Skip to content

සැපයෙන් පහව ගියා වූ ස්ථානය අපාය නම් වේ.

අපාය භූමිය සතරකි. එනම්:—

  1. නිරය භූමිය
  2. තිරිසන් භූමිය
  3. ප්‍රේත භූමිය
  4. අසුර කාය භූමිය

අපාය භූමිය යනු සැප කිසිවක් නැති තැනය යන අර්ථයි. එක් ඇස් පිල්ලමක් හෙළන කාලයක් පමණකුදු සැපයක් නැතිව, අතිශය දුක්ඛයට පැමිණෙන හෙයින් නිරය යයි කියනු ලැබේ. කුසලාකුසල කර්මයන් හා එහි විපාකයන්ගේ ද දැනීමක් නැතිව ලොභයෙන් හා ද්වේෂයෙන් ද මුළා වී සත්ත්වඝාතනාදී අකුසල රැස්කළාවූ සත්ත්වයන් බොහෝ සෙයින් උපදින්නේ මේ නිරයයන්හී ය.