Meditation Programs
භාවනා වැඩසටහන් සඳහා සම්බන්ධ වන යෝගීන් සඳහා උපදෙස් මාලාව.
ඔබ සියලු දෙනා විසින් අවධාරණයෙන් ම ගත යුතු හා ඔබට අවශ්‍ය තොරතුරු පහතින් දැක්වෙයි.
- ලියාපදිංචි වීම.
ඔබතුමා / ඔබතුමිය විසින් පහළ ඇති විස්තර සම්පුර්ණ කරන්න ඒ අනුව නේවාසික භාවනා වැඩ සටහන් සඳහා සම්බන්ධ විය හැක. (පහළ ඇති පෝරමය පුරවන්න).
භාවනා වැඩසටහන සඳහා තෝරා ගන්නා ලද ඔබ වැඩසටහන ආරම්භ කරන දිනයේ සිට සෑම දිනක ම සේනාසනයේ තබා ඇති නාමලේඛනයේ ඔබගේ පැමිණීම සටහන් කළ යුතුයි.
- සිල් ඇඳුම.
- ඔබ සිල් සමාදන් වන බැවින් සිල් ඇඳුම අත්‍යවශ්‍ය වෙයි.
- එය විනිවිද නොපෙනෙන සිරුරට තද නොවන චාම් බව රැකෙන සංවර ඇඳුමක් විම.
- උතුරුසළුව භාවිතය කරන්නේ නම් මැනවි.
- අත් නිසි පරිදි ආවරණය වන ඇඳුමක් විම.
- සිල් රෙද්ද දිග එකක් විම.
- සුවඳ විලවුන් භාවිත කිරීමෙන් වැළකිම.
- කණකර ආභරණ වෙනත් වටිනා ද්‍රව්‍ය රැගෙන එමෙන් වළකින්න.
- ජංගම දුරකථන සහ මුදල් පසුම්බිය.
- භාවනා වැඩසටහනට පැමිණෙන ඔබ ජංගම දුරකථන, මුදල් පසුම්බි සහ වෙනත් වටිනා ද්‍රව්‍ය ලග තබා ගැනීමෙන් වැළකින්න.
- හදිස්සි අවස්ථාවක් දැනුම් දීම සඳහා සේනාසනයේ දුරකතන අංකය (045 313 4808 ) ලබා දෙන්න.
- සිල් සමාදන් වන බැවින් ඔබට අවශ්‍ය ද්‍රව්‍ය කලින් සපයා ගන්න.
- නිශ්ශබ්දතාවය සුරැකීම.
- නිශ්ශබ්දතාවය ඔබ විසින් සුරැකීම අනිවාර්ය හා අත්‍යවශ්‍ය කරුණක් බව සලකන්න.
- එකිනෙකා සමග ධර්ම සාකච්ඡා කිරීම, වගතුග විමසීම, රහසින් හෝ කතා කිරීම වැනි සියලු කතාවලින් සපුරා වැළකිය යුතුයි.
- නිශ්ශබ්දතාවය රැකීමට අපොහොසත් වන යෝගීන් වැඩසටහන් වලින් ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.
- දානය සහ ගිලන්පස.
- උදේ දානය, දහවල් දානය සහ ගිලන්පස සපයන අතර සිල් සමාදන් වී ඇති නිසා රාත්‍රි ආහාරයෙන් වැළකිය යුතුයි.
- නමුත් වෛද්‍ය හේතුන් මත ආහාර ලබා ගැනීමට අවශ්‍ය යමක් ඇත්නම් එය තමන් විසින් සපයා ගන්න.
- අවශ්‍ය වෙනත් දෑ.
ඔබ දැනට භාවිතා කරන ඖෂධ වර්ග හා පෞද්ගලිකව පරිහරණය කිරීමට අවශ්‍ය පහත දෑ ඔබ විසින් සම්පාදනය කරගන්න.
- භාවනා අසුන සේනාසනයෙන් සපයනු ලබන අතර අවශ්‍යතාව මත හුරුපුරුදු හා පහසු භාවනා අසුනක් රැගෙන එමට අවසර ඇත.
- පිඟන් කෝප්ප සේනාසනයෙන් සපයනු ලැබේ.
- රෙදි සේදීමේ දී හා වේලා ගැනීමේ දී ගැටලු ඇතිවිය හැකි බැවින් අදාළ දින ගණනට සරිලන සේ ඇඳුම් පැලඳුම් රැගෙන එම ඔබට වඩාත් පහසු විය හැක.
- එයට අමතරව එදිනෙදා භාවිත වන සබන්, දත් බෙහෙත්, දත් බුරුසු, ඇද ඇතිරිල්ලක් වැනි දෑ රැගෙන එන්න.
විශේෂ කරුණු.
සේනාසන භූමිය පිරිසිදුව තබා ගැනීම අප සැමගේ යුතුකමක් හා වගකීමක් බව විශේෂයෙන්ම සිහි තබා ගත යුතු කරුණක් බව කරුණාවෙන් සලකන්න.
තෙරුවන් සරණයි !
සංවිධායක මණ්ඩලය.
ධම්මහදය සේනාසනය.