අපේ බුදුහාමුදුරුවෝ 140
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 35
මහජනයා පුදුමයට පත්වුණා. රැස් වූ නෑයන්ගෙන් මහා හඩක් උපන්නා. ඒ හඬ පර්වත මතට වැදී රැවු පිළිරැව් දුන්නා. පොළොව කම්පිත වුණා. ඒ කෙණෙහිම නැවතත් පොකුරු ජලදහර හොවමින් පොකුරු වැසි වැටුණා. එසද වෙසතුරු රජ නෑයන් හා සමග උද්දාමයට පත්වුණා. මුණුබුරෝද ලෙහෙලිද පුත්ද පියරජද මව්දේවියද එදින එකට රැස් වූවාහු ද අඩවාස ලොමුදැහැ ගැන්මක් වුණා. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ නගරවැසියෝ නියම්ගම් ජනපද වැසියෝ වෙසතුරු රජුගේ දෙපා ලග හඩා වැලප දේවයින් වහන්ස, ඔබවහන්සේ අපගේ නායකයා වෙත්වා. සියලු රටවැසියෝ වෙසතුරු රජුට හා මද්‍රි දේවියට වදිමින් ඔහු පාමුල වැටී මහරජතුමනි, ඔබ අපට අධිපති වන්න. ඔබ දෙදනා අපගේ රාජ්‍ය කරවයි ආයාචනා කලා. ඔබගේ පියා මෙහිම අභිෂේක කොට නගරයට කැදවාගෙන යනු කැමැත්තේ කුලසන්තක වූ ශ්වේතඡත්‍රය භාරගන්නයැයි ඉල්වා සිටියා.
වෙසතුරු කුමරු ඔටුන්න ප්‍රතික්ෂේප කිරීම.
මේ සියල්ල ඉවසීමෙන් අසාසිටි අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ තම පියරජු සමග කථා කරමින් මෙසේ පැවසුවා. “ඔබද දනව්වැසියෝද නියම්ගම් වැසියෝද එක්ව දැහැමින් රජකෙරූ මා රටින් නෙරපවනු ලැබුවා.” උන්වහන්සේ කිවේ එපමණ වූවත් කිවයුතු බොහෝ කරුණු එහි සඳහන්ව තිබ්බා. ඉන්පසු රජතුමා පුතණුවන්ගෙන් සමාව අයදිමින් ” පුත, අප විසින් අකටයුත්තක් කරන ලදී. මා විසින් රටෙහි අභිවෘද්ධිය නසන ලදී. මම සිවිරට වැසියන්ගේ වචනයෙන් ඔබව රටින් නෙරපූයෙමි.” ඉන්පසු තමාගේ දුක නැතිකර ගැනීම පිණිස ඉල්ලමින් මෙසේ කීවා. පුතණුවනි, යම්කිසි අයුරකින් තමා ජිවිතයද පුදා පියා හට උපන් දුක්ද මවට හා සොයුරියට උපන් දුක් ද පහකරන්නේද, එලෙසම දරුවකු විසින් ජීවිතය හැරදමා හෝ මව්පියන්ගේ ශෝකය දුක නැති කළ යුතුය. දරුව, එය සිතෙහි තබා තවුස්වෙස් අත්හැර රජවෙස් ගන්නැයි” කිවේ බැගෑපත්ව.
රජතුමා ඇතුළු සියලු රටවැසියන්ගේ ආරාධනයෙන් පසු යලිදු රජකම බාරගැනීම.
