. උන්වහන්සේගේ ඒ පළමු ධර්ම දේශනයෙන් යම් ජනයෝ ධර්මය අවබෝධ කලාහු ද ඔවුන් ගණනින් මෙතෙකැයි කියා නිම කිරීමට හැකි නොවන බවයි අට්ඨ කථාවෙහි සඳහන් වන්නේ. එය උන් වහන්සේගේ ප්‍රථම ධර්ම ධර්මාභිසමය යි.
පසු කලෙක සුදුසුන් නුවර දොර චිත්‍ර පාඨලී රුක්මුල යමක ප්‍රාතිහාර්ය කොට නවරන්මිණි මුවා භවන වූ තව්තිසා භවනෙහි පරසතු රුක මුල පඬුපුල් සලසුනෙහි වැඩ හිඳ අභිධර්මය දේශනා කළා. ඒ දේශනාව කෙළවර අනූ කෙල දහසකට ධර්මය අවබෝධ වුණා. මේ දෙවන ධර්ම ධර්මාභිසමය යි
ඉන් මෑත භාගයේ දී සුදසුන් නුවර ජයසේන නම් රජ කුමරා යොදුනක් පමණ විහාරයක් කරවා අසෝක මල්, සපු, නා, දොඹ, මූණමල්, අඹ, කොස්, පියා සාල කුඹුක්, මී, අඹ, කණේරු, ආදී නිරන්තරයෙන් සශ්‍රීක දිව්‍ය විමානයක් බඳු උයනක් රෝපණය කොට බුදුපාමොක් බික්සඟන ට පූජා කළා. බුදු රජාණන් වහන්සේ දානානුමෝදනා කොට ත්‍යාග වර්ණනා කොට දහම් දේශනා කළා. එකල කෙළ දහසක් සතර වර්ගයාට ධර්මාවබෝධ වුණා. මෙය තෙවන අභිසමය යයි කියනවා.
නැවත උග්ගත නම් රජ සුනන්ද වතී නුවර සුනන්ද නම් විහාරය කරවා බුදු පාමොක් සඟනට පුදනු ලැබුවා . එම දානය දෙන අවස්ථාවෙහි දී ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලා කෙළ සියයක සන්නිපාතයක්. සෝභිත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මැද පාමොක් දේශනා කළා. මෙය ප්‍රථම සන්නිපාත යයි.
නැවතත් මේඛලා නුවර ධම්මඝනාරාම නම් උතුම් ආරාම විහාරයක් කරවා බුදු පාමොක් සඟනට පුදා සියලු පිරිකර සහිත දානයක් දුන්නා. ඒ දින එම සමාගමෙහි ඒ ඒහි භික්ෂූ භාවයෙන් මහණ වූ රහතන් වහන්සේලා හමුවේ සෝභිත බුදුරජාණන් වහන්සේ පාමොක් දේශනා කළා. මෙය දෙවන ශ්‍රාවක සන්නිපාතය යි.
භාග්‍යවතුන් වහන්සේ සක්‍ර පුරෙහි වස් වැස පවාරණය සඳහා යම් දිනෙක දෙව් ගණ පිරිවරා වැඩ සේක් ද එදා අසූ කෙළක් රහතුන් වහන්සේලා සමඟ සිව් වනක් පිරිස් රැස්වීමෙන් පවාරණය කරනු ලැබුවා. මෙය උන් වහන්සේගේ තෙවන සන්නිපාතය යයි යැයි කියනවා.
