යම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් සුපටිපන්න නම් එම පුද්ගලයා සරණ යාම වරදක් නැත.
නමුත් පුද්ගලයෙක් ඒකාන්තයෙන් ම සැම කල්හිම කල්‍යාණ දැයි නිශ්චය කරගැනීම අසීරුය. පසු කලෙක වෙනස් විය හැකි බැවිනි.
භාග්‍යවතුන් වහන්සේ ගේ අවවාදයෙහි පිහිටන අප විසින් කළ යුත්තේ ;
භාග්‍යවතුන් වහන්සේ සහ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය ඒකාන්තයෙන් ම සරණ ගොස්,
එම ධර්මය අනුව ම කල්‍යාණ මිත්‍රයා තෝරා ගැනීම ය.
කල්‍යාණ මිත්‍රයා ද අපට සරණ වෙයි.
එනමුදු යම් ආචාර්ය වරයෙක් ඒකාන්තයෙන්ම සුපටිපන්න නම් ඔහු සංඝයා හොබවන බව සඳහන් වේ.
‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌ති. කතමෙ චත්‌තාරො?
භික්‌ඛු, භික්‌ඛවෙ, වියත්‌තො විනීතො විසාරදො බහුස්‌සුතො ධම්‌මධරො ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො සඞ්‌ඝං සොභෙති.
භික්‌ඛුනී, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති.
උපාසකො, භික්‌ඛවෙ, වියත්‌තො විනීතො විසාරදො බහුස්‌සුතො ධම්‌මධරො ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො සඞ්‌ඝං සොභෙති.
උපාසිකා, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති.
ඉමෙ ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌තී’ති
පුද්ගලයෙක් සරණ නොයන ලෙසට භාග්‍යවතුන් වහන්සේ අපට දෙන අවවාදය,
පුබ්බ නිමිත්ත සූත්‍රයෙහි සඳහන් වන්නේ,
දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට වෙනස් කළ නො හැකි සද්ධාවක් තථාගතයන් වහන්සේ කෙරෙහි ත් තථාගතයන් වහන්සේ ගේ ධර්මය කෙරෙහිත් ඇති කර ගන්නා ලෙසය
එම නිසා කල්‍යාණ මිත්‍රයා තෝරා ගැනීමේදී ත්,
තමාගේ ගමන නිවැරදි ද යන කාරණය පරීක්ෂා කිරීමේදී ත්
ධර්ම රත්නය ම නිර්නායකය වේ.
සැමකල්හි තමන්වද
තමන්ගේ ධර්ම දැනුම ද
තමන්ගේ භාවනා ප්‍රගතියද
තම ආචාර්ය වරයාද
තමන් ඉගෙන ගන්නා ධර්ම කාරණා ද
ධර්ම රත්නය අනුවම පරික්ෂා කර බැලීමෙන් නොමඟ නො යා නිවැරදි ලෙස නිවනට ලඟා වීමට පුළුවන.
සකලමෙවිදං, ආනන්‌ද, බ්‍රහ්‌මචරියං, යදිදං – කල්‍යාණමිත්‌තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්‌පවඞ්‌කතා
කල්‍යාණමිත්‌තතා – කල්‍යාණ මිත්‍රයන් ඇති බව
කල්‍යාණසහායතා – කල්‍යාණ මිත්‍රයන් අපට අනුකම්පා කරන බව ( අපගේ ශ්‍රද්ධාව ප්‍රමාණවත් ලෙස ඇත්නම් අපට කල්‍යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව ලැබේ )
කල්‍යාණසම්‌පවඞ්‌කතා – අප කල්‍යාණ මිත්‍රයන් දෙසට නැමී පවතින බව ( කල්‍යාණ මිත්‍රයන් අපට දෙන අවවාද ගෞරවයෙන් පිළිපදිමින් ශික්ෂාකාමී වීම )
මේ පාඨය අනුව අද බොහෝ දෙනෙක් ව්‍යවහාර කරන කාරණයක් වන
“කල්‍යාණමිත්‍රයන් නිසා මේ සාසනය පවතින්නේය” යන කරුණ අසම්පූර්ණ ය. සුනක්ඛත්ත භික්ෂුව වැනි අවාසනාවන්තයන් භාග්‍යවතුන් වහන්සේ ළඟින්ම ආශ්‍රය කල ද ප්‍රයෝජනයක් ගැනීමට නො හැකි ව ඇත.
එම නිසා නිවැරදිව එම ධර්ම කාරණය සඳහන් කළ යුත්තේ
“කල්‍යාණ මිත්‍ර සේවනය සහිත බව නිසා ත්,
කල්‍යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව ( ලැබීමට තරම් ම සුදුසු සද්ධාවක් ) සහිත බව නිසා ත්,
කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට ගෞරව සහිත ව දැඩි ඕනෑකමකින් ඒ දෙසට යොමුවී සිටින බව නිසා ත්,
මේ සියලු සාසනය පවතින්නේ ය” ලෙස ය.