Asu Maha Srawakayan Wahansela

අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා






පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි. 

එමෙන්ම මෙම “අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා” හි යම් වරදක් අඩුපාඩුවක් වූවානම් මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

සිංහල ථෙර ගාථා – අට්ඨකථාවේ ඇති කරුණු උපුටා ගෙන.

අප ඔබ වෙත මෙසේ පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!!!

පෙර බුදුවරයන්, පසේ බුදුවරයන් වහන්සේලා හා ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පින් කිරීම් වශයෙන් පැවති ශ්‍රාවක පාරමිතා සංඛ්‍යාත අපදානයක් ඇත. ඔවුහු සාපදාන නම් වෙති.
යම් සේ වනාහි අපදාන පාලියෙහි සඳහන් තෙරවරු මෙනි. යමෙක්හට එය නැත්තේද ඔවුහු අනපදාන නම් වෙති.

කිම වනාහි සියල්ලෙන් සියල්ල පෙර හේතු වාසනා හේතුවෙන් මිස සත්‍යය අවබෝධයක් ඇතිවන්නේද? ඇති නොවේ. උපනිශ්‍රය සම්පත්තියක් නැත්තහුට ආර්ය මාර්ග අවබෝධයක් සිදු නොවේ. එය අතිශයින් දුෂ්කර ලඟාවිය නොහැක්කක් බැවිනි. මෙසේ කියා ඇත. මහණෙනි! කුමක් හඟින්නහුද? කවරක් නම් අතිශයින් දුෂ්කරද? ලඟාවීමට අපහසු ද යනාදී ලෙස. ඉදින් කුමක් නිසා මෙසේ කියන ලදද? යමකුට වනාහි එය නැද්ද ඔවුහු අනපදාන නම් වෙතිද? මෙය මෙසේ නොදත යුතුයි. ‘යමෙක් වනාහි සම්පූර්ණයෙන් උපනිශ්‍රය සම්පත්තියෙන් තොරද ඔවුහු අනපදානා’ නම් වෙති. එබඳු අය මෙහිදී අදහස් නොකෙරේ. යම්කෙනෙකුට වනාහි අතිශයින් උසස් තත්ත්වයට ගිය අපදානයක් නැද්ද ඔවුහු මෙහි අනපදානා යැයි කියති. සර්වප්‍රකාරයෙන්ම උපනිශ්‍රය රහිතයෝම නොවෙත්. එසේම මේ සත්ත්වයෝ බුද්ධෝත්පාදයක ආශ්චර්ය වූ නොසිතිය හැකි වූ ගුණ සමුදාය විසිරීගිය බුදුවරුන්ගේ ආනුභාව දකින්නාහු ලෝකයේ හතරෙන් කොටසක් පමණ සැමදාම පැහැදෙන්නාහු බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ලබත්. එසේම බණ ඇසීමෙන් ශ්‍රාවකයන්ගේ මනා ප්‍රතිපත්ති දැකීමෙන් කවදා හෝ මහාබෝධි සත්ත්වයින් සම්මා සම්බෝධිය සඳහා විවරණ ගැනීමෙන් දැකීමෙන් ඔවුන්ගේ සමීපයෙහි අවවාද අනුශාසනා ලැබීමෙන් සද්ධර්මයෙහි ශ්‍රද්ධාවක් උපදවා ගනිත්. ඔවුහු එහි ලබන ලද ශ්‍රද්ධාව ඉදින් සසරේ හා නිවනේ ආදිනව ආනිශංස දකිත්. මහාරජස් ඇති බැවින්ද නිර්වාණය අවබෝධ නොකළ බැවින්ද අතරින් පතර සසරට පිහිටවන කුසල බීජයක් තම සන්තානයෙහි වගාකර ගනිත්. සප්පුරිසයන් ලැබීමේ වාසනාව නිසා ඒ නිසා කියන ලදී. ඉදින් මේ භාග්‍යවතුන් වහන්සේගේ සසුන නොලැබී ගියහොත් අනාගතයෙහි උන්වහන්සේ ඉදිරියෙහි හෙන්නෙමු. යම්සේ මිනිස්සු ගඟකින් එතෙරවන්නාහු අනිත් ඉවුරේ ඇති තොටුපල අත්හැර පහළ ඇති තොටුපලක් ගෙන මහානදිය තරණය කරත්. එපරිද්දෙන් අපි සැවොම ඉදින් මේ බුදුන්වහන්සේ මගහරින්නෙමු නම් අනාගතයෙහි උන්වහන්සේගේ පාලඟ වැටෙන්නෙමු. මෙසේ නිවන සඳහා උපන් කුසල් සිත සතසහශ්‍රයක් අධික කොට ඇති අසංඛ්‍ය සතරක් කාලයාගේ අතරෙහි නිර්වාණ අධිගමය සඳහා වාසනා මහිමයක් නැත්තේයැයි කිව නොහැක. පළමුව ප්‍රාර්ථනා වශයෙන් අධිෂ්ඨාන තබාගත යුතුයි.



