“නවහි භික්ඛවේ අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං. උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං. කතමෙහි නවහි? න මනාපේන පච්චුට්ඨෙන්ති. න මනාපේන අභිවාදෙන්ති. න මනාපේන ආසනං දෙන්ති. සන්තමස්ස පතිගූහන්ති. බහුකම්පි ථෝකං දෙන්ති. පණිතම්පි ලූඛං දෙන්ති. අසක්කච්චං දෙන්ති නො සක්කච්චං. න උපනිසීදන්ති ධම්මසවනාය, භාසිතස්ස න රසීයන්ති ඉමෙහි ඛෝ භික්ඛවේ නවහි අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා. නාලං උපගන්තුං වා උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.”
මෙහි අදහස මෙසේ ය.
මහණෙනි, අංග නවයකින් යුක්ත වූ කුලය (පවුල) නො එළඹියේ නම් එළඹීමට ද, එළඹියේ නම් වැද හිඳීමට ද නුසුදුසු ය. කවර අඞ්ග නවයකින් ද යත්?
(1) භික්ෂූන් වහන්සේ දුටු කල්හි සතුටින් හුනස්නෙන් නො නැගී සිටිත් ද,
(2) සතුටින් නො වඳිත් ද,
(3) සතුටින් ආසනයක් නො දෙත් ද,
(4) ඇත්තා වූ දෙය සඟවත් ද,
(5) බොහෝ ඇත ද ස්වල්පයක් දෙත් ද,
(6) ප්‍රණීත දෑ ඇත ද අප්‍රණීත දෙයක් දෙත් ද,
(7) නො මනා කොට දෙත් ද,
(8) ධර්මශ්‍රවණයට එළඹ නො හිඳිත් ද,
(9) දේශනය කරන ධර්මයට සතුටු නො වෙත් ද,
මහණෙනි! මේ නවයක් වූ අංගයන්ගෙන් යුක්ත වූ කුලය නො එළඹියේ නම් එළඹීමට ද එළඹියේ නම් වැද හිඳීමට ද සුදුසු නො වන්නේ ය.