බෝධිසත්ත්වයන්වහන්සේ රාජ්‍ය කරනු කැමැත්තේ නමුත් මෙපමණක්ම නොකියූ දෙයෙහි සැලකිල්ලක් නැතැයි කීවා. ඉන්පසු රජතුමා මහා බෝධිසත්ත්වයන්වහන්සේට ආරාධනා කරනු ලැබුවා. බෝධිසත්ත්වයන්වහන්සේත් එය පිළිගනුලබුවා. ඉන්පසු ඔහුගේ ඉවසීම දැනගෙන සහජාත හැටදහසක් ඇමතිවරු මහරජතුමනි, දැන් ජලස්නානයට කාලයයි. රජස් දැලි ඉවත්කරන්න යැයි පවසනු ලැබුවා. බෝධිසත්ත්වයන්වහන්සේ ටික වේලාවක් ඉවසන්න යැයි කියා පන්සලට පිවිස තවුස් උපකරණ බැහැරකොට ඒවා තැන්පත් කර පන්සලින් නික්ම මේ මා විසින් මාස හතක් මහණදම් පිරූ තැන, පාරමිතා මුදුන්පත් කර දන් දී මහපොළොව කම්පා කළ තැන කියා පන්සලට තුන්වරක් පැදකුණු කර වැද, පසග පිහිටුවා වැද සිටියා. ඉන්පසු වෙසතුරු රජු රජස්කදැල් සෝදා, කපුවෝ හිසකෙස් රවුල් කැපීම් ආදියද කරනු ලැබුවා. සියළු ආභරණින් අලංකාර වූ ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් බබලන වෙසතුරු රජුව රාජ්‍යයෙන් අභිෂේක කරනු ලැබුවා.
වංකගිරියේ පැවැත්වූ සැණකෙළිය.
එතැන්පටන් ඔහුගේ යසස් මහත් විය. බැලු බැලු තැන කම්පා වෙයි. ස්තෝත්‍ර ගායකයෝ මංගල ගී ගායනා ගැයුවා. සියළු තූර්ය භාණ්ඩ ඔසවා ගත්තා. මහා සමුද්‍රය තුළ හෙණ ගිගුරුම් මෙන් නාද වෙන්නට පටන්ගත්තා. මේ සියලු කරදර වලටද පාරමිතා පූර්ණයටද එකසේ හේතුවූ ඒ දන්දුන් හස්ති රත්නය සුදානම් කර සමීපයට ගෙන ආවා. වෙසතුරු රජු උතුම් කඩුව පැළදගෙන තමන් උපන් දිනයේම උපන් ඒ සතුරන් නසන මංගල හස්තියා පිටට නැග්ගා. එවිටම සියලු අලංකාරයන්ගෙන් සැරසුණු සහජාත හැටදහසක් ඇමතියෝ ඔහු පිරිවරා ගත්තා. ඉක්බිති වෙසතුරු රජ සමග උපන් මනා දැකුම් ඇති සැටදහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවරාගත්තා. සිවි කන්‍යාවෝ රැස්ව මද්‍රි දේවිය නැහැවුවා. ඉන්පසු සිවි රජුගේ බිසෝවරුන් රැස්වී ඇයව නැවතවරක් සුවද පැනින් නාවනු ලැබුවා. මද්‍රි දේවියව අලංකාර කොට අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කර වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී මංගල වචන පවසන්නට වුණා. “වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනාද තොප පාලනය කෙරෙත්වා. ඒ දරුවෝද මව රකිත්වා. තවද සදමහරජ තොප රකීවයි” කියන්නට වුණා. මේ පිහිට ලදින් පෙර තමන් වනයෙහි විදි දුකද සිහිකොට රම්‍ය වූ වංකගිරි පර්වතය තුළ සැණකෙළි පවත්වන්නට වුණා. මද්‍රි දේවිය මේ පිහිට ලැබ පෙර තමා විදි දුක් සිහිකොට දරුවන් හා සමග සොම්නස් සිතැතිව සතුටටත් ආනන්දයටත් පැමිණියා. මීට පෙර තමන් වනයෙහි වාසය කිරීම් නැමැති කිලිටි සිහිකර වංකගිරි පර්වතය තුළ වෙස්සන්තර රජුගේ ආඥාව යැයි වැල් ඔතන ලද ආනන්දය භේරිය හසුරුවා සැණකෙළි පැවැත්වුහ. සතුටු සිත් ඇති පින්වත් මද්‍රි දේවිය දරුවන් පැමිණි සතුටු සිත් ඇතිව තව තවත් අතිශයින් සතුටු වුණා.