මෙපරිද්දෙන් මේ අග්‍රශ්‍රාවක දෙනමත්, මහා ශ්‍රාවකයනුත්,
ප්‍රකෘති ශ්‍රාවකයනුත් යනුවෙන් තුන් ආකාරය. ඔවුන් අතුරෙන් 


 
 
 

අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ – චිරරාත්‍රඥ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි අග්‍ර වෙයි.

වප්ප මහරහතන් වහන්සේ –

භද්දිය මහරහතන් වහන්සේ –

මහානාම මහරහතන් වහන්සේ –

අස්සජී මහරහතන් වහන්සේ –

නාළක මහරහතන් වහන්සේ – මොනෙය්‍ය පිළිවෙතපිරූ භික්‍ෂූන් අතුරෙහි අග්‍ර වෙයි.

යස මහරහතන් වහන්සේ –

විමල මහරහතන් වහන්සේ –

සුබාහු මහරහතන් වහන්සේ –

පුණ්ණජි මහරහතන් වහන්සේ –

ගවම්පති මහරහතන් වහන්සේ –

උරුවෙල කස්සප මහරහතන් වහන්සේ –

නදීකස්සප මහරහතන් වහන්සේ –

ගයාකස්සප මහරහතන් වහන්සේ –

සාරිපුත්ත මහරහතන් වහන්සේ – මහත් ප්‍රඥාවෙන් යුක්ත ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි අග්‍ර වෙයි.

මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේ – මහත් සෘද්ධියෙන් යුක්ත ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි අග්‍ර වෙයි.

මහාකස්සප මහරහතන් වහන්සේ – ධුතවාදී භික්‍ෂූන් අතුරෙන් තෙමේ අග්‍රයයි.

මහාකච්චායන මහරහතන් වහන්සේ – සැකෙවින් කියනලද ධර්‍මයාගේ අත්‍ථර්‍ය විස්තර වශයෙන් බෙදා දක්වන්නවුන් අතුරෙන් අග්‍ර වෙයි.

මහාකොට්ඨික මහරහතන් වහන්සේ – පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරින් අග්‍ර වෙයි.

මහාකප්පින මහරහතන් වහන්සේ

මහාචුන්‍ද මහරහතන් වහන්සේ

අනුරුද්ධ මහරහතන් වහන්සේ – දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍ර වෙයි.

කංඛාරෙවත මහරහතන් වහන්සේ – ධයානයෙහි සිත් ඇල්වූවන් අතුරෙන් අග්‍ර වෙයි.

ආනන්‍ද මහරහතන් වහන්සේ

නන්‍දක මහරහතන් වහන්සේ

භගු මහරහතන් වහන්සේ

නන්‍ද මහරහතන් වහන්සේ

කිම්බිල මහරහතන් වහන්සේ

කාලි ගොධාවගේ පුත් භද්දිය මහරහතන් වහන්සේ – උසස්කුලයෙහි උපන්නවුන් අතුරෙන් අග්‍ර වෙයි.

රාහුල මහරහතන් වහන්සේ – ශික්‍ෂාකාමීන් අතුරෙන් අග්‍ර වෙයි.

සීවලි මහරහතන් වහන්සේ – ලාභී භික්‍ෂූන්වහන්සේ අතුරින් අග්‍ර වෙයි.

උපාලි මහරහතන් වහන්සේ

දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ – සෙනසුන් පනවන්නවුන් අතුරෙන් අග්‍ර වෙයි.

උපසෙන මහරහතන් වහන්සේ – සියල්ලන් පහදවන්නවුන් අතුරෙන් අග්‍ර වෙයි.

ඛදිරවනියරෙවත මහරහතන් වහන්සේ – අරණ්‍යකයන් අතුරෙන් අග්‍ර වෙයි.