ඒ කාලයේ අප මහා බෝසතාණෝ උතුම් සුජාත නම් බමුණෙක් ව සිට සෝභිත භාග්‍යවතුන් වහන්සේගේ බණ අසා සරණයෙහි පිහිටා ඒ කෙල ගණනක් වූ බුදු පාමොක් සඟනට මහ දන් පුදනු ලැබුවා . ඒ දින සෝභිත බුදුරජාණන් වහන්සේ මොහු මතු දින ගෞතම නමින් බුදු වන බව ප්‍රකාශ කරමින් නියත විවරණ ලබා දුන්නා. එය අසා අප මහා බෝසතාණෝ බුදු රජාණන් වහන්සේලා නොවෙනස් වචන ඇත්තාහු යයි බුද්ධත්ව ප්‍රාප්තිය අර්ථකොට උදාන වාක්‍යය ප්‍රකාශ කරමින් උදම් අනනු ලැබුවා. නැවතත් ලොව දෙතිස් පෙළහර ඇතිවුනා. දෙවිවරු සාදු නද දුන්නා. එය දෙවු ලොවින් දෙවු ලොව පැතිර යමින් මේ නිමක් නැති විශ්වය සාදු කාරයෙන් ගිදුම් දුන්නා.
මහර්ෂීවූ සොභිත බුදුරදුන්ගේ උපන් නගරය ’’සුධම්ම’’ නම් වුනා. පියතෙම ’’සුධම්ම’’ රජතුමා. වැදූ මව් ’’සුධම්මා’’ නම් වූවා.
ඒ සෝභිත බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි වාසයකලා. . කුමුදය, කලීරය, පදුමය යන උතුම් තුන් පහයක් ලැබුවා.
මනාව සරසන ලද පිරිවර අඟනෝ සැත්තෑසය දහසක්. බිරින්ද ’’මඛිලා දේවිය’’ නම් වූවා. පුත් තෙම ’’සීහ’’ නම් වුනා.
පුරුෂොත්තමවූ ඒ බුදුරජතෙම සතර පෙර නිමිති දැක පහයෙන්ම මහබිනික්මන් කළා. සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යයෙහි හැසිර (හෙවත් ප්‍රධාන වීර්‍ය්‍යය කොට), ’’නා’’ රුකක් මුලදී සිව්සස් අවබෝධ කරනු ලැබුවා. (බුදුවිය.)
මහාවීරවූ සොභිත නම් ලෝනාහිමි වෙත බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුධම්ම’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වුවා.
මහර්ෂීවූ සෝභිත මුනිඳුන්ට ’’අසම’’ ද, ’’සුනෙත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම, ’’අනොම’’ නම් වී. ’’නකුල’’ ද, ’’සුජාතා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වුන්නා.
’’රම්ම’’ ද, ’’සුනන්ත’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. ’’නකුලා’’ ද, ’’සුජාතා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ.
සොභිත නම් මහ මුනිඳු පණස් අට රියනක් උස්වුනා. උදාහිරු මෙන් සියලු දිගුන් එකල හොබවනු ලැබුවා.
මල් පිපුණු මහ වනය නොයෙක් සුවඳින් යම්සේ සුවඳ කරණ ලද්දේද, එමෙන් උන්වහන්සේගේ සද්‍ධර්මය සිල් සුවඳින් සුවඳ කරනු ලැබුවා.
යම් සේ සාගරය දැකීමෙන් සෑහීමකට නොපැමිණේද, එපරිද්දෙන්ම උන්වහන්සේගේ සද්‍ධර්මය ඇසීමෙන් සෑහීමකට නොපැමිනුණා.
ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂ. ඒතාක් කල් වැඩසිටිමින් ඒ සෝභිත බුදුරජාණන් වහන්සේ බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කරනු ලැබුවා.
ඒ සෝභිත බුදුරජහු සෙසු ජනයා කෙරෙහි අවවාදද, අනුශාසනාද දී, ගින්නක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.
අසමවූ ඒ බුදුරජහුද සීලාදියෙන් බලයට පැමිණි ඒ ශ්‍රාවකයෝද, යන සියල්ල අතුරුදන් වීය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?
සොභිත නම්වු උතුම් සම්බුදුරජතෙම සීහාරාමයේදී පිරිනිවන්පානු ලැබුවා. ඒ ඒ පෙදෙස්හි ධාතු පැතිරවීම ද සිදුවුනා.