අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 185
පස්වග තවුසන් මුණගැසීම සහ ප්‍රධන් විර්යය ඇරඹීම.
පසුගිය ලිපි තුනෙන් ඔබ කියවනු ලැබුවේ අප මහා බුදුපියාණන් වහන්සේගේ අසුමහා ශ්‍රාවකශ්‍රාවිකාවන් අතරින් පළමුව දරමාවබෝධයට පැමිණි ප්‍රථම ශ්‍රාවකයාගේ කල්පලක්ෂයක පාරමිතා කාල පරිච්චේදය තුල අපහට හමුවුණු අත්මභාව දෙකක කතා වෘතන්තයක් පමණයි. අනෙකුත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් සැත්තෑ නව දෙනා ඇතුළු සිය දහස් ගණනකගේ චාරිතාපදාන, පාරමිතා, කැපකිරීම්, වීර්යය පිළිබඳව ඉදිරියේදී මා හට ජීවත්වන්නට අවසර ලත් කාලය තුල ඉඩ ප්‍රස්ථා ලැබෙන සැටියෙන් කියවන්නට ලැබේවි.
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම බොහෝ කලකට පෙර තපස් පැවිද්දෙන් පැවිදි වූ කොණ්ඩඤ්ඤ තවුසන් ප්‍රධාන පසවග මහණුන් පස් නමද ගම් නියම් ගම් රජදහන්වල ඇවිදිමින් තොරතුරු සොයමින් බෝසතාණන් වහන්සේ වැඩ සිටි පෙදෙස වෙත ක්‍රම ක්‍රමයෙන් ලන්ගාවන්නට වුනා .
බෝසතාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම.
ආලාර කාලාම, උද්දකරාම පුත්‍ර වෙත එළඹ ධාන්‍ය සම්පත්තීන් ලබාගෙන මෙය සත්‍ය අවබෝධය මාර්ගය නොවේ යැයි සිතු බෝසතාණන් වහන්සේද චාරිකාවේ හැසිරෙමින් සමාපත්ති භාවය ප්‍රමාණ වශයෙන් පිළි නොගෙන අලංකාර නොකොට සදේවක ලෝකයාට තමන්ගේ බල වීරිය මානසික ශක්තිය දැක්වීම සඳහා පධන් වීරිය වඩනු කැමැත්තෙන් සුදුසු පරිසරයක් සොයමින් නේරංජනා නදී තීරයට වැඩියා. එහි සුදුසු තැනක් සොයා පිය මණින උන්වහන්සේට ගලන මිණි කඳක් වන් නිමල් සිසිල් නිල් සිලිලෙන් හොබනා සිත්කලු නිල්දලා නදිය ද (නේරංජනා) එහි අද්දරැ සුපිපි මලින් සැදුණු රුක්ලියෙන් සැදුම්ලත් මනරම් බිම් පෙදෙස ද අනිත් පසෙහි විහිදැගිය මොනරපිල් කලඹක් වන් ප්‍රසාද ජනක වනලැහැබ ද හාත්පසැ නොදුරැ වූ සේනානී නිගමය ද දැක, “මේ නම් බවුන් වඩන යෝගීනට සුදුසු ම තැනැ යි නිශ්චය කොටගෙන එහි නැවතීමට තීරණය කළා. ඇත්තෙන්ම එම බිම බුද්ධත්වය ශාක්ෂාත් කරගැනීම සඳහාම ස්වාභාවධරමයෙන් ලැබුන තෑග්ගක් ලෙසයි මට සිතෙන්නේ.
මේ අප මහා බෝසතාණෝ සැරසෙන්නේ සෑම බුදුවරයෙකුම බුද්දත්වයට පැමිණීම සඳහා අවසාන වශයෙන් දරනු ලබන මහා විර්යය වැඩිමටයි. එම කාලයත් පාරමී පූරණය කරන කාල පරිච්චේදය මෙන්ම බුදුරජාණන් වහන්සේ නමකගෙන් බුදුරජාණන් වහන්සේ නමකට වෙනස්. ඒ සඳහා උපකාර කිරීමට පැමිණි පස්වග තවුසන් මෙහිදී මුණගැසුණේ ඒ සැමගේ පාරමිතා එකවර සඵල කරගැනීමටම වගේ කියලයි මට හිතෙන්නේ.
මේ අප මහා බෝසතාණෝ සැරසෙන්නේ සෑම බුදුවරයෙකුම බුද්දත්වයට පැමිණීම සඳහා අවසාන වශයෙන් දරනු ලබන මහා විර්යය වැඩිමටයි. එම කාලයත් පාරමී පූරණය කරන කාල පරිච්චේදය මෙන්ම බුදුරජාණන් වහන්සේ නමකගෙන් බුදුරජාණන් වහන්සේ නමකට වෙනස්. ඒ සඳහා උපකාර කිරීමට පැමිණි පස්වග තවුසන් ද බොහෝ කලක් සැරිසරමින් පැමිණ මෙහිදී මුණගැසුණේ ඒ සැමගේ පාරමිතා එකවර සඵල කරගැනීමටම වගේ කියලයි මට හිතෙන්නේ.
භාවනා වැඩීම
මෙසේ උරුවෙල් දනව්වෙහි නිල්දලා ගං තෙර වන පෙදෙසෙහි වෙසෙන මහ බෝසතාණෝ පළමුවෙන් ම මෛත්‍රී භාවනාව වැඩූහ. නොයෙක් විට වනයෙහි විසීමේ දුෂ්කරතා විමසනුවෝ, කායික වාචසික මානසික දුශ්චරිතාදිය වෙනෙහි වසන්නවුනට බියට හේතු යැ යි දුටුවා. තමන් තුළ ඒ කිසිදු ලාමක ගති නැති බැවින් බිය ගන්නට කරුණු නැතැ යි දුටුවා. මිනිසුන් අදහන පරිදි තුදුස්වක් අමාවක් පසොළොස්වක් අටවක් තිථින්හි අමනුෂ්‍යයන් බැල්ම හෙලන චෛත්‍ය වශයෙන් සලකන ලද රුක් වෙත ද වන පෙදෙස් වෙත ද රෑ ගොස් වෙසෙන උන්වහන්සේට මුවකු හෝ වෙන යම් එබඳු සතකු තමා වෙත එන නියාව ද කුරුල්ලකු ගසෙකින් ලී කැබැල්ලක් හෙලන නියාව ද සුළඟින් ගසකොළ සැලෙන නියාව ද දුටුවා. මිනිසුන් එහි ඇතැයි කියන භූත විකාර (හොල්මන්) මේවා නොවේ දැ යි සලකා බැලූවා.
පස්වැගි තවුසන් උපස්ථාන කළ ද බෝසතාණෝ හුදෙකලා වැ ඉඳීම ම රිසි කළහ. එහි වසන සමයෙහි ඒ සය නම ම පිඬු සිඟා වැඩියේ සෙනානි නිගමයට ය.
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතකට්ඨ කතාව සහ බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.