පුණ්ණමන්තානිපුත්ත මහරහතන් වහන්සේ – ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍ර වෙයි.

පුණෙණාසුනාපරන්ත මහරහතන් වහන්සේ

සොණකුටිකණ්ණ මහරහතන් වහන්සේ – මිහිරිවදන් ඇත්තවුන් අතුරෙන් අග්‍ර වෙයි.

සොණකොළීවීස මහරහතන් වහන්සේ – පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තවුන් අතුරෙන් අග්‍ර වෙයි.

රාධ මහරහතන් වහන්සේ

සුභූති මහරහතන් වහන්සේ – අරණවිහාරීවූ ද දක්‍ඛිණෙය්‍ය අතරින් අග්‍ර වෙයි.

අංගුලිමාල මහරහතන් වහන්සේ

වක්කලී මහරහතන් වහන්සේ – අධිකශ්‍රද්ධා ඇත්තවුන් අතුරින් අග්‍ර වෙයි.

කාළුදායී මහරහතන් වහන්සේ

මහාඋදායී මහරහතන් වහන්සේ

පිලින්‍දිවච්ඡ මහරහතන් වහන්සේ – දෙවියන්ට ප්‍රිය මනාපවූවන් අතුරෙන් අග්‍ර වෙයි.

සොභිත මහරහතන් වහන්සේ

කුමාරකස්සප මහරහතන් වහන්සේ – විචිත්‍ර කථිකයන් අතුරෙන් අග්‍ර වෙයි.

රට්ඨපාල මහරහතන් වහන්සේ – ශ්‍රද්ධාවෙන් පැවිදිවූ කුලපුතුන් අතුරින් අග්‍ර වෙයි.

ප්‍රතිභාන ඇත්තවුන් අතුරින් අග්‍ර වෙයි. – වංගීස මහරහතන් වහන්සේ

සභිය මහරහතන් වහන්සේ

සෙල මහරහතන් වහන්සේ

උපවාණ මහරහතන් වහන්සේ

මෙඝිය මහරහතන් වහන්සේ

සාගත මහරහතන් වහන්සේ

නාගිත මහරහතන් වහන්සේ

ලකුණ්ටකභද්දිය මහරහතන් වහන්සේ – මිහිරි හඬ ඇති භික්‍ෂූන්ගෙන් අග්‍ර වෙයි.

පි‍ණ්ඩොලභාරද්වාජ මහරහතන් වහන්සේ – සිංහනාදය ඇත්තවුන් අතුරෙන් අග්‍ර වෙයි.

මහාපන්‍ථක මහරහතන් වහන්සේ – සඤ්ඤා විවට්ට කුසලයන් අතුරෙන් අග්‍ර වෙයි.

චූලපන්‍ථක මහරහතන් වහන්සේ – මනොමය ශරීරයන් නිර්‍මාණය කරන්නවුන් හා චෙතොවිවට්ට කුසල් ඇත්තවුන් අතුරෙන් අග්‍ර වෙයි.

බක්කුල මහරහතන් වහන්සේ

කුණ්ඩධාන මහරහතන් වහන්සේ – පළමුව සලාකය ගන්නවුන් අතුරෙන් අග්‍ර වෙයි.

දාරුචීරිය මහරහතන් වහන්සේ – වහාලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අග්‍ර වෙයි.

යසොජ මහරහතන් වහන්සේ

අජිත මහරහතන් වහන්සේ

තිස්සමෙත්තෙය්‍ය මහරහතන් වහන්සේ

පුණ්ණක මහරහතන් වහන්සේ

මෙත්තගු මරහතන් වහන්සේ

ධොතක මහරහතන් වහන්සේ

උපසීව මහරහතන් වහන්සේ

නන්‍ද මහරහතන් වහන්සේ

හෙමක මහරහතන් වහන්සේ

තොදෙය්‍ය මහරහතන් වහන්සේ

කප්ප මහරහතන් වහන්සේ

චතුකණ්ණි මහරහතන් වහන්සේ

භද්‍රාවුධ මහරහතන් වහන්සේ

උදය මහරහතන් වහන්සේ

පොසාල මහරහතන් වහන්සේ

මොඝරාජ මහරහතන් වහන්සේ

පිංගිය මහරහතන් වහන්සේ

 
 

කුමක් නිසා මේ රහතන් වහන්සේලාට පමණක් මහාශ්‍රාවකයැයි කියත්ද? ප්‍රාර්ථනාවේ මහත් බව අනුවය. ඒ නිසාම අග්‍රශ්‍රාවක දෙනමද මහාශ්‍රාවක කොටසට අඩංගු වෙති. උන්වහන්සේලා වනාහි ශ්‍රාවක පාරමීඥානය සාර්ථක කරගැනීම සඳහා ශ්‍රාවකයන් අතර අග්‍ර වූ ධර්මයන් අවබෝධ කරගැනීමෙන් අග්‍රස්ථානයෙහි සිටියා වූද ප්‍රාර්ථනාවන්ගේ මහත්බව සමාන හේතුවෙන් මහා ශ්‍රාවකයෝ යැයි කියති. ප්‍රකෘති ශ්‍රාවකයන්ගෙන් ඉතිරි අය වනාහි කරන ලද මහත්වූ ප්‍රාර්ථනා ඇත්තේය. එසේ උන්වහන්සේලා පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තාහු එයින්ම විශේෂ වශයෙන් අභිඤ්ඤා සමාපත්තිවල වශීප්‍රාප්ත වූවහුගේ විවිධ වූ පටිසම්භිදාවද සියළුම රහතන් වහන්සේලා සීල විශුද්ධි ආදිය සපයා සතර සතිපට්ඨානයන්හි පිහිටි සිත් ඇත්තාහු සප්ත බොජ්ඣංගයන් ඇති පරිදි වඩා මාර්ග පිළිවෙලින් සම්පූර්ණයෙන් කෙලෙස් ක්‍ෂය කර අග්‍රඵලයෙහි පිහිටත්. එසේම යම්සේ ශ්‍රද්ධාවෙන් තොරව දිට්ඨින්ට පත්වූවහුගේ ප්‍රඥාවෙන් තොර බැවින්ද දෙපාර්ශ්වයෙන්ම මිදුනහුගේ පූර්වභාග භාවනා විශේෂය ඒකාන්තයෙන් බලාපොරොත්තුවීම විශේෂයි. මෙසේ විවරණයේ මහත් බැවින්ද පූර්වයෝග මහත් බැවින්ද තමන්ගේ සන්තානයෙහි අතිශය ගුණ විශේෂයක් නිෂ්පාදනය කළ බැවින්ද සීලාදි ගුණයන්ගේ මහත්බව නිසාද මහා ශ්‍රාවක යැයි කියති. ඔවුන් අතර යම් ඒ කෙනෙක් බෝධිපාක්‍ෂික ධර්මයන්හි ප්‍රමුඛභාවයෙන් ධුරබවට පත්වූ සම්මාදිට්ඨි හා සම්මා සමාධීන්ගේ අතිශය කෘත්‍යභාව නිෂ්පත්තිය සඳහා කාරණ වූ විවරණය බර බැවින් මනාව බොහෝ කලක් නිරන්තරයෙන් තැන්පත් වූ මනා ප්‍රතිපත්තියෙන් පිළිවෙලින් ප්‍රඥාවෙහිද සමාධියෙහිද උසස්ම තත්ත්වයට පත්වීම නිසා සුවිශේෂී සියළු ගුණයන්හි අග්‍රභාවයෙහි පිහිටි. ඒ සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා ඇති කල්හිද මහා ශ්‍රාවක බවෙහි ශ්‍රාවක පාරමිතාවන්ගේ මතුයෙහි සියළු ශ්‍රාවකයන්ට අග්‍රස්ථානයේ සිටි බැවින්, විවරණයේ මහත් බැවින්ද පූර්වයෝග මහත් බැවින්ද අග්‍රශ්‍රාවකයැයි කියත්. යම් ඒ ආර්යශ්‍රාවකයෝ වනාහි අග්‍ර ශ්‍රාවකයන් මෙන්ද මහාශ්‍රාවකයන් මෙන් සීමාවක් නැති බැවින්ද ඉක්බිති නොයෙක් සියදහස් ගණන් වූ ඒ ප්‍රකෘති ශ්‍රාවකයෝ වෙති. මේ පෙළෙහි ඇතුළත් අය වනාහි ගාථා වශයෙන් අඩංගු කළ බැවින් සීමාවක් සහිතය. එසේ නමුත් මහාශ්‍රාවකයන්ගෙනුත් ඇතැමෙක් මේ පෙළෙහි අඩංගු නැත.

 

Submit a Comment

Your email address will not be published. Required fields are marked *